දේශීය නය ප්‍රතිව්‍යුහකරන ක්‍රියාවලියේ දී සේවක අර්ථසාධක අරමුදලෙන් සහ සේවක භාරකාර අරමුදලෙන් රජය ලබාගෙන තිබෙන නය කපා හැරීම වලක්වමින් නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත්කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අගෝස්තු 9 වෙනදා සහ 10 වෙනිදා හේතු දැක්වීමකින් තොරව, ශ්‍රේෂ්ඨාධිකරනය විසින් නිෂ්ප්‍රභා කරන ලදී. මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම් දෙක ගොනුකර තිබුනේ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් මෙහෙයවන අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ සහ ජවිපෙ නායකත්වය දෙන ජාතික ජනබල වේගයේ විධායක කමිටු සභික චතුරංග අබේසිංහ විසිනි.
දේශීය නය ප්‍රතිව්‍යුහකරනය පිලිබඳව ජනාධිපති වික්‍රමසිංහ ඉදිරිපත්කල සැලසුම, ජූලි 1 දින, පාර්ලිමේන්තුව වැඩි චන්දයෙන් සම්මත කලේය. සැලසුමට අනුව පුද්ගලික අංශයේ, රාජ්‍ය සංස්ථා හා බැංකුවල සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදලට ලැබෙන පොලිය අඩු ප්‍රතිශතයකට සීමා කිරීමෙන් අවසානයේ ඔවුන් විශ්‍රාම යනවිට විශාල මුදලක් කැපී යාමට නියමිත ය.
කම්කරුවන් අතර පැතිරීගිය විරුද්ධත්වය මධ්‍යයේ සීමිත විරෝධතා කැඳවූ වෘත්තීය සමිති ඒවා නතර කර අධිකරනයෙන් 'සහන' ලබා ගැනීමේ හැකියාව ගැන ප්‍රචාරය කරමින් මුලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කලහ. අධිකරනය ඉවත දමා ඇත්තේ මෙම පෙත්සම් ය.
ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව ප්‍රකාශයට පත්වූයේ, මුදල් පරිපාලනය පිලිබඳ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල හුවා දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම පෙත්සම් විභාගයට ගැනීම පිලිබඳව විරුද්ධත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශකර තිබු තතු තුලය.
අගෝස්තු 4 දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති පොල් වගාකරුවන්ගේ වාර්ෂික රැස්වීම ඇමතු වික්‍රමසිංහ ආර්ථිකය ගොඩගැනීම තමන්ගේ ඒකායන අරමුන බවද සියලු දෙනා ඊට සහයෝගය දීම පරම යුතුකම බව ද කියා සිටියේය. නය ප්‍රතිව්‍යුහකරනයෙන් එල්ලවන ප්‍රහාරවලට එරෙහිව පැවැත්වූ කම්කරුවන්ගේ විරෝධතා වලට බුරා පනිමින් ඔහු මෙසේ කිවේය:
'සමහර කන්ඩායම් වීදිවල විරෝධතා පවත්වමින් මේ වැඩපිලිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කලා. නමුත්, අන්තිමේ මහජනයාගේ සහයෝගය ලබා ගැනීමට අපහසු වුනා. දැන් ඒ අය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට උසාවිය යොදාගෙන තහනම් නියෝග ගන්න හදනවා.' පාර්ලිමේන්තුවේ බලතල හුවා දක්වූ වික්‍රමසිංහ 'වෙන කාගෙවත් නියෝග අනුව අපිට ක්‍රියා කරන්න බෑ' යයි ප්‍රකාශ කලේය. ජනාධිපති අවධාරනය කර ඇත්තේ තමන් විරෝධතා හෝ උසාවි නියෝග තඹයකට ගනන් ගනන් නොගන, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) නියෝග ක්‍රියාවට දැමීම සඳහා ඒකාධිපතියෙකු ලෙස ක්‍රියා කරන බවයි.
