සුමන සූත්‍රයේ සඳහන් කවුද මේ දියසෙන් කුමරු කියන්නේ ? දියසෙන් පුරාවෘතයේ අභිරහස..😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    6,017
    7,819
    113
    Hambanthota
    කවදාහෝ ලංකාව සියලු අර්බුදවලින් බේරගෙන ලෝක බලවතෙක් බවට පත්කරනවාය කියන දියසෙන් කුමාරයා කියන්නේ කවුද? මේ ජනප්‍රවාදයේ ඉතිහාසය සහ ව්‍යාප්තිය කොහොමද?ගෝලීය ජනශ්‍රැති දියසෙන් කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? එන්න අපි කතාකරමු..:oops:

    දියසේන කතාවේ ආරම්භය

    මේ දියසේන කතාවේ ආරම්භය කෝට්ටේ යුගය වෙනකන් දිව යනවා. කෝට්ටේ යුගයේ හයවැනි පැරකුම්බා රජු වර්ණනා කරමින් ලියැවුණු ප්‍රශස්ති ග්‍රන්ථයක් වන පැරකුම්බා සිරිතේ මේ දියසේන සංකල්පය මුලින්ම අපට මුණගැහෙනවා. මේ ග්‍රන්ථයේ එක් තැනක ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට ගොස් පැමිණෙන බමුණකු සහ මගියෙකු අතර ඇතිවන සංවාදයක් කවියෙන් විස්තර කෙරෙනවා. ඒ මෙන්න මේ විදිහට..

    “කියග මගිය එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා

    නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසි නා

    ගිය කලැ දෙදෙහස්‌ පන්සිය රජකු එතැයි දිය නා

    කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදි නා”

    මේ කවියෙන් කියවෙන විදිහට බුද්ධ වර්ෂ දෙදහස් පන්සීයේ දී හයවන පරාක්‍රමබාහු රජු දියසේන නමින් පුනර්භවය ලබනවා. @පෝරිසාදයා උගතුන් නම් කියන්නේ මේ කවියේ සඳහන් වෙන “දියනා” කියන වචනයෙන් දියසෙන් කියන වචනය හැදුනයි කියලා. මේ දියසෙන් සංකල්පයෙහි ආරම්භකයා කවුද කියල නම් ස්ථීරවම කියන්න අමාරුයි. ඒ මේ පැරකුම්බා සිරිතේ කතෘවරයා කවුද කියලා කියන්න සඳහනක් නොමැති නිසා.

    සුමන සූත්‍රයෙන් විකාශනය වුනු දියසේන සංකල්පය

    දියසේන සංකල්පය විකාශනය වෙන්න ගන්නෙ මහනුවර යුගයේදී. ඒ කාලයේදී ත්‍රිපිටකයට අයත් නොවන සුමන සූත්‍රය කියලා සූත්‍රයක් පටන් ගන්නවා. මේ සූත්‍රය ලියවිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දිවා ගුහාවේ දිවා විහරණය කරමින් සිටින අවස්ථාවේදී සුමන සමන් දිව්‍ය රාජයාට දේශනා කරපු සූත්‍රයක් විදියට. මේ සූත්‍රයට අනුව බුද්ධ වර්ෂ 2500 දී දියසෙන් නමැති රජ කෙනෙක් ලංකාවේ ඉපදිලා මුළු ලෝකය ම තමන්ගේ වසඟයට ගන්නවා. ඔහු අනුරාධපුර නගරය ප්‍රතිසංස්කරණය සිද්ධ කරනවා. @maxtalker මේ සුමන සූත්‍රය පසුකාලීනව ලියැවුණු එකක් කියන්න සාධක සූත්‍රය ඇතුළතින් හමු වෙනවා. ඒ ලංකාවට සිදුවුණු ඕලන්ද ආක්‍රමණ ගැන විතරක් මේ සූත්‍රයේ සඳහන් වීම නිසා. @Thilina123

    අවසන් නිගමනය

    👉බුද්ධ වර්ෂ 2500 දි ඉපදුනා කියන්නේ අදින් වසර 68 කට කලින් ඒ කියන්නේ 1956 ඉපදිච්ච කෙනෙක් වෙන්න ඕනේ මෙයා..

