ළමයිට පාඩම් කරන්න ඔනේ නම් විදුලිය ඔනේයේ කුප්පි ලාම්පුවෙන් උනත් පුළුවන් නේ - විදුලි බල මාධ්‍ය ප්‍රකාශක 😡😡

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    154
    366
    63
    විදුලි බිල වැඩි කිරීම ජනතාවට දැනෙන්නේ එය වසර 9 කට පසු සිදු කිරීම නිසා බවත්, එලෙස විදුලිඛිල වැඩි නොකිරීම නිසා ගෙවීමට ඇති ණය මුදල බිලියන 440 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසනවා.

    ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට හැකි බවද, දැන් සිටින වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ඉංජිනේරුවන්ටද විදුලිය නොතිබූ බවද, තමන්ට ඇති දෙයින් ඉගෙන ගෙන තැනකට පැමිණීමට තමා දැනගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

    මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ පවතින විදුලිඛිල දරා ගැනීමට ජනතාවට හැකියාවක් නොමැති බවට ඔබට සිතෙන්නේ නැතිද යන්නයි. එයට පිළිතුරු ලබාදුන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එය තාත්තාගේ වැරැද්දක් බවත් තාත්තා මහන්සි වී මුදල් සෙවීමට දැනගත යුතු බවයි.

    මෙහිදී වතුවල වැඩකරන පුද්ගලයෙකුට ලැබෙන්නේ රුපියල් 1000 ක පඩියක් බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ලැබෙන පඩිය ඔවුන්ට නොලැබෙන බවත් මාධ්‍යවේදියා පවසා සිටි අතර,
    විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා එයට පිළිතුරු දෙමින් සඳහන් කළේ, වත්ත සුද්ද කරන අය රු.2500 ක් අය කරන බවත්, දිනපතා සවස 2 වනවිට මත්පැන් පානය කර ඔවුන් මොන තරම් පෝලියෙන් ජීවත් වෙන්නේද යන්න තමාට එහි ගොස් පෙන්විය හැකි බවත්, ඔවුන්ගේ පවුල් ගෙනියන්නේ නිවසේ සිටින බිරින්දෑවරු බවයි.

    මාධ්‍යවේදියා යළිත් පැනයක් යොමු කරමින් රු.1000 ට වඩා අඩුවෙන් වැටුප් ලබන පිරිස් රටේ සිටින බව විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ඔහු සඳහන් කළේ, එය මිනිසුන්ගේ වැරැද්දක් බවත් සිංගප්පූරුවේ මිනිසුන් වැඩ දෙකක් දවසකට සිදුකරමින් මහන්සි වී වැඩ කරන බවත්, ඔවුන්ට ඕපාදූප සෙවීමට වෙලාව නොමැති බවයි.
    Source : හෙළකුරු


    CEB.jpg


    මේ වගේ Emotional නොවන තිරිසන්නු වගේ උත්තර දෙන උන්ද බන් CEB එකේ ඉන්නේ.. පට්ටම Unethical උත්තර නෙහ් මූ දීලා තියෙන්නේ !! මුගේ ළමයින්ටත් සාප කරනවා ඇති මිනිස්සු :mad:
    ------ Post added on Feb 21, 2024 at 5:24 PM
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,768
    1
    7,922
    113
    සිංහලුන් ප්‍රසිද්දියෙ බනිනවා නේද...?
    2 වෙද්දි ශොට් එකක් දාන්න අමතක උනා අද මට :(

    -------------
    edit

    ඉංජිනේරු තුමා ලොකු ටෝක්ස් දුන්නට ඉතිං
    පැය ගනන් කරන්ට් එක කපපු එකට එකෙක් වග උනෙ නැ නෙහ් CEB එකෙ...
    එකෙක් අයින් කරාද? අයින් උනාද?

    මයියික්කො ගහන්න ඕනෙ පුම්කේ...

