සෙංකඩගල නුවරදි තව නොබෝ දිනකින් අපිට දැක ගන්න ලැබෙන්නේ අසිරිමත් ඉර්ධි ප්‍රාතීහාරය පෑ..අපගේ ශ්‍රී වාම දළදා වහන්සේයි...

saturn

Well-known member
  • Mar 21, 2015
    4,669
    7,596
    113
    Around the world
    සසරේ කල පුන්‍ය මහිමයෙන් අපගේ භාග්‍යවතුන් වහන්සේට දත් 4️⃣0️⃣ක් තිබුනා..පරිණිර්වාණයේදී මේ දන්ත දාතූන් වහන්සේලා 4️⃣0️⃣න් 3️⃣6️⃣ක් ම සක්වල දෙවියෝ එක් සක්වලකට එක බැගින් රැගෙන ගියා..
    සම්බුදු අදිටනින් "දන්ත දාතූන් වහන්සේලා" හතර නමක් ඉතුරු වුනා..මේ ඉතුරු වූ දන්ත දාතූන් වහන්සේලාට කියනවා "සතර දළදා" කියලා..
    "දළදා" කියන්නේ බුදුරජාණන් වහන්සේගේ "රදනක" දත් වලට..සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ දඩයම් දත් කියලා..
    රදනක දත් හතරක් තියෙනවා..
    උඩු ඇන්දේ දෙකක් සහ යටි ඇන්දේ දෙකක් විදියට..
    උඩු ඇන්දේ වම් පැත්තේ එකකුත්,දකුණු පැත්තේ එකකුත්
    යටි ඇන්දේ වම් පැත්තේ එකකුත්,දකුණු පත්තේ එකකුත් විදියට තමයි මේ දත් පිහිටන්නේ..
    සම්බුද්ධ පරිණිර්වාණයේදි බුදුරජාණ් වහන්සේ අධිෂ්ඨානයක් කලා, තමන්ගේ ධාතූන් වහන්සේලා හත් නමක් දැවෙන්නේ නැතුව,කුඩා දාතුන් වහන්සේලා විදියට වෙන් වෙන්නේ නැතුව ඉතුරු වෙවා කියලා..
    1️⃣ලලාට ධාතුන් වහන්සේ ,
    2️⃣වම් අකු දාතූන් වහන්සේ,
    3️⃣දකූණු අකු දාතූන් වහන්සේ,
    4️⃣වම් උඩු දළදා වහන්සේ,
    5️⃣වම් යටි දළදා වහන්සේ,
    6️⃣දකුණු උඩු දළදා වහන්සේ,
    7️⃣දකුණු යටි දළදා වහන්සේ.
    කියන ධාතුන් වහන්සේලා හත්නම තමයි වෙන් නොවී ඉතුරු වුනේ..
    🟢දකුණු උඩු දළදා වහන්සේ
    🔵දකුණු යටි දළදා වහන්සේ
    🔴 වම් යටි දළදා වහන්සේ
    🟡වම් උඩු දළදා වහන්සේ
    වෙන් නොවී ඉතුරු වූ, මේ දන්ත දාතූන් වහන්සේලා තමයි සතර දළදා වහන්සේලා වෙන්නේ...
    මේ දළදා වහන්සේලාගෙන් "දකුණු උඩු දළදාව" කොහෙද සහ "දකුණු යටි දළදාව" කොහෙද කියලා වෙන් වශයෙන් නිවැරදි විස්තරයක් සදහන් නෑ..
    ===================================
    සම්බුද්ධ පරිණිර්වාණයෙන් පසුව, දාතුන් වහන්සේලා බෙදා ගන්න රජවරු අතට ලොකු තරඟයක් තිබුනා..වාද තිබුනා..
    මේ වෙලාවේ "ද්‍රෝණ" කියන වැඩිමහල් බ්‍රහ්මණයෙක් ඉදිරිපත් වුනා ධාතුන් වහන්සේලා බෙදලා දෙන්න..
