
එළකිරියෙ හුගක් සහෝදරවරු මං ක්‍රිස්ටෝපර් නෝලාන්ගෙ ලොකු රසිකයෙක් බව දන්නවා ඇති.





ඉතින් ජූලි මාසෙ 21 වැනිදා රිලීස් වෙන්න තියෙන, මං කාලයක් තිස්සෙ බලන්න මගබලාගෙන ඉන්න, පරමාණු බෝම්බයේ පියා විදිහට සලකන ආචාර්ය ජේ. රොබට් ඕපන්හයිමර්ගෙ ජීවිත කතාවත්, පළවෙනි පරමාණු බෝම්බය නිර්මාණය කරන්න ඔහුගේ ප්‍රධානතවයෙන් දියත් කරපු මැන්හැටන් ව්‍යාපෘතියත් අලලා නිර්මාණය කරපු ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ අලුත්ම සිනමා නිර්මාණය වෙන 'Oppenheimer' චිත්‍රපටිය නරඹන්න ඉස්සෙල්ලා ඒකට පසුබිම් වුණු සිදුවීම් ගැන තොරතුරු හොයාගෙන ඒ ගැන හොද දැනුවත්බාවයක් ලබාගන්න එකත් මේ දවස්වල මගේ එදිනෙදා වැඩ කටයුතුවල ප්‍රමුඛතම කාර්යයක් වෙලා තියෙන්නෙ.

ඒ ගැන තොරතුරු හොයද්දි හම්බවුණු වටින වාර්ථා වැඩසටහනක් විදිහට "Jon H. Else" ඇමරිකානු ජාතික වාර්තා චිත්‍රපටි නිර්මාණකරුවා අධ්‍යක්ෂණයෙන් වගේම නිෂ්පාදනයෙන් දායක වෙලා 1981 වසරෙදි නිර්මාණය කරපු "The Day After Trinity" කියන වාර්තා වැඩසටහන හදුන්වන්න පුළුවන්. ආචාර්ය ජේ. රොබට් ඕපන්හයිමර් පිළිබදවත්, 1945 ජූලි මාසයේ 16 වැනිදා ඇමරිකා එක්සත් ජනපදෙයේ, නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට අයත් "Los Alamos" නගරයේ පිහිටලා තියෙන "Jornada del Muerto" කියන කාන්තාර ප්‍රදේශයෙදි සිදුකරපු 'Trinity' නමින් හදුන්වපු ලොව පළමු න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීමත්, ජපානයේ හිරෝෂිමා - නාගසාකි කියන නගරවලට එල්ල කරපු පරමාණු බෝම්බ ප්‍රහාරයත්, ඒ පිළිබදව මන්හැටන් ව්‍යාපෘතියට සම්බන්ධ වුණු විද්‍යාඥයො දක්වපු විවිධාකාර ප්‍රතිචාරත්, ඒවගේම මේ ප්‍රහාරය නිසා ලොකු කළකිරීමකට පත්වුණු ආචාර්ය ඕපන්හයිමර් මේ ප්‍රහාරයට විරුද්ධව දක්වපු අදහස් නිසා ඔහුගේ ජීවිතයෙහි අවසාන කාලයේදී මුහුණදෙන්න වුණු බාධක කම්කටුළු ගැනත් මේ වාර්තා වැඩසටහනෙදි සාකච්ඡා වෙනවා.
"The Day After Trinity" - සම්පූර්ණ වාර්තා වැඩසටහන
ලොව ප්‍රථම න්‍යෂ්ටික අත්හදා බැලීම වන කිලෝටොන් 25 ක ප්‍රබලතාවයකින් යුක්ත වූ 'Trinity' න්‍යෂ්ටික අත්හදා බැලීම
Trinity (nuclear test)

මේ වාර්තා වැඩසටහනට අමතරව 1965 වර්ෂයේදී නිර්මාණය කරපු, හිරෝෂිමා - නාගසාකි නගරවලට පරමාණු බෝම්බ ප්‍රහාර එල්ලවීම පිටුපස කරුණු සාකච්ඡා කරන "The Decision to Drop the Bomb" කියන වාර්තා වැඩසටහනත් අනිවාර්යයෙන් බලන්න.
සම්පූර්ණ වාර්තා වැඩසටහන
ඒවගේම ඇමරිකා එක්සත් ජනපදය විසින් දියත් කරපු න්‍යෂ්ටික වැඩසටහන පිළිබදව 1995 වර්ෂයේදී නිර්මාණය කරපු "Trinity and Beyond" කියන වාර්තා චිත්‍රපටියත් අනිවාර්යයෙන් බලන්න. න්‍යෂ්ටික අත් හදා බැලීම්වලට සම්බන්ධ දුර්ලභ වීඩියෝ පට රාශියකුත් මේ වාර්තා චිත්‍රපටියට ඇතුළත් වෙලා තියෙනවා.
Trinity and Beyond: The Atomic Bomb Movie (1995) - Download
ඒ වගේම ක්‍රිස්ටෝපර් නෝලාන් විසින් මේ සිනමාපටයේ තිර රචනය ලියන්න ඇසුරු කර ගනිපු, වසර 25 ක් මුලුල්ලේ සිදුකරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් විදිහට 2006 වසරේදී ප්‍රකාශයට පත්කරලා එළිදකවන්නට යෙදුණු "Kai Bird" හා "Martin Sherwin" යන ග්‍රන්ථ කතෘවරුන් දෙදෙනා විසින් රචනා කරපු 'Pulitzer' සම්මාන ලාභී ග්‍රන්ථයක් වන “American Prometheus: The Triumph and Tragedy of J. Robert Oppenheimer” කියන පිටු 721 කින් සමන්විත වන ග්‍රන්ථයත් වෙලාවක් තිබුණොත් අනිවාර්යයෙන් කියවන්න.

American Prometheus - Kai Bird, Martin J. Sherwin - 2007 (Biography) [Audiobook]
"Oppenheimer" සිනමාපටය පිළිබද මා විසින් පළකළ ලිපිය
📽




ලිපිය සැකසුම: @Stimulus mind


Last edited: