හිතන්න යමක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    12,894
    7,620
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සිරිපාල එයාගෙ බිරිදයි දරුවොයි එක්ක ජීවත් වුනේ පොල් අතු පැලක. එයාට පුතාලා දෙන්නෙකුයි දුවෙකුයි හිටියා. ලොකු පුතාට අවුරුදු දහයයි. පොඩි පුතාට හතයි. දුව නම් එතකොට ඉස්කෝලෙ ගියෙත් නෑ එයාට අවුරුදු තුනයි.

    ඉතින් සිරිපාලලාට කොච්චර ආර්ථික අගහිග කම් තිබුනත් එයාලා ගොඩක් සතුටින් තමයි ජීවත් වුනේ. ඒ වගේම සිරිපාල එයාගෙ පොල් අතු පැලට ගොඩක් කැමැත්තෙන් හිටියා.

    හද පායන දවස්වලට පොල් අතු අස්සෙන් හද දිහා සිරිපාල බූරු ඇදට වෙලා ඔහේ බලාගෙන හිටියා. පායන කාලෙට සිරිපාලගෙ පවුල රස්නෙන් ගලව ගන්න ඒ දුප්පත් පොල් අතු වහල සමත් වුනා.

    සිරිපාලලා පොල් අතු පැලක ජීවත් වුනත් ඒ ගමේ අනික් ගෙවල් ඔක්කොම වගේ උලු ගෙවල්.

    ඔහොම ටික කාලයක් ගත වෙලා ගියා. එක දවසක් හංදියේ තේ කඩේ ගාවදි සිරිපාල එක්ක සුගතන් එක්ක බහින් බස් වීමක් ඇති වුනා.

    "අනේ තොපි රිලවු වගේ පැලක වැටිලා ඉන්නවා" කියලා සුගතන් සිරිපාලට අපහස කලා.

    තමුන් තමුන්ගෙ පවුලෙ අයත් එක්ක කොච්චර සතුටෙන් ඒ පොල් අතු පැලේ හිටියත් මිනිස්සු එයාලා ගැන හිතන්නේ එහෙම නෙමෙයි කියලා සිරිපාල එදා හොදටම තෙරුම් ගත්තා.

    ඊට පස්සේ එයා එදා ඉදන් ගොඩාක් මහන්සි වුනා. එයා පොඩි ව්‍යාපාරයක් පටන් අරගෙන ඒක ගොඩක් අමාරුවෙන් දියුනු කරගත්තා. ඊට පස්සේ එයා එයාගේ පවුලෙ අයත් එක්ක සතුටින් ඉන්න ලොකු ගෙයක් හදා ගත්තා. දැන් සිරිපාල තමයි ඒ ගමේ ඉන්න ලොකුම පෝසතා.


    පසු වදන

    ඔබට පෙනෙන හා ඔබට දැනෙන ඔබම හදාගත් මනෝ ලෝකයට වඩා, අන් අයට ඔබ ගැන පෙනෙන දෙය බොහෝ අර්ථවත් බව මතක තබාගෙන ජීවිතය අර්ථවත් ලෙස සාර්ථක කර ගන්න.


    මගේ කලින් පෝස්ට්ස්:

    ජීවිතය වෙනස් වේවි
    http://www.elakiri.com/forum/showthread.php?t=1906007

    උපදෙස් ටිකක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24620093

    ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්
    http://www.elakiri.com/forum/showthread.php?p=24596910

    Upwork ගොඩදාගමු!
    http://www.elakiri.com/forum/showthread.php?p=24601982

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1861765

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
    http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

    ගොඩ යමු (3) BPO සහ KPO
    http://www.elakiri.com/forum/showthread.php?p=24350810

    මාකටින් උදවු
    http://www.elakiri.com/forum/showthread.php?t=1893636

    චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1893966

    චූටි ලිපි - 2 - ශක්ති සංස්ථති නියමය
    http://www.elakiri.com/forum/showthread.php?p=24371362

     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    12,894
    7,620
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෝරිසාදයා;24840537 said:
    ඒ ලොකු ගෙදර පොල් අතු පැලෙ තිබ්බ සතුට තිබ්බද?

    අපි ලෝකෙත් එක්ක ඉස්සරහට ගිහින් මනෝ ලෝකයක් හදාගන්න ඕන මචන්. :rolleyes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,854
    5,620
    113
    In the eyes of my girl
    පසු වදන

    ඔබට පෙනෙන හා ඔබට දැනෙන ඔබම හදාගත් මනෝ ලෝකයට වඩා, අන් අයට ඔබ ගැන පෙනෙන දෙය බොහෝ අර්ථවත් බව මතක තබාගෙන ජීවිතය අර්ථවත් ලෙස සාර්ථක කර ගන්න


    ඔයාගේ මේ පසු වදනට මම නම් එකග නැ
    කිසිම වෙලාවක ලෝකයට ඕනේ විදිහට ජිවත් වෙන්න යන්න එපා
    තමන් තමන්ගේ පොලතු පැලේ සතුටින් ඉන්නවා නම් එක රක ගන්න බලන්න
    සල්ලි නෙමෙයි හැමදේම

    ටිකෙන් ටික දියුණු වෙන්න බලන්න
    හැබැයි මේ ලෝකෙට ඕනේ විදිහටවත් අනික් මිනිහ කරන නිසාවත් නෙමෙයි
    පොඩි කොල්ලොන්ට මේ වගේ උපදෙස් දෙන්න එපා
    සල්ලි හොයන්න බල්ලෝ මරන්නත් පෙලබෙන්නේ මේ වගේ දේවල් නිසා තමයි අපේ සමාජේ

    අපේ ආච්චිලා සියල සල්ලි හොයල දියුණු වෙන්න බැලුවේ නැ
    බැලුවේ සල්ලි හොයල පවුල සතුටින් තියන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    12,894
    7,620
    113
    ලිම්පෝපෝ කන්දෙ

    පොඩි කොල්ලොන්ට මේ වගේ උපදෙස් දෙන්න එපා
    සල්ලි හොයන්න බල්ලෝ මරන්නත් පෙලබෙන්නේ මේ වගේ දේවල් නිසා තමයි අපේ සමාජේ

    :lol::lol:

    tenor.gif
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,219
    958
    113
    Speed force

    ඔයාගේ මේ පසු වදනට මම නම් එකග නැ
    කිසිම වෙලාවක ලෝකයට ඕනේ විදිහට ජිවත් වෙන්න යන්න එපා
    තමන් තමන්ගේ පොලතු පැලේ සතුටින් ඉන්නවා නම් එක රක ගන්න බලන්න
    සල්ලි නෙමෙයි හැමදේම

    ටිකෙන් ටික දියුණු වෙන්න බලන්න
    හැබැයි මේ ලෝකෙට ඕනේ විදිහටවත් අනික් මිනිහ කරන නිසාවත් නෙමෙයි
    පොඩි කොල්ලොන්ට මේ වගේ උපදෙස් දෙන්න එපා
    සල්ලි හොයන්න බල්ලෝ මරන්නත් පෙලබෙන්නේ මේ වගේ දේවල් නිසා තමයි අපේ සමාජේ

    අපේ ආච්චිලා සියල සල්ලි හොයල දියුණු වෙන්න බැලුවේ නැ
    බැලුවේ සල්ලි හොයල පවුල සතුටින් තියන්න

    :yes: අනිත් මිනිස්සුන්ට ඕනේ විඳිය ට එ හිතන විඳිය ට ජීවත් වෙන්න ගියොත් ජීවත් වෙන්න නෙවේ වෙන්නේ විඳවන්න.