ජනාධිපතිගේ ප්‍රකාශවලින් පසු අදාල පෙත්සම් මගින් මන්ත්‍රීන්ගේ හෝ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද උල්ලංඝනය වී තිබේ දැයි ප්‍රකාශයක් කරන ලෙස ඇමති හරීන් ප්‍රනාන්දු අගෝස්තු 8 වෙනිදා පාර්ලිමේන්තු කතානායකගෙන් ඉල්ලා සිටියේ ය. පසු දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කල කථානායක මහින්ද යාපා අබේවර්ධන දේශීය නය ප්‍රතිව්‍යුහකරනය පිලිබඳ යෝජනාව පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරනය හෝ වෙනත් උසාවියක් මගින් අභියෝගයට ලක් කල නොහැකි බව සඳහන් කලේ ය.
එම මුලික අයිතිවාසිකම් පෙත්සම් අධිකරනය විසින් නිෂ්ප්‍රභා කිරීම සහ කතානායකගේ ප්‍රකාශය මගින් ධනේශ්වර අධිකරනයට හෝ පාර්ලිමේන්තුවට ආයාචනා කිරීමෙන් කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකගත හැකිය යන ධනපති හා ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිති විසින් වගා දිගා කරන මිත්‍යාව පුපුරුවා හැර ඇත.
කථානායක අගෝස්තු 9 වැනිදා ලබාදුන් තීන්දුව “නරක පූර්වාදර්ශයක්” විය හැකි බවත් එය පාර්ලිමේන්තුව සහ අධිකරනය අතර ගැටුමකට හා ව්‍යවස්ථාමය අර්බුදයකට තුඩුදියහැකි බැවින් එය අස්කර ගන්නා” ලෙස අගෝස්තු 11 වෙනිදා ඒ පිලිබඳව පැවති පාර්ලිමේන්තු විවාදයේ දී විපක්ෂයේ සමගි ජන බලවේගයේ (සජබ ) සහ ජවිපෙ නායකත්වය දෙන ජාතික ජන බල වේගයේ මන්ත්‍රීහු කථානායක ඉදිරියේ කන්කෙඳිරි ගෑවෝය. ඔහු එය ප්‍රතික්ෂේප කලේ ය.
දේශීය නය ප්‍රතිව්‍යුහකරනය, ඩොලර් බිලියන තුනක විස්තීර්න නයක් ගැනීමේ ගිවිසුම යටතේ ජාමුඅ විසින් වික්‍රමසිංහ ආන්ඩුවට අනකරනු ලැබ තිබෙන රුදුරු ආර්ථික කප්පාදු වැඩපිලිවෙලේ කොටසකි. නය ප්‍රතිව්‍යුහකරනයෙන් වානිජ බැංකු ප්‍රාග්ධනය නිදහස් කරමින් විශ්‍රාමික අරමුදල් වලට කෙටීම මගින් මුලුමනින් ම එහි බර පැටවී ඇත්තේ කම්කරු පන්තිය මතට ය. ඒ අනුව, විශ්‍රාම අරමුදල් වලින් දැනට ආයෝජනය කර තිබෙන සියලුම බැඳුම්කර භාන්ඩාගාරය විසින් ආපසු ගෙන නව බැඳුම්කර නිකුත් කෙරෙයි. නව බැඳුම්කර සඳහා 2025 දක්වා සියයට 12 ක පොලියක් හා ඉක්බිතිව 2038 දක්වා සියයට 9 ක පොලියක් ගෙවයි.
කම්කරුවන් මෙම කප්පාදු සැලැස්මට එකඟ නොවන්නේ නම් දැනට අය කෙරෙන සියයය ට 14 බද්ද සියයට 30 දක්වා ඉහල දමන බවට ආන්ඩුව තර්ජනය කලේ ය.
මහබැංකුව විසින් පාලනය කරනු ලබන මෙම විශ්‍රාමික අරමුදල් හි දැනට රුපියල් ට්‍රිලියන 3.5 තිබෙන අතර ඉන් 95 ක් භාන්ඩාගාර බැඳුම්කර ආකාරයෙන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කර ඇත. ඒ අනුව ආන්ඩුවේ මුලු දේශීය නය ප්‍රමානය වන රුපියල් ට්‍රිලියන 15 න් සියයට 25 ක් පමන විශ්‍රාම වැටුප් අරමුදල් වලින් ලබාගත් නයයි. පවතින සාමාන්‍ය පොලී අනුපාතය මත පදනම්ව, සාම්ප්‍රදායිකව සියයට 13 ක් ලෙස ගනනය කලද, අර්ථසාධක අරමුදලට 2038 වන විට රුපියල් ට්‍රිලියන 12ක් වැනි සුවිශාල මුදලක් අහිමි වන බව ස්වාධීන චින්තන පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් සඳහන් කර ඇත.