    භාග්‍යවතුන් වහන්සේගේ රන් දෙණ විවෘත කරද්දි ,ද්‍රෝණ බමුණා දැක්කා භාග්‍යවතුන් වහන්සේගේ සුදෝ සුදු දළදා වහන්සේලා තුන් නමක් වැඩ ඉන්නවා..
    රජවරු පොඩ්ඩක් එහාට මෙහාට වෙන අතරේ ද්‍රෝණ බමුණා දළදා වහ්සේලා තුන් නමක් සඟවා ගත්තා..
    🟢එක් දකුණු දළදා වහන්සේ නමක් හිසේ ජටාව තුල සඟවා ගත්තා..
    🔵එක් දකුණු දළදා වහන්සේ බිම දමා පයින් වසා ගත්තා..
    🟡වම් උඩු දළදා වහන්සේ තම වස්ත්‍රය තුල සගවා ගත්තා...
    ද්‍රෝණ බමුණා හිතුවට, සඟවා ගත් දළදා වහන්සේලා කවුරුත් දැක්කේ නෑ කියලා තුන් දෙනෙක් මේක දැක්කා.. කව්ද මේ තුන් දෙනා??
    ========================================
    🟢 හිසේ සඟවා ගත් දකුණු දළදා වහන්සේ..
    ද්‍රෝණ බමුණා දකුණු උඩු දළදා වහන්සේ තමන්ගේ හිසේ ජටාවේ සඟව ගන්නවා සක් දෙවිඳු දැක්කා..
    සක් දෙවිඳු බැලුවා නේ බමුණට දළදා වහන්සේට පුද සත්කාර කරන්න පුලුවන් ද කියලා.. ඔහුට එහෙම හැකියාවක් නෑ කියලා දැන ගත්ත සක් දෙවිඳු ඉර්ධියෙන් හිසේ තිබුන දකුණු උඩු දළදා වහන්සේ ගත්තා..
    අරගෙන තව්තිසාවේ සිළුමිණ සෑයේ තැන්පත් කලා..සිදුහත් කුමරාගේ කෙස් වැටියත් සමඟ දකුණූ උඩු දළදා වහන්සේ තවමත් සිලුමිණ සෑයේ වැඩ ඉන්නවා..
    🔵 බිම දමා පාගා ගත් දකුණු දළදා වහන්සේ..
    ද්‍රෝණ බමුණා බිම දමා පාගාගත් දකුණු යටි දළදා වහන්සේව දැක්කා, ජයසේන කියන නාගරාජයා..
    ජයසේන නාගරාජයත් බමුණාට නොදැනෙන්න දළදා වහන්සේව නාග භවනට රැගෙන ගියා..
    නාග පුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වූවා.
    කාවන්තිස්ස රජතුමා ලක්දිව රජකම් කළ සමයේ වැඩ සිටිය මහාදේව මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෙකු වුණ මහින්ද නම් වූ මහරහතන් වහන්සේ සමග මේ නා රජු බොහොම හිතවත් වුණා.. නාග භවනට වැඩම කළ උන්වහන්සේ මේ මහානීය දළදා වහන්සේව දැකලා, පුද පූජා පිණිස මේ දළදාව මනුෂ්‍ය ලෝකයට ගෙන යාමේ අවශ්‍යතාවය පහදා දී දළදා වහන්සේ ඉල්ලා සිටියා...
    සර්වඥ දළදා ධාතුන් වහන්සේට මහත් ආදර සත්කාර කළ නා රජු ඒ ඉල්ලීමෙන් බොහොම විපිලිසර වුණා. ඒත් මහරහතන් වහන්සේගේ ඇසුර නා රජුට වඩාත් ප‍්‍රියමනාප වුණ නිසා ඔහු ධාතූන් වහන්සේව තෙරණුවන්ට ලබා දුන්නා.
