〰️➰ සිංහලෙන් ඉලක්කම් දැකල තියනවද? ➰〰️

1sam

Well-known member
  • Mar 25, 2016
    2,429
    5,029
    113
    වර්ථමානයේ භාවිතයේ තියෙන්නේ "කෝටි" දක්වා විතරයි. ප්‍රකෝටි කියන වචනයත් සංඛ්‍යා ලියන්න භාවිතා වෙන්නේ නෑ විශාල සංඛ්‍යාවක් කියන අදහස එන්න "කෝටි ප්‍රකෝටි ගණන්" කියලා කියනවා විතරයි.
    70 දශකයේ ප්‍රාථමික පන්ති වල (7/8 වගේ ශ්‍රේණියක වගේ ) ගණිත පොතේ අන්තිම පිටුවේ සිංහල ගණන් ක්‍රමය පිලිබඳ වගුවක් තිබුනා. එහි 1 සිට 10^144 දක්වා සිංහල වචන තිබුනා. අවසාන එක 10^144 අසංඛේය (මේ අකුරු වැරදියි. මට නිවැරදි අකුරු ටයිප් කරන්න බැහැ) නමින් හැඳින්වුනා. එහි නහුතය, නින්නහුතය, හුතනහුතය වැනි වචන (වටිනාකම්) තිබුන බව මතක තියෙන්නේ ඒවා කුණුහරුප වගේ නිසයි.