සෞඛ්‍ය ලොක්කෝ පිළිකා එන්නතෙනුත් කෝටි 11 ගහලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    56,534
    53,944
    113
    ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (29) දැනුම් දුන්නාය.

    ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හළ ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගම විසින්ම මෙලෙස පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කොට ඇති බව හෙළිව ඇතැයි දැනුම් දුන් ලක්මිණී ගිරිහාගම මෙනවිය අදාළ රුපියල් කෝටි 11 කට ආසන්න මුදල සමාගමට මුදා හරින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා ඔහුගේ අත්අකුරින් ටෙන්ඩර් පත්‍රිකාවේ පෞද්ගලිකවම සටහනක් යොදා ඇතැයිද දැනුම් දුන්නාය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙසට කළ නියමය අනුව අධිකරණට නොපැමිණී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කරමින් ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.

    පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එහි සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර නමැති මහත්ම මහත්මීන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

    සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමඟ පෙනී සිටි උප පොලිස් පරීක්‍ෂක යාළේවත්ත මහතා අධිකරණයට අධිකරණයට ඉදිරිපත් කළේය.

    pohottu ballige puthala ko

    @2osama @weer 11 @sliit_kolla @N A K A M U R A
    @nicjosh83 AKA @John Dutton
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,734
    20,685
    113
    එක සමාගමක් හොඳට තද කරනවා ඒතකොට ගේම් දුන්න හේමාස්, බවර්ස්, එමාකෙමි, සිටිහෙල්ත්, පෙටා ෆානා ,සන්ෂයින් වගේ ලොකු සමාගම් සහ තවත් පොඩි සමාගම් ලොකු ගණන් දෙනවා පක්ශ අරමුදලට......

    same in other Fileds : - construction, Military suppliers

    government suppliers :- tires , spare parts
    Medical equipment

    ඕවා ඡන්ද ආසන්න කාළේ හැමදාම වුණා. ඕන්න බලපන් ලබන අවුරුද්දේ මැද ඡන්දයක් තියෙයි.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,758
    5,034
    113
    මුන්ව අල්ලන්න රනිල්ට පුලුවන් වෙයිද? @monson

    රාජපස්සලා එක්ක හොරාකාපුවා නේද මේ? @2osama
    ෆයිල් ලපකොටාට එන්න කියමු
    ඇවිල්ලා කොරාන්න කියමු
    කොරාලා පෙන්නාන්න කියලා

    කියමු අපි 😂 :ROFLMAO: 😂 🤌🖕
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    56,534
    53,944
    113
    ෆයිල් ලපකොටාට එන්න කියමු
    ඇවිල්ලා කොරාන්න කියමු
    කොරාලා පෙන්නාන්න කියලා

    කියමු අපි 😂 :ROFLMAO: 😂 🤌🖕

    ithin ubalath lapakotata X gahapalla, ita passe balamu karaida nedda kiyala
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,027
    113
    ෆයිල් ලපකොටාට එන්න කියමු
    ඇවිල්ලා කොරාන්න කියමු
    කොරාලා පෙන්නාන්න කියලා

    කියමු අපි 😂 :ROFLMAO: 😂 🤌🖕
    අඩෝ උඹ මැරිල නෑ නේද? මේන් රට බංකොලොත් කරාට රාජපස්සලා මාට්ටු😂🖕

    14193936-down.webp
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    38,471
    34,091
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක සමාගමක් හොඳට තද කරනවා ඒතකොට ගේම් දුන්න හේමාස්, බවර්ස්, එමාකෙමි, සිටිහෙල්ත්, පෙටා ෆානා ,සන්ෂයින් වගේ ලොකු සමාගම් සහ තවත් පොඩි සමාගම් ලොකු ගණන් දෙනවා පක්ශ අරමුදලට......

    same in other Fileds : - construction, Military suppliers

    government suppliers :- tires , spare parts
    Medical equipment

    ඕවා ඡන්ද ආසන්න කාළේ හැමදාම වුණා. ඕන්න බලපන් ලබන අවුරුද්දේ මැද ඡන්දයක් තියෙයි.
    wise agent
    great
     
    • Like
    Reactions: NRTG