    edit 2
    CEB letter head එකෙන්ම
    සාමාව අරන්..
    මොනාටද මේ එන්නෙ...
    428614168_728853099433552_5621979181397359317_n.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,114
    2
    43,072
    113
    Facts 😏 bro is cooking..
    To some extent - but consider this: the police are supposed to enforce the rule of law, but when they are clearly incapable of this, it's not fair to blame the common man for not protecting themselves... it feels like that's what is going on here, it's not fair to blame the common man entirely and turn a blind eye towards the corruption going on the highest levels of government and government entities like CEB and Ceypetco, which is a major contributory factor for the prices going up higher and higher.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    9,921
    6,888
    113
    Ohio, USA
    Mehema Balu Wena Jaathiyak Dakkamai...
    Nila Maadya Prakashakalama Mehema Jaathiyak Ballata Daala Kathakaranna Uney Okkoma Ara GotaBAYA wa GAYnna Gihilla Neyda Kiyala Mathak wenakota Ena Sathuta...
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    912
    377
    63
    Nugegoda
    ඇමතිලයි කියන හොරුන්ගෙ ඉඳුල් කන බත් ගොට්ටො කියන්නෙ මෙන්න මේ වගේ කාළකණ්නින්ට. මේ යකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක කියල කියන්නෙ. දැන් අවුරුදු 58ක් වයස මිනිහෙක්. ප්‍රශ්ණ අහන එකාට උත්තර දෙන්නෙත් නිකන් කිණ්ඩියට වගේ. ඌ ඒ කිණ්ඩිය දාන්නෙ ප්‍රශ්ණ අහන එකාට වෙන්න බෑ. රටේ සාමාන්‍ය ජනතාවට.
    දැන් වෙච්ච දේ වෙලා ඉවරලු. මේ තියෙන අවුරුදු දෙකට මේක කොහොමහරි ගොඩදාන්නලු යන්නෙ. ඒකෙදි ජනතාවට දැඩි ලෙස පහර දෙනවලු. දැඩි ලෙස පහර දෙනව කියල අවධාරණය කරල දෙපාරක්ම කිව්ව. ජනතාව නිකන් ඉඳල කන්න යනවලු. දෙපයින් නැගිටින්න කැමති නෑලු. සමෘද්ධිය අරව මේව කියල නිකන් දෙන ඒව වැඩිලු, කොච්චර වැවෙන රටක් වුණත් එකෙක් නෑලු වවන්න. මේ ඉඳුල් කාක්කා දන්නෙ නෑ රටේ සාමාන්‍ය ජනතාව නෙවෙයි නිකන් ඉඳන් කන්නෙ කියල. රටේ ලොකු පුටුවල ඉන්න දේශපාලුවො ඇතුළු උන්ගෙ පවුල්වල එවුන් තමයි නිකන් ඉඳන් කන්නෙ. උන් කන්නෙ රටේ ජනතාවගෙන් එකතු කරන ඒ බදු සල්ලිවලින් කියල මේ ඉඳුල් ගිලින කුක්කා දන්නෙ නෑ. සමෘද්ධියයි, අස්වැසුමයි කියල එක එක කාලෙට එක එක ආධාර වැඩසටහන් ප්‍රමෝට් කරේ උන්ගෙ ඡන්ද වැඩවලට පහසුවෙන්න මිසක් මිනිස්සුන්ගෙ ඉල්ලීමට නෙවෙයි කියලත් මේ ඉඳුල් ගිලින කුක්කා දන්නෙ නෑ. වෙච්ච දේ වෙලා ඉවරයි කිව්වට වෙච්ච දේට සෘජුවම වගකියන්න ඕනි බලයෙ ඉන්න ඒ මුගේ හාම්පුතාල කියලත් මූට අමතක වෙලා..
    නිවේදකය බදුල්ලෙ වෙච්ච සිදුවීමක් උදාහරණයකට අරගෙන ඒත් එක්කම විදුලි බිළ වැඩිවෙලා ගෙවාගන්න අමාරුයි නේද කියල ඇහුවම මේ ඉඳුල් බුදින හාදය කියනව ඒක පිළිගන්නවලු. එහෙම වුණේ විදුලිය නිකන් දීල හුරු කරපු නිසාලු.. මේ හාදය දන්නෙ නෑ විදුලිය රජයෙන් කිසිම සාමාන්‍ය මිනිහෙක්ගෙ ගෙදකට නිකන් දීල නෑ කියල. මැති ඇමතිලනම් ලක්ෂ ගණන් විදුලිබිල් ගෙවන්නෙ නැතුව රජයට පොලු තියල මාස කීපයකට කලින් නෝන්ඩිත් වුණා..
