හැම දෙයක්ම නොමිලේ දෙන ඊලග පරම්පරාවේ සිංහල Smart කීබෝඩ් App එක.

savindu2002

Member
Mar 26, 2021
6
9
3
මේ වෙනකල් සිංහල කීබෝඩ් App එකක මෙතෙක් නොදැකපු පහසුකම් ගණනාවක් අන්තර්ගත කරමින් ශ්‍රී ලංකාව තුල නිපද වූ නවතම සිංහල කීබෝඩ් App එකක් තමයි Flash Board කියන්නේ. මේ කීබෝඩ් App එක හරහා එදිනෙදා Typing ඉතා කාර්යක්ෂමව සිදු කර ගැනීමට පුළුවන්. ඒ සදහා සුවිශේෂී පහසුකම් ගණනාවක් ඇතුලත් කරමින් මෙම App එක හදලා තියනවා. විශේෂම දේ වෙන්නේ මේ කීබෝඩ් එක සම්පුර්ණන්ම නොමිලේ ලබා දීමයි.

මෙහි ඇති පහසුකම් අතර Smart Phonetics හා Wijesekara භාවිතයෙන් සිංහල Typing කිරීම, කීබෝඩ් එකට Themes දැමීම, Clipboard, Stylish Fonts, Text Editor, Stickers, ASCII Arts, Unicode Converter ඇතුලත් වෙනවා. මිට අමතරවද පහසුකම් ගණනාවක් මේකේ තියනවා.

ගොඩක් අයට හුරු පුරුදු Phonetics(amma = අම්මා) මගින් සිංහල Typing කිරීමට අමතර Wijesekara Layout එක මගින්ද සිංහල Type කරන්න පුළුවන්.

කීබෝඩ් එකට කැමති Photo එකක් දාගන්න පුළුවන්. ඒ වගේම Live Themes, RGB Theme, Neon Blue Theme, LED Theme වගේ Themes රැසක් මේ කීබෝඩ් App එකේ තියනවා. ඒ වගේම කීබෝඩ් එකේ Key Colors, Key Size, Key Border වගේ දේවල් අපිට කැමති විදිහට හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ කීබෝඩ් එක සම්පුර්ණයෙන්ම තමන්ට කැමති විදිහට Customize කර ගන්න පුළුවන්.

unnamed (1).png



App එකේ පොඩි Size එකක් තියන හින්දා ඕනෑම Phone එකක කිසි අවුලක් නැතිව වැඩ කරනවා. ඒ වගේම Phone එකේ Ram එක වගේම Storage එකත් අඩුවෙන් තමයි භාවිතා කරන්නේ.

Phone එක හරහා Copy, Cut කර ගන්න දේවල් කීබෝඩ් එකේම තියන Clipboard එකේ Save කරගන්නවා. ඒ හින්දා සැරින් සැරේ එකම දේ Copy කරගන්න ඕනේ නෑ. කීබෝඩ් එකේ කලින් Copy කරපු දේවල් තියනවා හින්දා එක Click එකකින් Paste කර ගන්න පුළුවන්. ඔයාට ඕනේ නැති දේවල් Clipboard එකෙන් Delete කරන්න වගේම නිතරම වගේ ඕනෑ වෙන දේවල් Pin කරන්නත් මේකේ පුළුවන්.

සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු වලට අමතරව විවිද Unicode ඉංග්‍රීසි හැඩ සහිත අකුරු මේකේ තියනවා. ඒවගෙන් විවිද මෝස්‌තර දාලා අකුරු Type කරන්න පුළුවන්. හරියට මෙන්න මේ වගේ(𝕱𝖔𝖓𝖙𝖘,𝓕𝓸𝓷𝓽𝓼,𝔽𝕠𝕟𝕥𝕤,🅵🅽🆃🆂,🄵🄾🄽🅃🅂,『F』『o』『n』『t』『s』 වගේ ෆොන්ට්ස් ගොඩක් මේකේ තියනවා).

ගොඩක් Online Messaging Apps වල Stickers තියනවා. ඉතින් එක එක Apps වලට වෙන වෙනම Stickers ගන්න එක පොඩ්ඩක් කරදරයිනේ. ඉතින් මේ කීබෝඩ් එකෙන්ම WhatsApp, Signal, Messenger, Imo වගේ Apps වලට Stickers Send කරන්න පුළුවන්.

ෆෝන් එකෙන් Article, Blog වගේ ලියන අයට වැදගත් වෙන එකක් තමයි කීබෝඩ් එකේ තියන Text Editor එක. අපි Type කරන දෙයක වචන ගාන වැඩි වෙනකොට පොඩ්ඩක් වැඩේ කර ගන්න අමාරුයි. මේ පහසුකම තියන හින්දා Cursor එක Buttons වලින් Left,Right,Top,Bottom Move කරන්න පුළුවන්. ඒ වගේම Select කරන්න Copy කරගන්න වගේම Paste කර ගන්නත් මේකෙන්ම පුළුවන්.

