හිටපු ජනපති ඇතුළු පිරිසකට අපරාධ චෝදනා ගොනු කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ : හිටපු අගමැති බේරෙයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    1,540
    4,625
    113
    පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති විමර්ෂණ වාර්තාව අද දිනයේදී පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.
    ජනාධිපති කොමිෂන් සභාවට ලද සාක්ෂි පදනම් කර ගනිමින් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර ඇත.

    මෙරට කොමිෂන් සභාවක් විසින් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කළ පලමු අවස්ථාව මෙය වනවා.

    මිට අමතරව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජෙය්ෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ බස්නාහිර පළාත භාරව සිටි හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ යන අයටද එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස ජනාධිපති කොමිෂන් සභාව විසින් සිය නිර්දේශ ඉදිරිපත් කර ඇත.

    මේ අතර හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් යම් ගැටළු තිබෙන බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව කරුණු හඳුනා ගෙන ඇති වුවත් ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම අනවශ්‍ය බවට නිර්දේශ කර තිබෙනවා.

    මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දිමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.
    මඩකලපුව සියොන් දේවස්ථානයට එල්ලවූ බෝම්බ ප්‍රහාරයේදී මරණ සංඛ්‍යාව අවම කරවීම සඳහා නිර්භීතව කටයුතු කළ අභාවප්ප්‍රාප්ත රමේෂ් රාජු ගේ සමීප ඥාතියාට රජය විසින් ත්‍යාග මුදලක් ගෙවිය යුතු බවට පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ෂණ කළ ජනාධිපති විමර්ෂණ කොමිසම විසින් නිර්දේශ කර තිබෙනවා.

    මාවනැල්ලේ බුදු පිළිම වලට හානි කිරීම, වනාතවිල්ලුවේ වළදමා තිබු පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහ ඊට සම්බන්ධ සැකකරුවන් ගැන තොරතුරු ලබාදීම නිසා 2019 මැයි මස 09 වෙනිදා මාවනැල්ල ප්‍රදේශයේ සිය නිවසේ නිදා සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් යන අයගේ ආරක්ෂාව සැපයීමට සහ ඔහුගේ වැඩිදුර ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට යාමට අවශ්‍ය බැවින් ඊට අදාළ ප්‍රතිපාදනයන් රජය විසින් දැරීමට ද මෙම කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

    මේ අතර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, ඔවුන්ගේ ආරක්‍ෂිත නිවාස සොයා ගැනීම් වැනි කටයුතුවල නිරතවු ආරක්ෂක අංශ නිලධාරීන්ට ත්‍යාග ලබාදීමට ද නිර්දේශ ඉදිරිපත් කර ඇත.

    මේ අතර මෙරට ක්‍රියාත්මක බොදු බල සේනා සංවිධානය ද ද තහනම් කරන ලෙසට මෙහිදී කොමිසම විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.

    ඊට අමතරව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකි ද යන්න සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇත. ඒ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) පදනම් කර ගනිමිනි.

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2013 වසරේ පෙබරවාරි මස 17 වන දා මහරගමදී කළ ප්‍රකාශයක් සහ 2014 වසරේදී අලුත්ගමදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා මෙලෙස නිර්දේශ කර තිබේ.

    2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවා.


    කෝමද සබරි සෑර්ගෙ වැඩ.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    2,689
    416
    83
    රනිල් අයියව, චන්ද්‍රිකා අක්කා බේරුවා.. මහින්ද අයියා බේරුවා.. රනිල් අයියා ආයේ මහින්ද අයියව බේරුවා, දැන් ආයේ රනිල් අයියව නන්දෙ අයියා බේරනවා. රනිල් බේරෙන එකෙයි, බේරන එකෙයි සීමාවක් නෑ අයුබෝන්..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    2,444
    1,365
    113
    සිරිසේනගෙ ජනප්‍රිය බව සර් අභිභවා යනවා පෙනීමෙන් 2024 ජනපති තරගයෙන් සිරිසේන ඉවත්කර පොපෙ ස්‍රිලනිප චන්ද ටික එකට ගුලිකර පොහොට්ටුවම දිනන්න වෙන්නැති

    Jela Jela.. :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: TechnWeb

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,238
    3,661
    113
    ලොවෙත් නැති තැනක

    ප්‍රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?​

     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,155
    768
    113
    Ja-ela

    ප්‍රශ්න අංක 1 හිටපු ජනාධිපතිවරයෙකුට ධුර කාලයේ කරපු දේකට විරුද්ධව අධිකරණයේ චෝදනා ගොනු කරන්න බැරි බව නොතෙරෙන අය ලක්ෂ කියක් ඉන්නවද ?​


    පොඩ්ඩක් thrill වෙන්න දෙන්නකෝ.. ඕවා තියෙන්නේ next episode එකේ...
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    809
    719
    93
    පොනිල් කොහොමද ඕකෙන් ලිස්සලා ගියේ?? ඕකාව නේ මුලින්ම එල්ලන්න ඕනේ.
     
    • Like
    Reactions: castellain

    topkollek

    Well-known member
  • May 22, 2014
    14,373
    5,691
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පාස්කු ප්‍රහාරයට අදාලව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

    2019 වසරේ අප්‍රේල් මස 21 වනදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවා.
    මේ මොනවද බන් කුනුහරුපද?