🔴 ලොකු ගෑස් සිලින්ඩරයක් රුපියල් දාහක් වන නිසා ඉන්දියානුවන් දහස් ගණනක් මහ පාරට!

asbestos

Well-known member
  • May 5, 2022
    763
    1,234
    93
    IMG_20220514_103707.jpg


    ඉන්දියානුවන් මිලියන ගණනක් මේ දිනවල මහත් කණස්සල්ලට පත් ව සිටින්නේ ගිය සතියේ කිලෝ 14.2 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දැමූ නිසා ය! ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල ඉන්දියානු රුපියල් 1000 ක් දක්වා ඉහළ යයි.

    ගෘහස්ථ ගෑස් මිල ඉන්දියාවේ දේශපාලන පිටියේ කවදත් උණුසුම් මාතෘකාවකි. පාලක භාරතීය ජනතා පක්ෂය, ජන මතය දිනා ගැනීමට ද මැතිවරණ සමයේදී ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දැමීම යහමින් පාවිච්චි කළේය.

    බලට පත් වූ පසුව මෝදි රජය, ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් අපූරු යෝජනාවලියක් ගෙන ආවේය. එය හැඳින්වෙන්නේ ‘ප්‍රධාන් මන්ත්‍රී උජ්වාලා යෝජනා’ (Pradhan Mantri Ujjwala Yojana) යනුවෙනි. 2016 දී දියත් කළ මෙම ක්‍රමය හරහා අධික පරිසර දූෂණයක් සහිත බලශක්ති ප්‍රභයන්ගෙන් එල්.පී. ගෑස් වෙත මාරු වීම දිරිගැන්විණි.

    එහි ප්‍රතිඵලයක් ලෙසට ඉන්දියාවේ 2020 CEEW වාර්තාව මෙසේ පවසයි.

    ”2011 වසරේදී ඉන්දියාවේ ගෘහස්ථ ගෑස් පරිභෝජනය 28%කි. 2020 වන විට එය 71% දක්වා ඉහළ ගොස් තිබේ”

    2019 වසරේදී වාර්තා වූ ආකාරයට ගොමරිටි, අපිරිසිදු වියළි ද්‍රව්‍ය, පොලිතීන් ආදිය පිච්චීම මගින් ඉවුම් පිහුම් කටයුතු කිරීම ද ඇතුළත්ව, ඉන්දියාවේ ගෘහස්ථ වායු දූෂණය හේතුවෙන් වසරකට මරණ 600,000 ක් සිදුවෙමින් පැවතිණි. මේ අභාග්‍ය සම්පන්න තත්වය ද මෝදිගේ ගෑස් ව්‍යාප්ත කිරීමේ වැඩසටහන නිසා පහළ වැටුණේය.

    මේ අතර 2020 මාර්තු මාසය වනවිට සාමාන්‍ය ඉන්දියානුවෙක් සිය මාසික වියදමෙන් 4.9%ක් ගෘහස්ථ ගෑස් වෙනුවෙන් වියදම් කරමින් සිටියේය. මේ ප්‍රතිශතය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇත.

    කෝවිඩ් වසංගතයෙන් පසුව ඉන්දියාව ආර්ථික වශයෙන් නැවත වරක් ස්ථාවර වෙමින් සිටියත්, සාමාන්‍ය ජනතාවට තවමත් එහි ප්‍රතිලාභ දැනී නැත. වසංගතය හේතුවෙන් බොහෝ දුප්පත් රටවල මෙන්ම ඉන්දියානුවන්ට ද සිය දෛනික රැකියා අහිමි විය. ආදායම් අඩු විය. ජීවන වියදම වැඩි විය. ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමත් ඔවුන්ගේ පඩිපතට බෙහෙවින් දැනෙන දෙයක් බවට පත් ව තිබේ.

    124683637_cylinderprotest-600x338.jpg



    මේ අතර, ඉන්දියාවෙන් මේ වන විට වාර්තා වන්නේ වසර 2 කට පසු ආහාර සහ ඉන්ධන මිලෙහි වැඩි වීම උපරිමයක් වී ඇති බවයි. ඒ අනුව ඉහළ උද්ධමන සමයකදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දැමීම ගැන ජනතාව අතර පවතින්නේ නොසන්සුන්තාවයකි.

