දෙවන ලෝක යුද්ධයේදී ජර්මනිය විසින් අල්ලාගත් බටහිර යුරෝපානු ප්‍රදේශ නිදහස් කරගැනීම සඳහා මිත්‍ර පාර්ශවය ආරම්භ කළ ආක්‍රමණය, එනම් නෝමැන්ඩි සටන (Battle of Normandy), හඳුන්වන සංකේත නාමය ඔපරේෂන් ඕවර්ලෝඩ් (Operation Overlord) ය. 1944 ජුනි 6 සිදු කෙරුණු නෝමැන්ඩි ගොඩබැසීම (Operation Neptune හා D-Day යන නම්වලින් හදුන්වන) මගින් මෙම ආක්‍රමණය ආරම්භ විය. එහිදී ගුවන් යානා 1,200 ක් මගින් ද, ඉන් පසු නාවුක යාත්‍රා 5,000 කට අධික ප්‍රමාණයකින් ද හමුදා භටයින් නෝමැන්ඩි වෙරළ (Omaha Beach) ආසන්නයට ගොඩ බසින ලදී. 160,000 ක් පමණ සෙබළුන් ඉංග්‍රීසි ඕඩය හරහා ගමන් කළ අතර අගෝස්තු අවසානය වනවිට ප්‍රංශයෙහි මිත්‍ර පාර්ශවයේ සෙබළුන් මිලියන දෙකක් පමණ සිටියහ.
සටන පැවති කාල සීමාව: 1944 ජුනි 6 – අගෝස්තු 30 (මාස 2 ක්, සති 3 ක් සහ දින 3 ක්)
සටන පැවති ස්ථානය: උතුරු ප්‍රංශය
ප්‍රතිඵලය: මිත්‍ර පාර්ශවයට ජයග්‍රහණය
Operation Overlord
Steven Speilberg ගේ Saving Private Ryan චිත්‍රපටයෙන්