කම්කරුවන් මතට මෙම ප්‍රහාරය එල්ල කෙරෙන්නේ ජීවන වියදම ඉහලයාම, රැකියා අහෝසිය සහ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් රෝහල් සේවය ඇතුලු පෙර අරගල මගින් දිනා ගැනුනු සමාජ අයිතීන් අහෝසි කෙරෙන කොන්දේසි තුලය.
එහෙත් වෘත්තීය සමිති විශ්‍රාම වැටුප් කප්පාදුව ඇතුලු ජාමූඅ කප්පාදු වැඩ පිලිවෙලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම ප්‍රතික්ෂේප ඇත. ඒ වෙනුවට ඔවුහු ජාමූඅ කප්පාදු පිලිවෙත් වලට සහ විකමසිංහ ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තිය තුල වර්ධනය වන සටන් කිරීමේ උවමනාව, අධිකරනයට පෙත්සම් ගොනු කිරීම, ආන්ඩුවට විරුද්ධව පෙත්සම් අත්සන් කිරීම හා හුදු පිකට් උද්ඝෝෂන වැනි විරෝධතාවලට කොටු කර විසුරුවාලීමේ දැනුවත් ප්‍රයත්නයක නියැලී සිටිති.
නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමය, දේශීය නය ප්‍රතිව්‍යුහකරන විශ්‍රාම අරමුදල් වලට බල පාන්නේ කෙසේදැයි විමසමින් මහා බැංකු අධිපතිට ලිපියක් ලිවීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරනය ට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කලේ ය. පෙත්සම විභාගයට ගැනීමේ දිනයක් අධිකරනය විසින් තවමත් නියම කර නැතත් අනෙක් පෙත්සම් දෙකට අත් වූ ඉරනම ම අත්වීමට හොඳටම ඉඩ ඇත.
සජබ හා ජවිපෙ ඇතුලු ධනපති පක්ෂ මෙන් ම, වෘත්තීය සමිති ද ජාමූඅ කප්පාදු වැඩ පිලිවලට විරුද්ධ නැත. ඔවුන්ගේ භීතියට පත්ව සිටින්නේ වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන් ට එරෙහිව කම්කරුවන්ගේ අරගල වර්ධනයවීම කෙරෙහිය. කම්කරු පන්තියේ ඇස්වලට වැලි ගසා ජාමූඅ වැඩපිලිවල සූක්ෂමව ක්‍රියාවට දැමීම ගැන ජාතික උපදේශක සභාව තුල දී ආන්ඩුවේ බලධාරීන් හා හාම්පුතුන් සමග ඔවුහු සාකච්ඡා කරති.
එමෙන් ම, සජබ සහ ජවිපෙ පක්ෂ දෙක ම වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහිව වර්ධනය වන කෝපය තමා පිටුපස ගාල් කරගෙන ආන්ඩු බලය අල්ලා ගැනීමේ උත්සාහයක ද නිරතව සිටිති. මෙම පක්ෂ බලයට පැමිනියත ද ක්‍රියාවට දමනු ඇත්තේ වික්‍රමසිංහ ගෙනයන කප්පාදු වැඩපිලිවෙලම ය.
මෑත සියලු අරගලවල අත්දැකීම් පෙන්නුම් කරන්නේ කම්කරු පන්තියට තමන්ගේ අයිතීන් රැකගැනීමේ අරගලය වෘත්තීය සමිති මගින් ගෙන යා නොහැකි බවයි. විශ්‍රාම වැටුප් අරමුදල් ආරක්ෂාකර ගැනීම සඳහා, ජාමූඅ සමස්ත කප්පාදු වැඩපිලිවෙලට සහ වික්‍රමසිංහ-ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රීලපොපෙ) ආන්ඩුවට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් අවශ්‍ය වෙයි. ඒ සඳහා සටන තමන් අතට ගැනීමට කම්කරුවන් සෑම වැඩපොලකම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම දැවෙන අවශ්‍යතාවක් ලෙස මතුවී තිබේ.
------ Post added on Aug 27, 2023 at 10:23 AM