    👉රනිල් ඉපදුනේ 1949 දී..

    සජිත් ඉපදුනේ 1967 දී..
    අනුර ඉපදුනේ 1968 දී...

    👉මේ අනුව 1956 - 1949 ක් අඩු උනාම වෙනස අවුරුදු 7යි..මේ අනුව බැලුවම රනිල් තමයි දියසෙන්.. ඒත් අද වෙනකම් රනිල් අනුරාධපුරය සංවර්ධනය කලේ නෑ ( මේ නූලෙන් පස්සේ ඌ ඒක සංවර්ධනය කලත් ඒක වලංගු නෑ )..රනිල්ට කවදත් බෞද්ධ සිංහල හැඟීමක් තිබ්බේත් නෑ.. ඒ නිසා දියසෙන් කියන්නේ රනිල් නෙමේ...:no:
    @monson @EVC @kasunkaru

    👉සාමාන්යයෙන් ලංකාවේ ජනාධිපතිවරු එගොල්ලන්ගේ පලාත වැඩියෙන් සංවර්ධනය කරනවා.. උදාහරණ විදිහට මහින්ද හම්බන්තොට සංවර්ධනය කලා.. @John Dutton @tharakaf @netudara සිරිසේන පොලොන්නරුව සංවර්ධනය කලා. @2osama මේ අනුව අනුරාධපුරෙන් ඉපදිලා තියෙන්නේ අනුර විතරයි.. සජිත් කොළඹ.. @kukku baba @Mr.Wikirana ඒ අනුව අනුර අනුරාධපුරය දියුණු කරයි කියලා හිතන්න පුලුවන්.. මේ අනුව දියසෙන් තමයි අනුර...:shocked: @vibhashana @dilann

    👉 දියසෙන් කියන්නේ 6 වන පැරකුම්බා නම් දියසෙන් ලඟ 6 වන පැරකුම්බාගේ ගති ලක්ෂණ තියෙන්න ඔනේ.. මේ රජු චීනයේ ආධාර වලින් බලයට පත් වුනා කියලායි කියන්නේ.. සජිත් කියන්න ඇමරිකන් ගැත්තෙක්.. අනුර කියන්නේ සමාජවාදී පසුබිමක් තියන කෙනෙක්.. රෝහණ විජේවීරව රුසියාවෙන් එලෙව්වේ චීන සමාජවාදය කරපින්නාගත් නිසා.. ඒ අනුව ජෙබ්බෝ කියන්නේ චීන සමාජවාදීන් කියලා උපකල්පනය කරන්න පුලුවන්..මේ අනුව චීන ගැති බව තියෙන්නේ අනුර ලඟයි.. @N A K A M U R A @Lovtus .. ඒකියන්නේ දියසෙන් තමයි අනුර...:shocked: @Cypress @Xi Jinping

    👉 අනුර කියන නමෙත් අනුරාධපුරේ මුල් අකුරු තුන තියනවා..කුමාර කියන නමේ කුමාරයා තියනවා.. දිසානායක කියන වාසගමේ දියනා කියන වචනයේ අකුරු ඔක්කොම තියනවා වගේම දියසෙන් නමේ අකුරු ඔක්කොමත් තියනවා.. දියනා👉 දියසෙන්👉 දිසනා👉 දිසානායක උනා :shocked: @nalin0001 @hichchiputha

    👉 දියසෙන් කියන්නේ ලපයාට.. @helplesser ( සංවාදයට විවෘතයි.. ) 😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    34,579
    68,179
    113
    ලපයගේ ලපේ පල්ල පොර අවොත් තොපිව තමා මුලින්ම ගල් ඔය යවන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    42,888
    112,318
    113
    එකමත් එක රටක
    දියසෙන් දැන් පහලවුනොත් ඌත් මේ මගුල හදන්න බෑ කියලා පුලුවන් තරම් ඉක්මනට පාස්පෝට් එකක් හදන් රට පනිනව.

    රාවනා නැගිට්ටත් එච්චරයි. ඌත් ඔය විකාර ඇදුම් ටික ගලවල කලිසමක් දාගෙන රට පනිනව !!