ෆෝන් එකෙන් Photos Edit කරන අය සිංහල Type කරනකොට Unicode අකුරු FM Fonts වලට Convert කරන්න ඕනෑ. ඉතින් මේකට වෙනම Apps අරගෙන කරන එක පොඩ්ඩක් කරදරයි. මේ කිබොඩ් එකේ කීබෝඩ් එකේම තියනවා Unicode Converter එකක්. කීබෝඩ් එකෙන් සිංග්ලිෂ් විදිහට Type කරනකොට Type වෙන්නේ FM විදිහට Convert වෙලා (මේ පහසුකම Settings වලින් Enable කර ගන්න ඕනෑ. ඒකට කීබෝඩ් එකේ Settings වලට ගිහින් Keyboard Short Cuts වලට ගිහින් Unicode Converter එකට ටික් එකක් දාන්න).

Play Store එකේ Flash board කියල Search එකක් දාල App එක නොමිලේ Download කර ගන්න පුලුවන්. එහෙම නැත්තම් පහල ලින්ක් එකෙන් Download කර ගන්න.

https://play.google.com/store/apps/details?id=com.savinduplus.keyboard

මේ කතා කරේ ගොඩක් වැදගත් වෙන දේවල් ටිකක් විතරයි. මිට අමතර මේකේ තව වැඩ කෑලි ගොඩක් තියනවා. තවම Android වලට විතරයි මේක තියන්නේ. ඉතින් මොනවා හරි App එක ගැන ප්‍රශ්නයක් තියනවා නම් මෙයාලගේ Facebook Page එක හරහා Contact කර ගන්න. ඒ වගේම ලංකාවේ කරපු සුපිරි වැඩක් හින්දා Play Store එකේ 5 Star Rating දෙන්න. ඒ වගේම ඔයාගේ යාලුවන්ටත් මේ Article එක Share කරන්න.

Contact On Fb Page : https://www.facebook.com/flashboardofficial

📌
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ කීබෝඩ් එක ගැන අනිත් අයව දැනුවත් කරන්න(Marketing කරන්න බෑ. මම තවම A/L(මේ සැරේ
😪
)).

Privacy එක ගැන:

💥
Flash Board App එකේන් Storage Permission එක ඉල්ලනවා. ඉතින් මේක ඔයාට කැමති නම් Allow කරන්න පුළුවන්. මේ Permission එක අවශ්‍ය වෙන්නේ කීබෝඩ් එකට ඔයාගේ Phone එකේ තියන Photo එකක් දාන්න විතරයි.
💥
ඒ වගේම Internet Permission එක ඉල්ලනවා. මේකට හේතු දෙකක් තියනවා. එකක් තමයි කීබෝඩ් එකේ වෙනම Themes Store එකක් තියනවා. ඉතින් මේ Themes Store එකට කොහොමත් Internet ඕනෑ. අනිත් එක තමයි Ads වලට. මේ App එක 100% ම නොමිලේ දෙන App එකක් හින්දා මේකේ පොඩි පොඩි වියදම් Cover කර ගන්න Ads Display කරන්න වෙනවා. මේකට Internet Connection එක ඕනෑ.
💥
කීබෝඩ් එකෙන් Type කරන දේවල් ඔයාගේ Phone එකේම Save කර ගන්නවා. ඉතින් මේ විදිහට Save කර ගන්න ඒවා තමයි නැවත ඔයා Type කරනකොට Suggest කරන්නේ. ඒ කියන්නේ මේ Save කර ගන්න දේවල් පාවිච්චි කරලා ඔයාට හොදම Typing අත්දැකීමක් ලබා දෙන එක තමයි කරන්නේ. එතනින් එහාට මේ Data කිසිම විදිහකට ඔයාගේ Phone එකේ හැර වෙන Server එකකටවත් මොකකටවත් යවන්නේ නෑ. එක 100% මම සහතික වෙනවා.
💥
ඊට අමතවර Clipboard එකේ තියන දේවල් වුනත් ඔයාගේ Phone එකේ විතරයි. උඩ එකේ විදිහටම කිසිම විදිහකට Data වෙන කොහේටවත් යවන්නේ නෑ. තව මොනවා හරි කීබෝඩ් එකේ Privacy එක ගැන ගැටළු තියේ නම් පහලින් Comment කරන්න. මගේ Original Profile එක, Fb Page එක වගේම, අර කලින් පොස්ට් එකත් පහලින් දාන්නම්. Flash කීබෝඩ් එකේ Privacy එක ගැන 100% මම සහතික වෙනවා.
 
Last edited:

goooogle99

Well-known member
  • Jan 31, 2012
    2,358
    279
    83
    Moon
    mona keyboard haduwath, wear os ekata Sinhala keyboard ekak nathi eka thama patta paduwa..kauruth ekata dev karane nahane