‘සුබ ආරංචියක් පොහොට්ටුවෙන්......නිර්වින්දන එන්නත් රෝහල්වල නෑ.. ශල්‍යකර්ම ඇණහිටින තත්වයක්..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    57,043
    54,229
    113
    රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු ‘ලිඩෝකයින්’ (lidocaine) නමැති නිර්වින්දන එන්නත් තොග ප්‍රධාන රෝහල් රැසකටම සපයා නොතිබීමෙන් සාමාන්‍ය ශල්‍යකර්ම පවා සිදු කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    මෙම නිර්වින්දන එන්නත ඉතා සුළු සැත්කම්වලට මෙන්ම බරපතළ සැත්කම් සඳහාද භාවිත කරන බැවින් එය අනිවාර්යයෙන්ම රෝහල් වල තිබිය යුතුය.

    එහෙත් මේ වන විට එය විශාල හිඟයක් තිබීම බරපතළ අවදානමක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත මගින් පැහැදිලි වෙයි.

    මීට අමතරව රෝහල් වල ඖෂධ වර්ග සියයක් පමණ හිඟයක් පැවතීම නිසා රජයේ රෝහල්වල බාහිර රෝගී අංශ වලින් ඖෂධ නිකුත් කිරීම ඉදිරියේදී ඖෂධ කිහිපයකට පමණක් සීමා කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවද වාර්තා වේ.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    10,781
    1
    5,758
    113
    Sri Lanka
    බය වෙන්න එපා. ප්‍රයිවට් හොස්පිටල් වල ඕවා තියෙනවා. මැරෙන්න ඕනෙ නැත්තම් එහෙන් කරගන්න කියලා නොකියා කියන්නෙ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,197
    5,682
    113
    ඔය බෙහෙත් ගන්න තියෙන සල්ලි තමයි අස්වැසුම කියලා බෙදලා දෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,215
    37,005
    113
    වැඩ බැරි හොර මෝඩ පොහොට්ටු ඇමතිලත් එක්ක රනිල් මහත්තයට මීට වැඩිය දෙයක් උබලට කරල දෙන්න බැරිබව උබලත් තේරුම් ගන්න ඕනේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,857
    12,499
    113
    පිංපොං කරපු එකම දේ පරක්කු කරන්නෙ නැතුව ණය වෙච්ච එකයි, ආනයන සීමා කරපු එකයි විතරයි :lol:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    717
    617
    93

    කොහෙද ඉතින්. අර රදළ කුළේ මහත්තයාව හිරේ දැම්මනේ තොපි එකතු වෙලා. එතුමා හිටියනම් ලංකාවේ හදල හරි දෙනවා ඕනෑම බෙහෙතක්.​

     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,193
    6,525
    113
    Lidocaine belongs to the family of medicines called local anesthetics. This medicine prevents pain by blocking the signals at the nerve endings in the skin. This medicine does not cause unconsciousness as general anesthetics do when used for surgery.
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    717
    617
    93
    Lidocaine belongs to the family of medicines called local anesthetics. This medicine prevents pain by blocking the signals at the nerve endings in the skin. This medicine does not cause unconsciousness as general anesthetics do when used for surgery.
    Not correct. GA is not used unless other anesthesia cannot be used. Local and spinal are widely used in surgeries in Sri Lanka.