‘‘බාල බෙහෙතේ මහ මොළකරු කැබිනට්ටුවේ‘

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීමේ සිද්ධියේ මහමොළකරු සිටින්නේ කැබිනට් මණ්ඩලයේ බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන් මෙම සිද්ධියේ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පුළුවන්නම් ඔහු අත්අඩංගුවට ගෙන පෙන්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තතුවට අද (15) අභියෝග කළේය.

    සෞඛ්‍ය අමාතත්‍යංශයේ අයට වඩා ශ්‍රී ලංකාවේ මිනිස්සු පිළිබඳව තම සේවාදායකයා දුක් වන බවත් උසාවිය කුමන අන්දමින් අධිකරණ මනස යෙදවුවත් මෙම අපරාධට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගන්නේ නැතැයි කී ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ටෙන්ඩර් පටිපාටියේ ඇති ගැටළු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගතයුතු අය අල්ලන්නේ නැතුව නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව කටයුතු කළ නිර්දෝෂී තම සේවාදායකයා අත්අඩංගුවට ගත්තේ ඇයිදැයි වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

    සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ඹෟෂධ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා සතියක කාලයක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට ඹෟෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට නියම කළ අතර අදාළ වාර්තාව ලබාදීමට පමා කළහොත් එය හිතාමතාම විමර්ශවලට බාධා කිරීමක් බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් ඔහු ලබන 29 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළාය.

    ඉනන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,208
    194,258
    113
    Colombo, Sri Lanka
    ඔක්කොම හොරකම් වංචාවල මහමොල කරුවන් ඉන්නේ නම් ඕක ඇතුලේ තමයි
     
    • Like
    Reactions: SLK_sri