    ගිරි අභය රජතුමා සහ සෝමාවතී දේවිය තමයි මහින්ද මහරහතන් වහන්සේ සතු වූ ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේව වඩා හිඳුවලා සෝමාවතිය මහා සෑය ඉදි කළේ. අදත් මහා පෙළහර පාමින්, සුදුමුදු බුදුරැස් විහිදුවමින් ඒ උත්තම දක්ෂිණ දළදා වහන්සේ සෝමාවතියේ වැඩ සිටිනවා.
    🟡 ජටාවේ සඟවා ගත් වම් උඩු දළදා වහන්සේ,.
    ගන්ධාර දේශයෙන් පැමිණි තරුණයෙක් හිටියා...මෙයාට දෙවි කෙනෙක් අනාවකියක් කිව්වා...අනාගතයේ නුඹට දළදා වහන්සේ නමකට පුද සත්කාර කරන්න පින තියෙනවා කියලා...ඒ නිසාම මේ උපාසකයා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ එතන්ට ඇවිත් හිටියා..මෙයා දැක්කා ද්‍රෝණ බමුණා එක් දළදාවක් තම වස්ත්‍රයේ සඟවා ගන්නවා...
    දෙවියන්ගේ අනාවැකිය සත්‍යක් කරමින්, ඔහු බමුණාට නොදැනෙන්න වම් උඩු දළදා වහන්සේ වස්ත්‍රයෙන් පිටතට ගත්තා..රැගෙන ගන්ධාරයේ හිංගල නම් ප්‍රදේශයට (වර්තමානයේ පකිස්තාන, ඇෆ්ගනිස්තාන සීමාව ) රැගෙන ගියා..
    ගන්ධාර දේශයට වැඩි උඩු වම් දළදා වහන්සේ ගැන් ඉන් මතුවට සඳහනක් නෑ..
    ***එහෙත් ලංකාවේ නාගධාඨගේ පුවරු ලිපිය සහ තිස්සමහාරාම ටැම්ලිපියටත් අනුව යටාල දාගැබ (තිස්සමහාරාම) තුල වැඩ ඉන්නේ මෙම ගන්ධාර දළදා වහන්සේය..
    එතකොට වම් යටි දළදා වහන්සේට මොකද වුනේ??
    🔴 වම් යටි දළදා වහන්සේ..
    තථාගත ශ්‍රී දේහය දැවෙමින් තිබෙනකොට තමන් වහන්සේගේ ඍද්ධි බලයෙන් වාම ශ්‍රී දළදා වහන්සේව රැගත් "ඛේම මහරහතන් වහන්සේ" කාලිංගයට වැඩම කරවලා, එකල කලිඟු රජු වුණ ‘බ‍්‍රහ්මදත්ත රජුව’ තිසරණයෙහි පිහිටුවලා පුද පූජා පැවැත්වීම පිණිස ධාතුන් වහන්සේව භාර කළා. රජතුමා ගරු සිත් පෙරටුව දළදා වහන්සේ උදෙසා මුතු මැණිකෙන් තැනවූ ආසනයක් සහිතව දඹදිව පළමු දළදා මැදුර ඉදි කළා...
    අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ අසිරිමත් ඉර්ධි ප්‍රාතිහාරය පෑවෙත් මේ කලිගු රටේ වැඩ සිටියදීයී..
    මේ ඉර්ධිප්‍රාතිහාරය පෑ විස්තරය හරි අසිරිමත් වගේ දීර්ඝයි..
    කාලයක් ගත වුනා..
    කොසඹෑ නුවර උදේනි රජපුත් වූ දන්ත කුමරුවන් දළදා වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් යුතුව කලිඟු රටට පැමිණියා. ඔහු රජු පහදවාගෙන දළදා වහන්සේට නොයෙකුත් පුද සත්කාර කරමින් කල් ගෙව්වා. රජු දන්ත කුමරු ගැන සියලූ පුවත් දැනගෙන රාජකීය වූ තම පවුලට ම ගැළපෙන ඔහු හට සිය දියණිය වූ හේමමාලා කුමරිය විවාහ කර දුන්නා. ධාතු රක්ඛකාධිකාරී තනතුරත් භාර දුන්නා.
