හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    31,148
    21,217
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ප්‍රධාන ගෑස් සමාගම් දෙකම මාස කිහිපයක සිට හිස් ගෑස් සිලින්ඩර පාරිභෝගිකයන්ට අලෙවි නොකිරීම හේතුවෙන් කළුකඩ වෙළෙඳුන් කිලෝ ග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බව පාරිභෝගිකයෝ පවසති. ගෑස් හිඟය ඇති වීමට පෙර ගෑස් සමාගම් කිලෝ ග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් අලෙවි නියෝජිතයන් හරහා පාරිභෝගිකයාට අලෙවි කළේ, රුපියල් 4,250ක පමණ මිලකටය. එහෙත් ලෝක වෙළෙඳපොළේ යකඩ මිල ගණන් අධික ලෙස ඉහළ යාමත් සමග ගෑස් සමාගම් පාරිභෝගිකයාට අලුතින් හිස් ගෑස් සිලින්ඩරය අලෙවි කිරීම අත්හිටුවා ඇතැයි එම සමාගම් කියයි. මේ නිසා වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ ලාෆ් පාරිභෝගිකයන් වන අතර, එම ගෑස් නිසි පරිදි නොලැබීම නිසා ඔවුන්ට ලිට්රෝ ගෑස් සිලින්ඩරයට මාරු වීමට ද නොහැකි වී ඇත.




    එම තත්වය තුළ ලිට්රෝ හිස් සිලින්ඩර වැඩිපුර ඇති වෙළෙඳුන් හා පුද්ගලයන් වැඩි මිල ගණන්වලට එම සිලින්ඩර අලෙවි කිරීමට පටන් ගෙන ඇත. ඒ අනුව, ඔවුන් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන අතර, ඒවායෙහි බොහොමයක මිල ගණන් ලෙස දක්වා ඇත්තේ, කිලෝ ග්‍රෑම් 12.5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 15,000ත් 20,000ත් අතර මිල ගණන්ය. ඊට අමතරව, කිලෝ ග්‍රෑම් 5ක හිස් ගෑස් සිලින්ඩරයක් රුපියල් 8,000ත් 12,000ත් අතර මිල ගණන් යටතේ අලෙවි කරන බව ද එම දැන්වීම්වල සඳහන් වේ.




    මේ අතර, ලාෆ් ගෑස් සමාගම හෝටල් හා කර්මාන්තශාලා සඳහා නිකුත් කරන කිලෝ ග්‍රෑම් 37.5ක හිස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19,000ක් දක්වා දෙගුණයකටත් වැඩි මුදලකින් ඉහළ නංවා ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති. එම හිස් සිලින්ඩරය මීට සතියකට පමණ පෙර අලෙවි කරනු ලැබුවේ රුපියල් 8,900කටය. ප්‍රධාන ගෑස් සමාගම් දෙකේක්ම හිස් සිලින්ඩර කළුකඩ වෙළෙඳුන් විසින් මේ ආකාරයට හිතූ හිතූ පරිදි අලෙවි කරනු ලැබීම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති.

    -ක්‍රිෂාන් ජීවක ජයරුක්--
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    1,745
    3,831
    113
    මෙහෙමයි මචන්..දැන් ඇමරිකාවේ ක්‍රමේට නල පද්දතියක් හරහා නිවසටම ගෑස් එන සිස්ටම් එකක් ක්‍රියාත්මක කරන්න යන නිසා ජනතාව සිලින්ඩර් බාවිතයෙන් මුදවා ගැනීමට කරපු බැසිල් රාජපක්ශගෙ එක්ස්පෙරිමන්ට් එකක් ඕක..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    38,650
    8,700
    113
    Black Pearl
    supply for demand :)
    Oka itin karanna deyak naha, oka control karanna company eken cylinders Rs 6000 gane dammanam wede harine wediwunu cost ekath include karala. Company eka ehema karanne natte dan tiyana cylinders ganatawath gas denna bari nisa :)

    Me yana widiyata samanyen hodata jivath wena aya migrate wena tharamata labai. wedi ganata use karana car ekai, gas cylinder eke idan okkoma wikunanna puluwan 😁
     
    • Like
    Reactions: Tom Cat

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,740
    6,102
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොඳයි. ගෑස් ඔය ගානට යනවා කියන්නේ අපේ ලංකාව හරි දියුණුයි කියන එක. ඉස්සරහට වෙන්දේසි දාලා ගෑස් සිලින්ඩර් විකුණයි. කොහොමද අපේ බැසිල් සර් ගේ මොළේ? මේකටනේ මුන් හන්දි ගානේ කිරිබත් කෑවේ. දැන් වමාරපල්ලා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,175
    2,950
    113
    maxresdefault.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    19,414
    7,128
    113
    මෙහෙමයි මචන්..දැන් ඇමරිකාවේ ක්‍රමේට නල පද්දතියක් හරහා නිවසටම ගෑස් එන සිස්ටම් එකක් ක්‍රියාත්මක කරන්න යන නිසා ජනතාව සිලින්ඩර් බාවිතයෙන් මුදවා ගැනීමට කරපු බැසිල් රාජපක්ශගෙ එක්ස්පෙරිමන්ට් එකක් ඕක..
    horen ganee neda kashtiya harala gas
    lol
     
    • Haha
    Reactions: Ramiel