ඔය කාලේ අපි හිටිය ටික කාලෙකට සීදුව - කටුනායක අතර ගෙයක .
ඔය කුරුම්බැට්ටි දෙක ආපු නිව්ස් එක කිව්වා TV එකේ . උන් යන පැත්තත් කිව්වද කොහෙද . කරන්ට් ඕෆ් කරන්න කිව්වා මිනිස්සුන්ට මතක විදියට . නැත්නම් කරන්ට් කැපුවා . සීදුව SF කැම්ප් එකෙන් ගහනව මල් වෙඩි වගේ එලියට බැහැල බලද්දී . පට්ට ලස්සනයි . ගෙවල් තිබ්බ ඒරියා එකට උඩින් වගේ යන්නේ ගහන ඒවා . මම බුරුව වගේ එලියට බැහැල ගියා ගේට්ටුව පැත්තට මිටර් විස්සක් විතර . ගේට්ටුව ඉස්සරහ තිබ්බ ගස් උඩින් එකක් එනව ඇහෙනව . මම හිතුවේ ආමි හෙලික්ප්ටර්යක් කියලා පහතින් ගිය නිසා . එච්චර ලොකු සද්දයක් නෑ .සද්දෙත් අවුල් . හරියට පෙන්නේ නෑ . ගෙදර උන් කෑගහනව ඇතුලට එන්න කියලා . මමත් ඒක ත් එකක්ම ගේ පැත්තට දිව්වා . පොඩි තත්පර ගානක සිද්දියක් . පස්සේ ඒ ලග වේලකට ද කොහෙද වැටිලා තිබ්බ .
මුතුරාජවෙල්ස්ට එකක් වැටුනේ.
අනික ආදායම් බදු බිල්ඩින් එකේ හැප්පුනේ.
ඒ දවස්වල මට වීඩියො එකක් හම්බුනා IR cam එකකින් විඩියො කරපු එකක් ඔය ප්ලෙන් වලට ගහන. හමුදාවෙන්ම වීඩියො කරපු එකක්ද කොහෙද. මල් වෙඩි වගේ තියනවා තියනවා වදින්නේ නෑ කුරුම්බැට්ටියට.
ඔය වෙලාවේ කුරුම්බැට්ටි වලට දිගට හරහට ෆයර් කරද්දී කොහෙන් හරි ගියපු බුලට් එකක් වැදිලා ගෙදරක එලියෙ හිටපු කෙල්ලෙක් මැරුනා වගෙ මතකයි.