owa nam adu wenna ona, solar business ekak wenna beh consumerlata. solar gahanna ona thamunge usage ekata anuwa misak business karanna neme. oka adu karanawa wageama Battery, panels wala tax adu karala investment eka adu karanna ona
businesses wenai, consumers la wenai. uba business gana kiyapu nisa kiyannam adani denne kiyatada? ei adanita denne neh kiyanne? 0.05$ walata denna neda katha karanne gvt eka? e kiyanne roughly 14rs per unit. dan tiyena rate eka 34rs. 34ta aran kiyata dennada? eta passe ubalama hu tiyenawa light bill eka wedi kiyala.
moda novi hariyata investment eka terum ganin peretha kamata wediyen illanna kalin.
Ane manda bn ubath...
Unit cost eka depend wenna monada balapaana factors ?
මටත් off-grid system එකක් තියෙනවා මගේ පාවිච්චි යට ඇති. දැන් බඩුවල මිල අඩු වෙනවා. හොඳයි ගොඩක් අයට තමන් අවශ්‍ය KW ගානට සවි කරගන්න පුළුවන්. මම high demand කාලයේ install කලේ, panel එකක් 100k වලට ගත්තේ, දැන් 25k වලට හුඟක් හොඳ panel ගන්න පුළුවන්
ලංකාව වගේ රටකට මේව නිකං පුහු තර්ක නේ බං. අමතක කරන්න එපා මෙයිට අවුරුදු දෙක තුනකට කලින් ඩොලර් නැතුව තෙල් ගහන්න බැරි වෙලා, පැය 13ක් කරන්ට් කපපු රටක් කියල මේක. ඇත්තටම සිංහලුන්ට දේවල් බොහොම ඉක්මණට අමතක වෙනව, තෙල් නැතුව ෂෙඩ් වල කිලෝ මීටර් ගණං පෝලිම් තිබ්බ, ඩොලර් නැතුව තෙල් ගේන්න බැරි උනා, හැමදේම අතරමග නැවතුනා,
ඒ කාලෙ ඒවට ක්ෂණික විසඳුම් විදියට මේ සෝල ප්‍රමෝට් වෙන්න ගත්තෙ. Off grid system හෙම සෑහෙන වැදුන ඒ කාලෙ. දැන් ඒ කාලෙ තිබ්බ ප්‍රශ්න වලට ලැබුන විසඳුම් වලටමයි මේ ආණ්ඩුවෙන් කෙලින්නෙ,
1. සෝල වලට ෂොට් එක දෙනව
2. EV වලට ලෝකෙ කොහෙවත් නැති විදියට ඩබල් ටැක්ස් කරනව
3. ඩොලර් ගෙන්නන උන්ට බදු ගහනව
අනේ මංද කිසිම ප්‍රතිපත්තියක් නැති ආණ්ඩු මේව. උඹලත් මේවට උල්පන්දම් දෙනව.
මම අහන්නෙ හරිම සරළ ප්‍රශ්නයක්, සෝල වලට රුපියල් 17-19ක් ගෙවද්දි 100% Green energy එකක් වෙලා, මණ්ඩලේ ලොක්කොන්ට අයිති ඩීසල් බලාගාර වලින් ඒ යුනිට් එකම රුපියල් 100 ගානට ගන්නෙ මොකද? එහෙම ගන්න මොකක්ද තියෙන තර්කෙ?
ඕන නම් කියන්න පුලුවන් එකම දේ ඒකෙන් රෑටත් ගන්න පුලුවන් කියන එක විතරයි.
ඉතිං බං රටකට ඕන ප්‍රතිපත්ති, දවල්ට සෝල වැඩියි කියල ඒක කපන එක නෙමෙයි, දවල්ට සෝල වැඩි නම් ඒක රටට සම්පතක් විදියට ඕන ආණ්ඩුවක් දකින්න, එහෙම නම් කරන්න ඕන ඒ වැඩි බල ශක්තිය Absorb කරන්න හරි විදියට Tariff එකක් හදල කර්මාන්ත වලට වැඩ කරන්න දෙන එක,
ඒ මුකුත්ම කරන්න බැරි නම් EV වලට ගහපු ටැක්ස් එක අඩු කරල ලංකාවට EV ටිකක් ගෙන්නපංකො, දවල් වරුවෙ EV 3000-4000ක් චාර්ජ් එකට ගැහුව නම් ඔය කිසිම ප්‍රශ්නයක් නෑ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕක ලස්සනට විසඳෙනව. ඒක විසඳෙන හැටි අහන්න ඕන නම් මම Technically explain කරල දෙන්නම්.
ඒ මුකුත් නැතුව Solar වලට කෙලිනව, මෙතැන උඹලට ඇත්තටම පේන්නෙ නැද්ද මේකෙ ඇත්ත අරමුණ ඩීසල් බලාගාර ටික ප්‍රමෝට් කරන එක කියල? ඩීසල් බලාගාර ඔක්කොම අයිති මණ්ඩලේ ලොකු ලොක්කොන්ට, සෝල තියෙනව කියන්නෙ උන්ට ඒව රන් කරන්න වෙන්නෙ නෑ හරියට. සෝල වලට කෙලියම Energy demand එක වැඩි වෙනව, එතකොට තමයි උන්ට රුපියල් 100ට යුනිට් එකක් විකුණන්න පුලුවන් වෙන්නෙ, අන්තිමේදි රටේ ඩොලර් ටිකත් හේදිලා ගිහිල්ල තෙල් ගෙනැල්ලම, මණ්ඩලේ ලොකු පුටු වල එවුන්ගෙ සාක්කු පිරෙනව කොමිස් නිසා, ඔන්න ඕක තමයි ඇත්ත කතාව.
හරියට දේවල් හොයල කතා කරන්න බං...