
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES
චීනය, 'කැප්ටන් ඇමෙරිකා' චරිතය මෙන් වූ තමන්ගේ ම මාදිලියක් නිර්මාණයට උත්සාහ දරනවා ද? ඇමෙරිකානු බුද්ධි තොරතුරු නම් කියා සිටින්නේ එවැන්නක්. නමුත් අතිශයෝක්තියෙන් ඔබ්බට ගිය විට, 'සුපිරි සෙබළෙක්' නිර්මාණය කිරීමේ හැකියාව එතරම් අමුත්තක් නොවන අතර ම ඒ සඳහා උනන්දුව දක්වන්නේ චීනය පමණක් ම නොවේ.
අන්‍යයන්ට වඩා උසස් තැනකට ඒම වෙනුවෙන් ලෝකයේ හමුදා නව තාක්ෂණික අත්හදා බැලීම්වලට නිතර යොමුවනවා.
උදාහරණයකට 'ඩක්ට් ටේප්' (duct tape) නමින් හැඳින්වෙන වෙලුම් පටිය දෙස හැරෙමු. එය ඇමෙරිකාවේ ඉලිනොයි හි පිහිටි යුද්ධෝපකරණ කම්හලක සේවිකාවක ගෙනා යෝජනාවක ප්‍රතිඵලයක්. දෙවෙනි ලෝක යුද සමයේදී ඇයගේ පුතුන් නාවික හමුදාවේ සේවයේ යෙදී සිටියා.
ඒ කාලයේදී පතුරම් පෙට්ටි මුද්‍රා තැබීමට යොදා ගත් වහා කැඩී යන සුලු කඩදාසි පටි නිසා, වෙඩි ප්‍රහාර මැද සෙබළුන් අපහසුතාවලට ලක්වෙනු දැක කණස්සලු වූ වෙස්ටා ස්ටවුඩ්ට් හට විසඳුමක් හමුවුණා. ඒ, ජලයට ඔරොත්තු දෙන රෙදි පටියක්. තමන්ගේ යෝජනාවට සිය වැඩ පරීක්ෂකයින්ගෙන් සහයෝගයක් නොලැබෙන බව දුටු තැන ඒ ගැන ජනාධිපති රූස්වෙල්ට් වෙත දන්වා යැවුවා. එහි ප්රථිඵලය වුණේ වෙස්ටාගේ අදහස යථාර්ථයක් බවට පෙරලන ලෙස ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලැබීමයි.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා 2014 වසරේ දී නව වැඩපිළිවෙලක් ගැන නිවේදනයක් කරමින් "අපි 'අයන් මෑන්' (Iron Man) නිර්මාණය කරමින් සිටින බව ප්‍රකාශ කරන්නයි මෙතැනට ආවේ" යි ජනමාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා.
එහිදී සිනහ මතුවුවත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බරපතල වූවක්. එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇමෙරිකානු හමුදාව ඒ වනවිටත් වැඩ ආරම්භ කර තිබුණා. ඒ, 'ටාලෝස්' (Talos - Tactical Assault Light Operator Suit) නමින් හැඳින්වෙන ආරක්ෂිත ඇඟලුමක්. එය ඇඟලු පුද්ගලයෙක් සතුරු ස්ථානයකට ඇතුලුවෙන ආකාරය හා ඇඳුමේ සන්නාහයේ වැදී ඉවතට වෙඩි උණ්ඩ යන ආකාරයක් නිරූපණය කෙරෙන වීඩියෝ ක්‍රීඩාවක් වැනි ප්‍රවර්ධනාත්මක දර්ශන පෙළක් ද එහිදී ප්‍රදර්ශනය කෙරුණා.
'අයන් මෑන්' බිහිවන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. නමුත් වසර 5 කදී එම වැඩපිළිවෙල හමාර වෙද්දී එහි නිර්මාපකයින්ගේ අපේක්ෂාව වූයේ අදාළ ඇඟලුමේ කොටස් අනාගතයේදී වෙනත් ආකාරයකින් භාවිත කෙරෙනු ඇති බවයි.

ඡායාරූප මූලාශ්‍රය,USSOCOM
ඡායාරූප ශීර්ෂ වැකිය,
එක්සත් ජනපදය සිහින මැවූ සිය 'ටාලෝස්' නම් බාහිර සැකිල්ල ප්‍රවර්ධන වීඩියෝවකින් පෙන්වූ ආකාරය