‘මැලේසියාවෙයි ඉන්දුනීසියාවෙයි තානාපතිලා කතා කරලා විරෝධය දැක්වුවා’ යළි පාම් ඔයිල් අනයනයට පියවර?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    12,428
    10,098
    113
    https://elakiri.com/threads/පාම්-ඔයිල්-ආනයනය-තහනම්-කරන්නැයි-ජනපති-නියෝග-කරයි.1982587/


    පිරිපහදු කළ සහ ගුණාත්මක බවෙන් ඉහළ පාම් ඔයිල් ආනයනය කිරීම සදහා අවසර ලබා දීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

    පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කිරීමෙන් පසුව ඉන්දුනීසියානු තානාපතිවරයා සහ මැලේසියානු මහකොමසාරිස්වරයා තමන්ට කතාකර ඒ සම්බන්ධයෙන් සිය විරෝධය වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා Daily Mirror පුවත්පතට සඳහන් කර තිබේ.

    පාම් ඔයිල් ආනයනය තහනම් කිරීම, ලෝක වෙළද සංවිධාන එකගතාවයන් උල්ලංඝණය කිරීමක් බව ඔවුන් දෙදෙනා විසින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ප‍්‍රකාශ කර තිබුණි.

    මැලේසියාව සහ ඉන්දුනීසියාව යන දෙකම මිත්‍ර රටවල් වන අතරමෙම ගැටලුව විසඳා ගතහැකි බවත් එම රටවල් සමඟ තවදුරටත් සහයෝගීතාව අපේක්ෂා කරන අතර , ඉන්දුනීසියාව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් (FTA) සාකච්ඡා කිරීමට රජය සුදානම් බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    මේ තත්ත්වය මත, පිරිපහදු කල, ගුණාත්මක බවෙන් ඉහල පාම් ඔයිල් ආනයන කිරීමට අවසර ලබා දීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තා වේ
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,796
    2,494
    113
    Sri Lanka
    FB_IMG_1620669523895.jpg