🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 04 - ඇමරිකාවේ, ඔරිගන් ප්‍රාන්තයේ පිහිටි "Meyer's Creek " මුහුදු වෙරළ ආලෝකවත් කළ අපූරු ජෛව දීප්තිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    28,614
    143,591
    113
    Los Alamos
    nvexcIu.jpg


    මෙම වෙරළෙහි වූ වැලි මත ඔබ පය තබන වාරයක් පාසාම නිල්පැහැති දීප්තියකින් යුක්ත ආලෝකයක් විහිදෙනුයේ මෙහි හටගන්නා වූ ජෛව දීප්ත (bioluminescence) සංසිද්ධිය හේතුවෙනි. වෙරළ තීරය පමණක් නොව සයුරු තීරය ද නිල්පැහැති දීප්තියකින් මේ අයුරින් ආලෝකමත් වී තිබෙනු දැකගත හැක්කේ, ඇමරිකා එක්සත් ජනපදයේ, ඔරිගන් (Oregon) ප්‍රාන්තයේ පිහිටි "Meyer's Creek Beach" නමින් හදුන්වන අපූරු වෙරළ තීරයේදීය. 2018 වර්ෂයේ මැදභාගයේ දිනයකදී කැමරා කාචයට හසුකරගෙන තිබෙන මෙම ඡායාරූපය තුළින් "Meyer's Creek" වෙරළ ඉදිරිපසින් ඇති මුහුදු සීමාවෙහි වූ ගිනිකදු විදාරණයන් මගින් ගලාගිය ලාවා හේතුවෙන් නිර්මාණය වූ අට්ටි ආකාරයක ස්වභාවයක් ගත් පාෂාණ පර්වතයන් කීපයක් දැකගත හැකි අතර ක්ෂිතිජය දෙසට වන්නට වූ ආලෝකය, අවට පරිසරයෙහි පවතින මීදුම හේතුවෙන් විසිරී ගොස් ඇති ආකාරයද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.

    මෙහි වම්පස වූ ක්ෂිතිජය දෙසින් එල්ල වී ඇති දීප්තිමත් ආලෝක කිරණයන්, මෙම වෙරළතීරය අසල පිහිටි "Oregon Coast" නම් අධිවේගී මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක ඉදිරිපස විදුලි පහන් මගින් නිකුත් වූ ඒවා වන අතර දකුණුපස ක්ෂිතිජයට වන්නට දිස්වන දීප්තිමත් තැඹිලි පැහැ ආලෝකය, ඈත සයුරේ ගමන් කරමින් තිබූ ධීවර යාත්‍රාවකින් එල්ල ආලෝකයක් බවටත් හදුනාගෙන තිබේ. මේ අතර මෙහි වෙරළ තීරයට ඉහළින් වූ මනරම් රාත්‍රී අහස්කුසෙහි දර්ශනය වන ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍ය තීරුව, වෙරළෙහි ඉදිරිපසින් වූ අඳුරු පාෂාණ තලයේ සිට උදාවී ඇති ස්වභාවයකින් දිස්වන ආකාරය නිරීක්ශනය කළ හැකි අතර ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍ය තීරුව දැක්වෙන ඡායාරූපයන් ඇතුළුව ඡායාරූපයන් 16 ක් එකට සං‍යුක්ත කරමින් මෙම අවසන් ඡායාරූපය සැකසීම සිදුකර ඇති බවටත් මෙහිදී සදහන් කළ යුතුය.


    Image Credit & Copyright: Rudy Montoya

    MilkyWayOregon_Montoya_1500.jpg




    Gold Beach Beaches: Meyers Beach Oregon







    Bioluminescence










     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    28,614
    143,591
    113
    Los Alamos
    hessdalen-1.jpg


    Hessdalen lights කියන මේ සංසිද්ධිය ගැන මොකද හිතන්නෙ බ්‍රෝ
    ඕක ගැන Hypotheses කීපයක්ම තියෙනවනේ. මට නම් හිතන්නෙ ඕක ඇතිවෙනවා ඇත්තෙ විද්‍යාවෙන් තාම හරියට පැහැදිලි කරන්න බැරි සංසිද්ධියක් නිසා වෙන්න ඇති කියලා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,629
    18,649
    113
    Miami
    ඕක ගැන Hypotheses කීපයක්ම තියෙනවනේ. මට නම් හිතන්නෙ ඕක ඇතිවෙනවා ඇත්තෙ විද්‍යාවෙන් තාම හරියට පැහැදිලි කරන්න බැරි සංසිද්ධියක් නිසා වෙන්න ඇති කියලා.
    මටත් හිතෙන්නෙ atmospheric phenomenon එකක් කියලා. පුදුමයි තාම හොයාගෙන නැති එක නම්
     

    Similar threads