හිටපු හමුදා සැමියා ගිනි තැබු පොලිස් සැරයන් බිරිය දින 04කට පසුව ජීවිතක්ෂයට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    24,043
    22,674
    113
    සැමියා විසින් පෙට්‍රල් දමා ගිනි තැබීම නිසා බරපතළ තුවාල ලබා බළපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගෝනාපීනුවල පොලිස් සැරයන්වරිය ඊයේ (09දා) උදැසන ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, ගෝනාපීනුවල, වඩුගොඩ පදිංචිව සිටි කේ.පී. නදිකා සංජීවනී (1891) නමැති සැරයන්වරියකි.

    මෙම කාන්තා සරයන්වරියගේ සැමියා හමුදා සේවයේ සිට ඉවත්ව මේ වනවිට ධීවර කාර්මිකයෙකු ලෙස රැකියාව කරන අයෙකු බවත්, ඔහු රැකියාවට ගොස් පසුගියදා 05වැනිදා සවස නිවසට එනවිට බිරිද දිවා රාජකාරියට ගොස් සිට ඇති අතර පසුව ඇය රාජකාරී නිමවා නිවසට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවූ අවස්ථාවේ ඔහු ඇයගේ හිසට හෙල්මටයකින්ද පහරදී ත්‍රිරෝද රථයේ තිබූ පෙට්‍රල් බෝතලය ගෙනැවිත් ඇයගේ නිල ඇදුම් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී එම අදුම් බේරාගැනීමට ගියත් ඇයගේ සිරුරට පෙට්‍රල් වැටී ඇති අතර එම අවස්ථාවේ සැමියා ගිනි කුරක් ගසා ඇයගේ ඇගට දමා ඇති බව පරික්ෂාවලදී අනාවරණය වීය.

    අසල්වසින් පැමිණි ගින්න නිවා සුව සැරිය ගිලන් ඊයකින් සුලු පිලිස්සුම් තුවාල ලබා සිටි සැමීයාද සමග බළපිටිය රෝහලට යවා ඇත. පොලීසිය බද්දේගම අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු බද්දේගම "මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි බළපිටිය රෝහලට ගිය බළපිටිය මහේස්ත්‍රාත්වරයා වීරසිංහ සිරිවර්ධන මහතා අසංක චමිත් තුෂාර නමැති සැකකරු පරික්ෂා කර බලා 18වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට නියෝග කොට එදිනට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියම කළේය. පොලීසිය පැවසුවේ, මිනිමැරිම් චෝදනාව යටතේ සැකකරුට එරෙහිව බී වාර්තවක් මගින් යළිත් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ගෝනාපීනුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත පරික්ෂණ පවත්වති.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,228
    687
    113
    Colombo
    onna okai ubala hamuda karayonwa uda aththe thiyala katha karanawa ta wirudda.
    iskola wala, AL pass karaganna bari ewun tikakata uniform danmama deyiyo wenawa.
    wikara. unge manasikath wa danna wa forces wala ekek inna pawulaka ewun.
    #ranavirugaya
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,977
    9,688
    113
    onna okai ubala hamuda karayonwa uda aththe thiyala katha karanawa ta wirudda.
    iskola wala, AL pass karaganna bari ewun tikakata uniform danmama deyiyo wenawa.
    wikara. unge manasikath wa danna wa forces wala ekek inna pawulaka ewun.
    #ranavirugaya
    lankawe witharak nemeyi USA walath ohomayi
    government propaganda. Nathnam State ekak
    run karanna baha, army police inna one . ekata
    minissu badawa ganna nam mentality eka hadanna one
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    260
    409
    63
    බොනට් එක උඩ.
    onna okai ubala hamuda karayonwa uda aththe thiyala katha karanawa ta wirudda.
    iskola wala, AL pass karaganna bari ewun tikakata uniform danmama deyiyo wenawa.
    wikara. unge manasikath wa danna wa forces wala ekek inna pawulaka ewun.
    #ranavirugaya
    උබ දැන් ජීව්ත වෙලා ඉන්නේ ඒ මිනිස්සු නිසා නේද? කොන්දක් නැද්ද බන් කට කැඩිච්ච කතා කියන්නේ. උබ මොලේ වෙහෙසනවා ඇති රස්සාව කරනකොට හැබැයි හමුදාවේ උන් ජීවිතේ කැප කරන්නේ.