මූලික වැටුපේ වර්ධනයක් ද සහිතව රාජ්‍ය සේවකයන් සඳහා දැනෙන වැටුප් වැඩි වීමක් සිදුකෙරෙන අයවැයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (17) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙයි.
රටේ ඉදිරි සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වන යෝජනා මෙන්ම අයවැය යෝජනා සැකසීමේ දී රටේ සෑම ජන කොටසක් ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් වන යෝජනා මෙවර අයවැයට ඇතුළත් වනු ඇති බව ද වාර්තා වේ.
බදු ආදායම් තවත් වර්ධනය කර ගැනීම සඳහා බදු දැල සඳහා බදු යාන්ත්‍රණය පුළුල් කිරීමට ද මෙවර අයවැයේ අවධානය යොමුකර ඇත.
දැනට පවතින සහනාධාර ලබා දෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනා ගනිමින් සහනාධාර අත්‍යවශ්‍ය ප්‍රජාව වෙත ලැබෙන බවට නිශ්චය කර ගැනීමට හා එම ක්‍රියාවලිය කඩිනම් කිරීම ගැන ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වෙයි.
තවද රාජය සේවයේ සදහා නව බදවා ගැනීම් 50,000ක් සිදු කිරීමට කැබිනට් මන්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම වර්ෂය (2025) සඳහා වන රජයේ අයවැය ලේඛනය හෙට උදේ 10.30 ට මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. පසුගිය 13 වැනිදා පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැති අතර අයවැයට අදාළ තීරණාත්මක කරුණු කිහිපයක් සාකච්ඡා වී ඇත.