විදුලි බිල්පත් ගෙවීම් පමාවීම හේතුවෙන් නිකුත් කරන රතු නිවේදවල සඳහන් මුළු මුදල ගෙවීමට අපහසු වූ පුද්ගලයන් සඳහා එම මුදල ගෙවීමට ලබාදී තිබුණු සහනය විදුලිබල මණ්ඩලය මගින් අහෝසි කිරීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයෝ මහත් අසීරුතාවකට පත්ව සිටිති.
මෑතක් වනතුරු රතු නිවේදනයට අනුව විදුලිය විසන්ධි කිරීමට පැමිණෙන නිලධාරීන් විදුලි පාරිභෝගිකයන් පිළිබඳ සානුකම්පිතව සලකා බලා රතු නිවේදනයේ සඳහන් මුළු මුදල ගෙවීමට සුළු වේලාවක සහනයක් ලබාදෙන අතර එම මුදල ගෙවීමෙන් පසුව විදුලිය විසන්ධි කිරීම නවතා දමයි. ඒ හේතුවෙන් නැවත විදුලි සම්බන්ධතාව ලබාදීම සඳහා අයකරන රුපියල් 3,000ක අතිරේක මුදල විදුලි පාරිභෝගිකයාට දැරීමට සිදු නොවේ.
එහෙත් මෑතක සිට විදුලිය විසන්ධි කිරීම පුද්ගලික කොන්ත්‍රාත්කරුවන්ට පවරාදීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් ඔවුන්ට කොමිස් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇත. එසේ පැමිණෙන විදුලි විසන්ධි කරන්නන් පාරිභෝගිකයන් පිළිබඳ කිසිදු තැකීමක් නොකර එකවරම විදුලිය විසන්ධි කරන අතර මේ හේතුවෙන් රුපියල් 3000 ක් වැනි අධික දඩ මුලක් අමතරව ගෙවීමට සිදුවී ඇත.
විදුලිබල මණ්ඩලය මගින් 200% ක් වැනි අධික ප්‍රතිශතයකින් විදුලිබිල වැඩිකර විදුලි පාරිභෝගිකයන් සූරාකෑමට ලක්කර ඇති පසුබිමක ගෙවීම අතපසුවීමේ වරදට මේ අයුරින් අමානුෂික ලෙස කටයුතු කිරීම හේතුවෙන් රජය අපහසුතාවට පත්වීම වැළැක්විය නොහැක.
එබැවින් ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමුකර විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත්කරුවන් පාතාලකරුවන් මෙන් හැසිරෙමින් සිදුකරන මෙම අමානුෂික ක්‍රියාවලිය නැවැත්වීමට මැදිහත්විය යුතු බව විදුලි පාරිභෝගිකයෝ අවධානය කරති.
කමල් බෝගොඩ- Divaina
June 26, 2023
https://divaina.lk/විදුලිය-කැපිල්ලත්-කොන්ත්/