මෙහි වූ ආකාසය දැවැන්ත ඉලක්ක පුවරුවක ස්වරූපයයෙන් දිස්වන්නේ මන් ද? 2014 වසරේ, අප්‍රේල් මාසයෙහි බංගලාදේශයෙහි ඇති වූ දැවැන්ත අකුණු කුණාටුවකට පසුව චීනයට අයත් ටිබෙටයට ඉහළින් දිස්වූ ආකාසය මෙවන් රැළි සහිත ස්වරූපයකින් දිස්වීමට "Airglow' නමින් හදුන්වන සංසිද්ධියක් හේතු වී තිබේ. පෘථිවියේ ඉහළ වායුගෝලයට වන්නට ඇති වායු අණු සහ පරමාණු මගින් සූර්යයාගෙන් පැමිණෙන පාරජම්බුල කිරණ සහ X-කිරණ වරණාත්මකව අවශෝෂණ කරගැනීමේ ක්‍රියාවලියක් නිසා ආකාසයේ ඇතිවන ආලෝක විමෝචනය වීම නිසා මද වශයෙන් දිස්වන දීප්තියක් හටගැනීම "Airglow" නමින් හදුන්වනු ලබයි. පහත දැක්වෙන ඡායාරූපයෙන් පෙන්නුම් කරන පරිදි මෙවැනි "Airglows" පැහැදිලිව දැකගත හැකිවන්නේ රාත්‍රී ආකාසයකදී ය.
මෙහිදී ආකාසයෙහි දිස්වන අසාමාන්‍ය රැළි සහිත ස්වභාවය ඇති කිරීමට වායුගෝලීය ගුරුත්ව තරංගයන් මගින් පොළව මට්ටමේ සිට ඉතා ඉහළ උන්නතාංශයන් දක්වා ගමන් කරන විට හමුවන තුනී වායූගෝලීය ස්ථරයන්ට අයත් ප්‍රදේශවල වූ වායු පීඩනයෙහි සිදු කරන වෙනස්කම් හේතු වී ඇති අතර මෙම ඡායාරූපය ගතහොත් මෙහිදී මෙය සිදුවී ඇත්තේ පොළව මට්ටමේ සිට කිලෝමීටර 90 ක් පමණ ඉහළ උසකදී ය. "Airglow" හටගැනීම සිදුවන්නේ, අවුරෝරා ආලෝක රටාවන් හටගැනීමට හේතුවන ඉහළ උන්නතාංශයන්ගේ පවතින ධණ ආරෝපිත අංශු අතර ඇතිවන ගැටීම් හේතුවෙන් මෙන් නොවන අතර ඒ සදහා බලපානු ලබන්නේ රසායන විද්‍යාවෙහි (chemiluminescence) එන ආලෝකය උත්පාදනයේදී සිදුවන රසායනික ප්‍රතික්‍රියාවකි. මෙවැනි "Airglows" සාමාන්‍යයෙන් දැකගත හැක්කේ ක්ෂිතිජයට ආසන්න සීමාවේදී වන අතර මෙවැනි "Airglows" මගින් රාත්‍රී ආකාසය සම්පූර්ණයෙන් අඳුරුව දිස්වීම වළක්වාලීම සිදු කරයි.
Image Credit & Copyright: Jeff Dai
Airglow