💥☢️ ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කළ TNT මෙගා ටොන් 9.3 ක දැවැන්ත තාප න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම : "Operation Hardtack I - Poplar test" ☢️🔥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    27,376
    138,273
    113
    Los Alamos
    1958 වසරේ අප්‍රේල් මස 28 වනදා සිට අගෝස්තු 18 වනදා දක්වා වන කාල සීමාව තුළ, ඇමරිකා එක්සත් ජනපදය විසින් දියත් කරනු ලැබූ න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම් 35 කින් සමන්විත වූ "Operation Hardtack I" නම් න්‍යෂ්ටික අවි අත්හදා බැලීමේ වැඩසටහන යටතේ සිදු කළ "Poplar' යන කේත නාමයෙන් හැදින්වූ න්‍යෂ්ටික පිපිරුමෙහි (nuclear test) නවතම වීඩියෝවක් පහත දක්වා තිබෙනවා.1958 වසරේ ජූලි 12 වනිදා, ජාත්‍යන්තර වේලාවෙන් (UTC time) උදෑසන 03:30 ට, පැසිෆික් සාගරයෙහි පිහිටි "Bikini Atoll" නම් ප්‍රදේශයට අයත් "Namu' (Charlie) නම් දූපතට ආසන්නව සිදු කළ මෙම න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම සදහා යොදාගනු ලැබුවේ "Mk-41" (B41) නම් තාප න්‍යෂ්ටික අවියෙහි මූලාකෘතියක් වූ "TX-41" නම් වූ තාප න්‍යෂ්ටික අවියයි. "Namu' දූපතට ආසන්න මුහුදේ ස්ථානගත කොට තිබූ 'Barge' යනුවෙන් හදුන්වන පැතලි පතුලකින් සමන්විත වූ බහලුම් යාත්‍රාවක රදවා තිබූ මෙම න්‍යෂ්ටික අවිය පිපිරීමට ලක් කිරීමත් සමග ඉන් TNT මෙගා ටොන් 9.3 ක පිපිරුම් ශක්තියක් (blast yield) නිකුත් කරනු ලැබුවා. මෙම පිපිරුමත් සමග පැන නැගුණු විකිරණශීලී දුම් වළාව (Mushroom cloud) අඩි 61 000 ක්, එනම් කිලෝමීටර 18.6 ක් පමණ ඉහළ අහසට විහිදී ගිය බවයි ගණනය කිරීම මගින් හෙළි වූයේ. මෙම "Poplar' න්‍යෂ්ටික පිපිරුම, ඇමරිකා එක්සත් ජනපදය විසින් සිදු කළ 5 වැනියට විශාලතම න්‍යෂ්ටික පිපිරුම් අත්හදා බැලීම ලෙස ඉතිහාසයට ද එක් වනවා.

    ✍️☢️ සටහන: @Stimulus mind ☢️✍️



    - මෙම වීඩියෝව, "ධාවන වේගය" (Playback speed) වැඩිකොට සංස්කරණය කරන ලද්දක් බව සලකන්න -





    "Poplar' න්‍යෂ්ටික පිපිරුම, ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවට අයත් "B-57" බෝම්බ හෙලන යානාවන් යුගලයක් මගින් කැමරා කාචයට හසු කරගත් ආකාරය








    "Poplar' න්‍යෂ්ටික පිපිරුම, වෙනත් කැමරා කෝණයකින්





    "Poplar' න්‍යෂ්ටික පිපිරුම මගින් හටගත් දැවැන්ත "Fire ball" එක


     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    4,429
    9,137
    113
    මෙම න්‍යෂ්ටික අවිය පිපිරීමට ලක් කිරීමත් සමග ඉන් TNT මෙගා ටොන් 9.3 ක පිපිරුම් ශක්තියක් (blast yield) නිකුත් කරනු ලැබුවා.
    ටහුඩු! මෙගා ටොන් 9.3 ක්? Japan වලට දාපු එකේ blast yield එකත් 15 kilotonsයි! බඩුම තමයි. :baffled:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,385
    1
    155,472
    113
    96
    හෝමාගම
    man exploding GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    27,376
    138,273
    113
    Los Alamos
    Obathuma liyenne kiyl danno. :yes:
    Mn baluwe mewa blog ekakwath danawad kiyl.
    Parana thread balanna widihak ndd? 🥰
    English language එකෙන් නම් බ්ලොග් එකක් කරා. ඒත් පස්සෙ ඒක නවත්තලා දැම්මා. කිරියෙ මං දාපු astronomy, science, films සම්බන්ධ ත්‍රෙඩ්ස් ඔක්කොම එකතු කරලා PDF book එකක් වගේ හදන්න හිතේ තියනවා. ඒ වුණාට වෙලාවක් හම්බුණෙ නෑ. බලමු ඉස්සරහට. :)
     

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    351
    613
    93
    A Dream
    English language එකෙන් නම් බ්ලොග් එකක් කරා. ඒත් පස්සෙ ඒක නවත්තලා දැම්මා. කිරියෙ මං දාපු astronomy, science, films සම්බන්ධ ත්‍රෙඩ්ස් ඔක්කොම එකතු කරලා PDF book එකක් වගේ හදන්න හිතේ තියනවා. ඒ වුණාට වෙලාවක් හම්බුණෙ නෑ. බලමු ඉස්සරහට. :)
    Puluwan welawaka hadamu.
    Astronomy, nuclear tests threads tika nam maru. 🔥 5/5
     

    Similar threads