    :rofl:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    2,166
    2,971
    113
    දියසෙන් පහලවෙලා ඉන්නේ,ඒත් ඔහු ඔය කියන කිසිවක් කරන්නේ නෑලු. වෙනම දේවල් ටිකක් ලෝකෙට දෙන්න සියල්ල සුදානම් ලු.නමුත් කවුද කියල කිසිකෙනෙක්ට අදුරගන්න ලැබෙන්නේ නෑලු. ඔහු දෙන දැනුම ප්‍රයෝජනයට ගන්න පුළුවන් සමාජයක් බිහිවෙන්නේ තව අවුරුදු 29 කට පස්සෙලු. (ඔහුව මට හමුවුනා,ඔහු හිගන්නෙක් වගේ නිසා එච්චර ගණන් ගත්තේ නෑ.එත් පැය කට විතර පස්සේ වචන දෙකක් කතා කළා. මගේ ගුරුවරයා ඔහුගෙන් සංකීර්ණ ගණිත නියමයක් ගැන ඇහුව. ඔහු දුන්න උත්තරේ මට අදහ ගන්න තාමත් අමාරුයි ) මිනිස්සු ඔහු කවුදැයි අදුරන්නේ නැතුව නොයෙක් කතා කියනවා. ඇත්ත දියසෙන් ඉපදිලා කියන්න ඕන දේවල් ලියල තියලා යන්නත් යනවා. කැරි ගොන්නු ඉන්න සමාජයක් ඔයි මේක.
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    1,807
    1,635

    man thama diyasen ubettage dkunu ate
     
    Aldren

    Active member
  • Apr 2, 2024
    107
    191
    43
    දියසෙන් පහලවෙලා ඉන්නේ,ඒත් ඔහු ඔය කියන කිසිවක් කරන්නේ නෑලු. වෙනම දේවල් ටිකක් ලෝකෙට දෙන්න සියල්ල සුදානම් ලු.නමුත් කවුද කියල කිසිකෙනෙක්ට අදුරගන්න ලැබෙන්නේ නෑලු. ඔහු දෙන දැනුම ප්‍රයෝජනයට ගන්න පුළුවන් සමාජයක් බිහිවෙන්නේ තව අවුරුදු 29 කට පස්සෙලු. (ඔහුව මට හමුවුනා,ඔහු හිගන්නෙක් වගේ නිසා එච්චර ගණන් ගත්තේ නෑ.එත් පැය කට විතර පස්සේ වචන දෙකක් කතා කළා. මගේ ගුරුවරයා ඔහුගෙන් සංකීර්ණ ගණිත නියමයක් ගැන ඇහුව. ඔහු දුන්න උත්තරේ මට අදහ ගන්න තාමත් අමාරුයි ) මිනිස්සු ඔහු කවුදැයි අදුරන්නේ නැතුව නොයෙක් කතා කියනවා. ඇත්ත දියසෙන් ඉපදිලා කියන්න ඕන දේවල් ලියල තියලා යන්නත් යනවා. කැරි ගොන්නු ඉන්න සමාජයක් ඔයි මේක.
    උබෙ රිප්ලයි එක කියෙව්වම මටත් මේක තමයි හිතුනෙ.
    "කැරි ගොන්නු ඉන්න සමාජයක් ඔයි මේක"
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    6,181
    9,126
    113
    “කියග මගිය එනු කොහි සිටැ දදැ සමනොළ ගොසිනා

    නොය කියමුතු එදිගැ බමුණැ සුමන සුරිඳු විසි නා

    ගිය කලැ දෙදෙහස්‌ පන්සිය රජකු එතැයි දිය නා

    කියවිණි තන්වැසිය එනම් පැරකුම් රජ මෙදි නා”
    00006-3466881809.png
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,610
    1,691
    113
    Ja-ela
    ලංකාව ගොඩගන්නනන් දියසෙන් නෙමේ මනෝ වෛද්‍යවරයෙක් ජනාධිපති වෙන්න ඕනා.
     
    • Dislike
    Reactions: Kumbhakarna22

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,556
    4,096
    113
    ekakwath sure sadaka nemene. oya kaviya thagi ganna athin demmada kauda danne.
    sumana sutraya th tripitake nemene. lu lu kiwata ehema suthrayak deshana kalada sure ne ne.