
මුලින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් වූ ග්‍රහයින් නවදෙනා අතරින් එකක්ව පැවති, පසු කලකදී එනම් 2006 වසරේදී එම ස්ථානය අහිමි වූ, මේ වන විට වාමන ග්රහලොවක් ලෙස හදුන්වන ප්ලූටෝ (Pluto) ග්‍රහලොවේ අදුරු පැත්ත (Dark side) නිරූපණය කෙරෙන මෙම අපූර්ව ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගත කළ "New Horizons" අභ්‍යවකාශ යානය මගින් 2015 වසරේ මෙම ඡායාරූපය ලබාගෙන ඇති අතර එය ලබාගෙන ඇත්තේ යානය ප්ලූටෝ ග්‍රහයාට කිලෝමීටර 21000 ක් පමණ ආසන්නයේ සිට එනම් යානය ප්ලූටෝට ආසන්නතම ලක්ශයට ළගාවීමෙන් මිනිත්තු 19 කට පසුවය. "Kuiper Belt" එනම් නෙප්චූන් ග්‍රහයාගේ කක්ශයට එපිටින් වූ සීමාවේ සිට විහිදී ගිය අයිස් වලින් වැසීගිය ආකාශ වස්තූන් පිහිටා තිබෙන ඩෝනට් හැඩැති (donut-shaped) කලාපයට අයත්ව තිබෙන ප්ලූටෝ ග්‍රහයාට පෘථිවියේ සිට ඇති සාමාන්‍ය දුර කිලෝමීටර බිලියන 4.9 ක් පමණ වේ. මෙම ඡායාරූපයෙන් ප්ලූටෝ වටා පිහිටි තුනී, සංකීර්ණ වූ ස්ථරයන්ගෙන් යුතුව නිර්මාණය වූ අඳුරු පැහැ ගන්නා වායුගෝලයේ ඡායාව දැකගත හැකි අතර ඡායාරූපයේ ඉහළ කෙලවරට වන්නට ඇති ආලෝකමත්ව දිස්වන පටු කලාපය තුළ "Sputnik Planitia" නමින් හදුන්වන නයිට්‍රජනීය අයිස් තැනිතලාවන් හා "Norgay Montes" නමින් හදුන්වන ප්‍රදේශයෙහි ඇති ද්‍රව අයිස්වලින් සැදුම්ලත් රළු කදුවැටි පෙළද පිහිටා ඇත.
Image Credit: NASA, Johns Hopkins Univ./APL, Southwest Research Institute








