👁️🔱🌟 විශ්වය දෙස බලා සිටින "දෙවියන්ගේ ඇස" - "Helix' ග්‍රහමය නිහාරිකාවෙහි අසිරිය (Helix Nebula/NGC 7293) 🌟🔱👁️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    27,845
    140,207
    113
    Los Alamos
    Re2fjSp.jpg



    දිනය: 2022 දෙසැම්බර් මස 07 වන දින


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 700 ක පමණ දුරින්, "Aquarius' නම් වූ තාරකා රාශිය දෙසට වන්නට පිහිටා ඇති අපගේ සූර්යයාට සමාන තාරකාවක් මියයමින් පවතී. මෙම මියයමින් පවතින තාරකාව මගින් එය ගෙවූ අවසාන වසර දහස් ගණනක කාලසීමාව තුළ නිර්මාණය කළ "Helix Nebula" නම් වූ ග්‍රහමය නිහාරිකාවෙහි (Planetary Nebula) අපූරු ඡායාරූපයක් (මෙම නිහාරිකාව "NGC 7293" හා "Caldwell 63" යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබයි) අද දිනයේ නාසා ඡායාරූපය ලෙස පහත දක්වා තිබේ. විශ්වය දෙස නිරීක්ශනය කරමින් සිටින දැවැන්ත ඇසක ස්වරූපයක් ගන්නා බැවින් මෙම "Helix' නිහාරිකාව (Helix Nebula) "දෙවියන්ගේ ඇස" (Eye of God/God's Eye) යන අනුවර්ත නාමයෙන් ද හදුන්වනු ලබයි.

    තාරකාවක පරිණාමයෙහි අවසාන අදියර තුලදී මෙවැනි ග්‍රහමය නිහාරිකාවන් නිර්මාණය කිරීම විශ්වය තුළ සුලභව දැකගත හැකි අතර එවැනි ස්වභාවයකින් යුකත් වූ මෙම "Helix' නිහාරිකාව පෘථිවියට වඩාත් ආසන්නයෙන්ම පවතින දීප්තිමත්ම ග්‍රහමය නිහාරිකාව ලෙස ද සලකනු ලබයි. මෙම නිහාරිකාවෙහි වූ හසුකර ගත් පටු කලාප රූප දත්තයන් (narrow band image data) ඒකාබද්ධ කිරීම මගින් නිර්මාණය කළ පහත දැක්වෙන ඡායාරූපයෙන් නිහාරිකාවෙහි පවතින හයිඩ්‍රජන් පරමාණුවල සිදුවන විමෝචනය රතු පැහැති විමෝචන රේඛාවන් මගින් ද, ඔක්සිජන් පරමාණුවල සිදුවන විමෝචනය නිල්-කොළ වර්ණයන්ගෙන් දිස්වන විමෝචන රේඛාවන් මගින් ද නිරූපණය කෙරේ.

    ඊට අමතරව "Helix' නිහාරිකාවෙහි වූ ආලෝක වර්ෂ 3 ක විෂ්කම්භයකින් යුක්ත වූ දීප්තිමත් අභ්‍යන්තර ප්‍රදේශය ඇතුළු නිහාරිකාවෙහි පවතින සුවිශේෂී ගති ලක්ෂණ රාශියක් ද මෙහිදී පෙන්නුම් කරන අයුරු නිරීක්ශනය කළ හැකිය. මෙම ඡායාරූපය මගින් නිරූපිත "Helix' නිහාරිකාවෙහි මධ්‍ය ප්‍රදේශයෙහි සුදු පැහැයෙන් දිස්වන කුඩා තිත වන්නේ නිහාරිකාවෙහි පිහිටි ඉතා ඉහළ උණුසුමකින් යුක්ත වූ මධ්‍ය තාරකාව ය. මේ අතර මෙම නිහාරිකාව දෙස නිරීක්ශනය කරන අයෙකුට මෙය සරල සැකැස්මකින් යුක්ත වූවක් ලෙස බැලූ බැලමට දිස්වුවද,, තාරකා විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ "Helix' නිහාරිකාව (Helix Nebula) සංකීර්ණ ජ්‍යාමිතික සැකැස්මක් සහිතව නිර්මාණය වූවක් බවය.


    Image Credit & Copyright: Tommaso Stella

    NGC7293-TommasoStella2022WEB.jpg





    Helix Nebula










     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    36,927
    188,251
    113
    Colombo, Sri Lanka
    අඩො මේක ඔරිජිනල් පේන්නෙ කොහොමද දන්නෙ නෑ :love2:
    මේ පාට කරපුව නැතුව

    අන්තිම වීඩියො එක නන් හෙන creepy
    උදේට වෙරි බැහැපුවාම ආයේ බලලා කොමෙන්ට් එකක් දාන්න බලූ
     

    Similar threads