    ඊට පස්සෙ මේ ඉඳුල් ගිලින කුක්කා අහනවා ඇයි ළමයින්ට විදුලිය ඕනි පාඩම් කරන්න කියල. මේ ගොබ්බ කුක්කගෙ මානසිකත්වය මොන වගේ එකක්ද කියන්න ඒකම ඇති. මූට ඕනි මේ සාකච්චාව මාතෘකාවක් කරන්න මිසක් රටේ ප්‍රශ්ණයකට විසඳුමක් හොයල දෙන්න නෙවෙයි. කුප්පි ලාම්පු, ඉටිපන්දම්, පැට්‍රොල් මැක්ස් පත්තුකරගෙන පාඩක් කරන්න තිබුණ අපේ මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කියල ලබ්බක් නඩත්තු වෙන්නෙ නැත්තම්. ලෝකෙට ණයවෙලා රටේ එක එක තැන්වල හරියට වැඩකරන්නෙත් නැති විදුලි බලාගාර කියන අටමගල් ඇටෙව්වෙ නැත්තම් ඔය කියන විදියට කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කරන්න තිබුණා. ඒත් ඒ අටමගල් හදන්නයි, ඒ අටමගල් භාරව තියෙන අමාත්‍යාංශවල ඉන්න මුන් වගේ ඉඳුල් කුක්කොන්ගෙ පඩි ගෙවන්නයි, ඇමතිලගෙ ඇට මිරිකන මුන් වගේ එවුන්ට බෝනස් ගෙවන්නයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ බදු සල්ලි එකතු කර කර එහෙම කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්නෙයි කියන එක හෙන අවුල් නේහ්..
    තාත්තල දැනගන්න ඕනිලු මහන්සිවෙලා වැඩ කරන්න. තාත්තගෙලු වැරැද්ද. ඒ තාත්තා බොන්නෙ නැද්ද කියල අහනව ඊට පස්සෙ. ඒ තාත්තා බොන පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒත් මොන විදියෙ කැත චෝදනාවක්ද මේ ඉඳුල් කුක්කා එල්ල කරන්නෙ ඒ මූ දැකලවත් නැති මිනිහෙක්ට..
    කඳුකරේ මිනිස්සු හෙන ජොලියෙලු ඉන්නෙ. දෙක වෙද්දි හැමෝම බීලා ඉන්නව කියල මේ කුක්කා කුක්කගෙ අත්දැකීමෙන්ලු කියන්නෙ..
    තේ වත්තක මිනිහෙක්ගෙ ආදායම මදි කිව්වම මේ ඉඳුල් කුක්කා ආයෙත් කියනවා මිනිස්සු මහන්සි වෙන්න ඕනිලු. සිංගප්පූරුවෙ මිනිස්සු රස්සා දෙකක් කරනවලු. මූ මොන සිංගප්පූරුවක් ගැනද මේ කියවන්නෙ කියල මමනම් දන්නෙ නෑ. සිංගප්පූරුවෙයි ලංකාවෙයි ජීවන තත්වයන් අහසට පොළොව වගේ. කෝච්චි ස්ටේෂන්, ෂොපින් මෝල් හැම එකක්ම වගේ සුපිරිම පහසුකම් ලබා දෙනවා. බහුතරයක් ස්ටේෂන් වායු සමීකරණය කරල තියෙන්නෙ. ඒ රටේ (සිංගප්පූරුවෙ) මිනිස්සුන්ගෙ ජීවන තත්වය එක්ක මේ ලංකාවෙ මිනිස්සු කොහෙද ඉන්නෙ?
    ඊටපස්සෙ කියනව ආතල්ම කතාවක්, කොළඹ වැඩ කරන්න මිනිහෙක් හොයාගන්න නෑලු. බිල්ඩින්වල වැඩ කරන්න ඉන්නෙ ඔක්කොම චීන්නුලු. මේ කුක්කා දන්නෙ නෑ චීන කම්පැනිවල වැඩට වැඩිපුර චීනෙන්ම මිනිස්සු ගෙන්නනව කියලත්. මූ නිකන් හීරෝ වගේ කියවගෙන කියවගෙන ගියාට මුගේ සාමාන්‍ය දැනීම සීරෝ.
    ඊට පස්සෙ කියනව රෙදි අයර්න් කරන්න ඕනිත් නෑලු. ආතල්ම සීන් එක කියන්නෙ ඌත් මේ රැලි තියල අයර්න් කරපු කලිසමයි කෝට් එකයි ඇඳගෙනම ඒක කියන එක. ඒකත් ගලවලම හැබැයි බංකොලොත් රටක ඒ ලෙවල් එකට ඉන්න බෑ කියල කිව්වනම් තමයි හැබැයි ප්‍රැක්ටිකල්.
    අන්තිමටම මේ ඉඳුල් කන හාදයා කියනව අපිට වයිල්ඩ් බෝර් එක්ක බත් එකක් නිකන් කන්න පුළුවන්ලු ගමකට ගියාම. අනේ කුක්කෝ උඹට නිකන් කාල පුරුදු නිසා උඹ එහෙම කියනව ඇති. උඹ වගේ ලොකු ලොකු පුටුවල ඉන්න කාළකණ්නි මෙච්චර කාලයක් නිකන් කාපු නිසා තමයි අපිට මෙහෙම වුණේ...
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,346
    16,251
    113
    Kaer Morhen
    thewitcher.com
    To some extent - but consider this: the police are supposed to enforce the rule of law, but when they are clearly incapable of this, it's not fair to blame the common man for not protecting themselves... it feels like that's what is going on here, it's not fair to blame the common man entirely and turn a blind eye towards the corruption going on the highest levels of government and government entities like CEB and Ceypetco, which is a major contributory factor for the prices going up higher and higher.
    Bro has nothing to lose, His milking days are almost over and now he's directing all the public anger towards him.he got no chill. His facts are true about people, but the problem is yes, as u said he's pointing a finger towards the public while 4 are pointing to them (ceb),
     