    ඛීරධාර රජුගේ බෑණා මෙවර ගුහසීව රජු හා සටනට ආවේ දළදා වහන්සේගේ අයිතිය වෙනුවෙනුයි. තම දිවි ගියත් දළදා වහන්සේ අනෙකෙකුට ලබා දෙන්න අකැමැති වුණ ගුහසීව රජු එකල සදහම් ඓශ්චර්යයෙන් ශෝභමානව තිබුණ ලක්දිව රජකම් කළ සිය හිතමිතුරු මහසෙන් රජුට දළදා වහන්සේව භාර දෙන්නට දන්ත – හේමමාලා යුවළට උපදෙස් දී යුද්ධයට ගියා. එයින් ගුහසීව රජු පැරදුණා.
    රජු පැරදුණ බව දැනගත් දන්ත – හේමමාලා දෙදෙනා බමුණු වෙස්ගෙන, ගම් දනව් දුරු කතර ගෙවාගෙන, ලක්දිව ගමනට පිටත් වුණා...
    ලක්දිව ‘මහාතිත්ථ’ තොටුපළට ගොඩ බැස්සා.
    ඒ වෙනකොට මහසෙන් රජු මියගිහින්. රජ වෙලා හිටියේ කිත්සිරි මේඝවර්ණ රජතුමා..
    කිත්සිරි මේඝවර්ණයන් තිසරණයෙහි පිහිටා ලක්දිව දැහැමිව රජකම් කරන බව අසා යළි හේමමාලා,දන්ත කුමරු සතුටට පත් වුණා.
    ආර්ය සංඝරත්නයට දළදා වහන්සේව භාර දුන්නා..
    කිත්සිරිමෙවන් රජු යස ඉසුරු ලැබූවෙකු ආකාරයෙන් දළදා වන්දනාවට පැමිණියා.
    ‘මේ අපගේ ශාස්තෘන් වහන්සේගේ දළදා වහන්සේ ම නම් මහා පෙළහර පෑ යුතු වන්නේ ය’ කියලා රජු හිතනවත් සමඟ ම දළදා වහන්සේ ලක්දිව දාඨා ප‍්‍රභාවෙන් ඒකාලෝක කරමින් පෙළහර පාන්නට වුණා.
    රජු ඉමහත් සතුටින් දළදා වහන්සේව ලංකා රාජ්‍යයෙන් පුද දුන්නා. එදා පටන් ලංකා රාජ වංශයේ අවසානය දක්වා ම දළදා වහන්සේගේ හිමිකරුවා තමයි රටේ පාලකයා බවට පත් වුණේ..
    එක් සක්වලක වැඩ ඉන්නෙත් එක් දළදාවයි..
    එහෙත් මේ ලක්දෙරණ භාග්‍යවතුන් වහන්සේගේ දළදා වහන්සේල තුන් නමකගේ පහස ලද මහා පුන්‍යවන්ත භූමීයක්..
    සෙංකඩගල නුවරදි තව නොබෝ දිනකින් අපිට දැක ගන්න ලැබෙන්නේ අසිරිමත් ඉර්ධි ප්‍රාතීහාරය පෑ..අපගේ ශ්‍රී වාම දළදා වහන්සේයි...
    සෙංකඩගල නුවර අපගේ වාම ශ්‍රී දළදා වහන්සේ ඇතුලු, සතර දළදා වහන්සේලාට අපගේ නමස්කාරය වේවා!!!

    copied
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,560
    14,571
    113
    n4S7CGz.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    38,381
    1
    51,615
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "රදනක" දත් වලට..සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නේ දඩයම් දත් කියලා..
    රදනක දත් වලට ගොඩක් අය කියන්නෙ බලු දත් කියල. දඩයම් දත් කියනවා කියල දැනගත්තෙ මේ පෝස්ට් එකෙන්