    ලංකාවට එන්න!​

    ගෘහස්ථ ගෑස් මිල ඉහළ ගියත් ඉන්දියාවට ගෑස්වලින් හිඟයක් නම් නැත. වසරකට මෙට්‍රික් ටොන් මිලියන 12 ක ගෘහස්ථ ගෑස් ඉන්දියාව විසින් නිපදවයි. එපමණක් නොව ලෝකයේ දෙවැනි විශාලතම ගෘහස්ථ ගෑස් අපනයනකරුවා වන්නේ ද ඉන්දියාවයි. ඉන්දියාව විසින් සෞදි අරාබිය, කටාරය, ඔ්මානය, කුවේටය පමණක් නොව ලංකාවට ද ගෑස් එවයි. ගේල් ගෑස් සහ අදානි ගෑස් සමාගම්, ඉන්දියාවේ මෙම වෙළඳ ඒකාධිකාරය දැඩි සේ පවත්වාගෙන යයි.

    ඉතින්, රුපියල් 50 ක මිල ඉහළ යාම දරාගන්නට බැරිව දර සහ ගොමරිටි පුච්චන තත්වයට පත් වූ ඉන්දියානුවන්ට අපට කියන්නට තිබෙන්නේ ”අපේ රටට එන්න” කියලා ය. එන්න, ලංකාවේ ගෑස් පෝලිමකට.. ඉන්දියාවට ගිය පසු ඔබ නැවත කිසිදා ගෑස් මිල වැඩිවීම ගැන මැසිවිලි නොකියනු ඇත. ඒ මන්ද යත්, ලංකාවේ මේ මොහොතේ රුපියල් 50 කින් නොව 500 කින් මිල වැඩි කළත් ගෑස් සිලින්ඩරයක් සොයාගැනීම රාවණා ව සොයාගැනීමටත් වඩා දුෂ්කර නිසා ය.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    13,079
    4,184
    113
    අපිට වැඩි ගාණට ගන්නත් ගෑස් නැති නිසා පාරේ..උන්ට ගෑස් තියෙද්දි ගණන් වැඩි කරා කියල පාරේ..😃
     
    • Haha
    Reactions: NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    11,873
    10,663
    113
    panadura
    උන්ගෙ පනහය්යි වැඩි කරේ අපේ X2 වැඩි කරලා ලංකාවෙ තමා හොදටම කලේ
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    21,842
    6,133
    113
    Forest
    USA is starting to get fkd up, some European countries are fkd up, Sri Lanka and Pakistan went to hell, Nepal is slowly following Sri Lanka, China is getting ready to attack Taiwan, Russia and Ukraine I don’t know what the hell is going on there anymore 😂😂😂 Some South American countries are shaken up. Meanwhile middle east is chillin 😎
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    45,366
    9,869
    113
    Gotland
    ලංකාවේ සල්ලි වලින් රුපියල් 4642.85 වෙනවා ඉන්දියාවේ ගෑස් සිලින්ඩරයක්

    ඒක සාපේක්ෂයි අපේ රුපියල හොදටම වැටිලා නිසා. කලින් තිබ්බේ 2500 වගේ ගානකට ලංකාවේ මුදලින් එතකොට ලංකාවේ රුපියල සාමාන්‍ය මට්ටමේ නිසා ඉන්දියාවේ ගෑස් මිල ගැන අදහසක් ගන්න නම් ඒ කාලේ මුදලින් බලන්න ඕන
     
    • Like
    Reactions: B.Chat and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    9,909
    6
    18,127
    113
    USA is starting to get fkd up, some European countries are fkd up, Sri Lanka and Pakistan went to hell, Nepal is slowly following Sri Lanka, China is getting ready to attack Taiwan, Russia and Ukraine I don’t know what the hell is going on there anymore 😂😂😂 Some South American countries are shaken up. Meanwhile middle east is chillin 😎
    Entire world is [email protected]#ed up including China & Russia. Let's see what happens. Where are the war experts here who professed that Ukraine is war would only last only two days? :ROFLMAO:
     
    • Haha
    Reactions: NRTG

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    3,187
    484
    83
    IN THE INTERNET
    ඉන්දියාවේ ගෑස් සිලින්ඩර් එකක් රුපියල් 1000 යි ලු.
    ඒ කියන්නේ ලංකාවේ මුදලින් 4642.85

    හිතන්නට යමක්.........
    ape inflation eka thama penne 3 month walata kalin baluwoth rs2000 wage india wala ape wage inflation ekak nane
     
    • Like
    Reactions: wqe123