    • Like
    Reactions: Hyaenidae

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,485
    2,167
    113
    විදුලි බල මාධ්‍ය ප්‍රකාශක කියලා තනතුරකුත් තියෙනවද බං දැන්
     
    • Haha
    Reactions: Sen-lu and shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    35,366
    70,092
    113
    පුදුම කේන්තියක් ආවේ මේක කියෙව්වාම
    මූ අර බොන කතා කියන්නේ කොහොමද එහෙම දන්නේ නැතුව. කවුද දන්නේ ඒ තාත්තා බිව්වද නැද්ද කියලා. අනික බොන එක ආදාලම නෑනේ මෙතෙන්නට
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,330
    5,078
    113
    විදුලි බිල වැඩි කිරීම ජනතාවට දැනෙන්නේ එය වසර 9 කට පසු සිදු කිරීම නිසා බවත්, එලෙස විදුලිඛිල වැඩි නොකිරීම නිසා ගෙවීමට ඇති ණය මුදල බිලියන 440 ක් බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත පවසනවා.

    ළමයින්ට පාඩම් කිරීමට විදුලිය අවශ්‍ය නොවන අතර විදුලිය නොමැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කිරීමට හැකි බවද, දැන් සිටින වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ඉංජිනේරුවන්ටද විදුලිය නොතිබූ බවද, තමන්ට ඇති දෙයින් ඉගෙන ගෙන තැනකට පැමිණීමට තමා දැනගත යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

    මෙහිදී මාධ්‍යවේදියා විමසා සිටියේ පවතින විදුලිඛිල දරා ගැනීමට ජනතාවට හැකියාවක් නොමැති බවට ඔබට සිතෙන්නේ නැතිද යන්නයි. එයට පිළිතුරු ලබාදුන් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එය තාත්තාගේ වැරැද්දක් බවත් තාත්තා මහන්සි වී මුදල් සෙවීමට දැනගත යුතු බවයි.

    මෙහිදී වතුවල වැඩකරන පුද්ගලයෙකුට ලැබෙන්නේ රුපියල් 1000 ක පඩියක් බවත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ලැබෙන පඩිය ඔවුන්ට නොලැබෙන බවත් මාධ්‍යවේදියා පවසා සිටි අතර,
    විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා එයට පිළිතුරු දෙමින් සඳහන් කළේ, වත්ත සුද්ද කරන අය රු.2500 ක් අය කරන බවත්, දිනපතා සවස 2 වනවිට මත්පැන් පානය කර ඔවුන් මොන තරම් පෝලියෙන් ජීවත් වෙන්නේද යන්න තමාට එහි ගොස් පෙන්විය හැකි බවත්, ඔවුන්ගේ පවුල් ගෙනියන්නේ නිවසේ සිටින බිරින්දෑවරු බවයි.


    මාධ්‍යවේදියා යළිත් පැනයක් යොමු කරමින් රු.1000 ට වඩා අඩුවෙන් වැටුප් ලබන පිරිස් රටේ සිටින බව විමසා සිටි අතර එයට පිළිතුරු ලබාදුන් ඔහු සඳහන් කළේ, එය මිනිසුන්ගේ වැරැද්දක් බවත් සිංගප්පූරුවේ මිනිසුන් වැඩ දෙකක් දවසකට සිදුකරමින් මහන්සි වී වැඩ කරන බවත්, ඔවුන්ට ඕපාදූප සෙවීමට වෙලාව නොමැති බවයි.
    Source : හෙළකුරු


    View attachment 225029


    මේ වගේ Emotional නොවන තිරිසන්නු වගේ උත්තර දෙන උන්ද බන් CEB එකේ ඉන්නේ.. පට්ටම Unethical උත්තර නෙහ් මූ දීලා තියෙන්නේ !! මුගේ ළමයින්ටත් සාප කරනවා ඇති මිනිස්සු :mad:
    ------ Post added on Feb 21, 2024 at 5:24 PM
    MUNA MARAPIYAVU YAKOOO