✨🌟 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 15 - "Wolf's Cave" පරාවර්තන නිහාරිකාවෙහි අසිරිය (Wolf's Cave Nebula) 🌟✨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    27,408
    138,386
    113
    Los Alamos
    Re2fjSp.jpg


    පහත දැක්වෙන ඡායාරූපයෙන් නිරූපණය වන "Barnard 175' නම් වූ "Bok globule" ගනයට අයත් දූවිලිවලින් ගහණ අණුක වළාවන්ගෙන් නිර්මාණය වූ අඳුරු නිහාරිකාවෙහි කෙළවරට වන්නට පිහිටා ඇති නිල්පැහැති පරාවර්තන නිහාරිකාව (reflection nebula) "Wolf's Cave Nebula" යනුවෙන් හදුන්වනු ලබයි. "VdB 152" හා "Ced 201" යන වර්ගීකරණ නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මෙම නිහාරිකාව ඉතා මද ආලෝකයකින් දිස්වන බැවින් නිරීක්ශනය කිරීමට තරමක් අපහසු නිහාරිකාවක් ලෙසට සලකනු ලබයි. "Wolf's Cave" නිහාරිකාව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1400 ක් ඈතින්, "Cepheus' නම් තාරකා රාශියට වන්නට ය.

    නිහාරිකාව අවට කලාපයෙහි පවතින අන්තර්තාරකා දූවිලි මගින් නිහාරිකාව පසුබිමින් ඇති තාරකාවන්ගෙන් පැමිණෙන ආලෝකය අවහිර කිරීම හා නිහාරිකාව තුළ ඇති දීප්තිමත් තාරකාව මගින් එල්ලවන ආලෝකය විසුරුවා හැරීමත් හේතුවෙන් මෙම නිහාරිකාවට මෙම සුවිශේෂ නිල්පැහැය ලැබී තිබේ. සාමාන්‍යයෙන් තාරකාවන් අණුක වළාවන් තුළ බිහිවීම් සිදු වුවද මෙම දීප්තිමත් තාරකාව මෙම නිහාරිකාව වෙත අහඹු ලෙස පැමිණ ඇත්තේ වෙනස් ස්ථානයක වන බවට තාරකා විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත.

    ඒ ඔවුන් විසින් මේ පිළිබදව සිදුකළ ගණනය කිරීම්හී'දී මෙම තාරකාව අවකාශය හරහා ගමන් කළ ප්‍රවේගය, අණුක වළාවෙහි ප්‍රවේගයට සාපේක්ෂව වෙනස් අගයක් දරන බවට හෙළිවී තිබීම හේතු වී ඇත. ඡායාරූපයෙහි පහළින්ම "Dengel-Hartl 5" නම් වූ ග්‍රහමය නිහාරිකාව (planetary nebula) දිස්වන අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර පැරණි සුපර්නෝවා පිපිරීමක අවශේෂයන් (supernova remnant) මගින් නිකුත් කරනු ලබන රතු පැහැයෙන් දිදුළන වායූන් ද ඡායාරූපයෙහි දකුණු පසට වන්නට දැකගත හැකිය. මෙම නිහාරිකාව "Wolf's Cave Nebula" ලෙස නම් කර ඇත්තේ ජර්මානු ජාතික තාරකා විද්‍යාඥයකු වන "Max Wolf" මහතා සිහිවීම පිණිස ය.


    Image Credit & Copyright: Gianni Lacroce

    WolfsCave_Lacroce_3053.jpg





    vdB 152, Barnard 175

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    27,408
    138,386
    113
    Los Alamos
    තාරකාව මෙම නිහාරිකාව වෙත අහඹු ලෙස පැමිණ ඇත්තේ වෙනස් ස්ථානයක ??

    මෙව්ව එහෙ මෙහෙ යනවද, මන් හිතුවෙ එක තැනක තියනවා කියල :baffled:
    මනුස්ස පරාණ විතරක් නෙවේ මහත්තයො අයාලෙ යන්නෙ, තරුත් එහෙමයි. :baffled:
     

    Similar threads