😔🎬 ඔස්කාර් සම්මානලාභී, හොලිවුඩයේ සිටි ප්‍රවීණතම රංගධරයෙක් වූ "Gene Hackman" දිවියෙන් සමුගනී 🎬🏳️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    29,674
    147,630
    113
    Los Alamos
    210201-gene-hackman-ew-445p-19744c.jpg



    - මරණයට හේතුව අභිරහස් ස්වභාවයක් ගනී -​


    ඔස්කාර් සම්මානලාභී හොලිවුඩයේ සිටි ප්‍රවීණතම රංගධරයෙක් වූ "Gene Hackman" අද දිනයේදී දිවියෙන් සමුගෙන තිබෙනවා. මෙම මරණය අස්භාවික ස්වභාවයක් ගැනීමට හේතු වී තිබෙන්නෙ ඔහුගේ දේහයට අමතරව ඔහුගේ බිරිඳ වූ 63 හැවිරිදි "Betsy Arakawa" සහ ඔවුන් ඇති කළ සුරතල් සුනඛයාගේ දේහයන් ද ඔවුන් වාසය කළ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයට අයත් "Santa Fe" නගරයේ පිහිටි නිවසේ තිබිය දී පොලීසිය සොයා ගැනීම හේතුවෙනුයි. මිය යන විට 95 වන වියෙහි පසුවූ "Gene Hackman" ගේ සිනමා දිවිය දශක 6 කට වඩා ඉතිහාසයක් ඇති අතර "The French Connection (1971)" සිනමාපටයේ රංගනය වෙනුවෙන් වසරේ හොදම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ද, "Unforgiven (1992)" සිනමාපටයේ රංගනය වෙනුවෙන් හොදම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගැනීමට ද ඔහු සමත් වුණා. Bonnie and Clyde (1967), The Poseidon Adventure (1972) Scarecrow (1973), The Conversation (1974), A Bridge Too Far (1977), Superman (1978), Superman II (1980), Under Fire (1983), Power (1986), Mississippi Burning (1988) Loose Cannons (1990), Unforgiven (1992), The Firm (1993), The Quick and the Dead (1995), The Birdcage (1996), Enemy of the State (1998), Behind Enemy Lines (2001) සහ Runaway Jury (2003) ඔහු රංගනයෙන් දායක වූ සම්මානලාභී සහ ප්‍රකට සිනමා නිර්මාණ කීපයකි.

    ඔහුගේ බිරිඳ වූ "Betsy Arakawa" සමග

    90









     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,674
    147,630
    113
    Los Alamos
    SORRY DUDE 😟.

    ෆෝන් එකෙන් ඉන්නේ තවම මේ ගෙදර යන ගමන් 😟
    නෑ නෑ අවුලක් නෑ. :) (y) "Love reaction" එක දැම්මම මං හිතුවෙ ත්‍රෙඩ් එක හරියට බලලා නැතුව ඇති කියලා. තුන් දෙනාගෙම මරණවලට හේතුව තාම අභිරහසක්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,208
    194,258
    113
    Colombo, Sri Lanka
    නෑ නෑ අවුලක් නෑ. :) (y) "Love reaction" එක දැම්මම මං හිතුවෙ ත්‍රෙඩ් එක හරියට බලලා නැතුව ඇති කියලා. තුන් දෙනාගෙම මරණවලට හේතුව තාම අභිරහසක්.
    එළකිරි බ්‍රෝ. මට ෆෝන් එකෙන් ටිකක් කරුණු තියන ත්‍රෙඩ් කියවන්න අමාරුයි. මිස් වෙන හින්දා බම්ප් එකක් දාලා උඩට ගන්නවා පස්සේ ගෙදර ගිහින් PC එකේ කියවනවා :-) 🙏
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,674
    147,630
    113
    Los Alamos
    "Gene Hackman" ගෙ පට්ටම performance එකක් තමයි "The Conversation (1974)" කරපු කැරැක්ටර් එක. "Francis Ford Coppola" ගෙ 'filmography' එක ගැන සදහන් කරනකොට අඩුවෙන් කතා වෙන ෆිල්ම් එකක් කිව්වොත් හරි. මේ ෆිල්ම් එක රිලීස් වුණේ 'Coppola' ගෙ "The Godfather' යි, "The Godfather - part 2" අතරෙ වීම තමයි ඕකට ප්‍රධානව ම හේතු වුණේ. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න. :yes:







     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    381
    530
    93
    උඩ සඳහන් කරලා තියෙන Gene Hackman රංගනයෙන් දායක වුනු සිනමා නිර්මාණවලින් මම බලලා තියෙන්නේ මේ 4 විතරයි.
    The Poseidon Adventure (1972), Superman (1978), The Quick and the Dead (1995) සහ Behind Enemy Lines (2001)
    ඒ අතරින් Behind Enemy Lines (2001) වල Admiral Leslie Reigart ගේ චරිතය තමයි මට වඩා මතක තියෙන්නේ.

    RIP
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,851
    13,370
    113
    Milagiriya
    පොරගේ මේ ෆිල්ම් දෙකම සුපිරි, ළඟදිත් French Connection බැලුවා. කාබන් මොනොක්සයිඩ් විෂවෙලා මේක උනා කියලා නේද දුව කියලා තියෙන්නේ 😔
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,674
    147,630
    113
    Los Alamos
    පොරගේ මේ ෆිල්ම් දෙකම සුපිරි, ළඟදිත් French Connection බැලුවා. කාබන් මොනොක්සයිඩ් විෂවෙලා මේක උනා කියලා නේද දුව කියලා තියෙන්නේ 😔
    "Foul play" එකක් වෙලා නැත්නම් මරණවලට හේතුව ඕක වෙන්න පුළුවන් බොහෝදුරට. කවුරු කිව්වත් police investigation එකෙනුයි, මරණ පරීක්ෂණයි කරලා ඉවර උනාම එන රිසල්ට් එකෙනුයිතමයි ඉතින් හරියට විස්තරයක් කියන්න වෙන්නෙ. "Michelle Trachtenberg" කියන නිළියත් නැතිවෙලා තිබ්බා ඊයෙ. එයාට නම් අවුරුදු 39 යි වයස. "Liver transplant" එකක් කරලා තිබ්බා ළගදි.ඒකෙන් ආපු සංකූලතාවක් මරණෙට හේතුවෙලා තියෙනවා කියලයි කියන්නෙ.


    - Update -​

    මරණවලට හේතුව සැක සහිතයි කියලා පොලීසිය කියන්නෙ දැන්.​

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    29,674
    147,630
    113
    Los Alamos
    Suicide එකක්ද නැත්නම් carbon monoxide leak එකක් ද?
    නැතිවෙලා සති ගාණක් ගිහිල්ලලු බොඩීස් ටික හොයන් තියෙන්නෙ. ගෙදරට කවුරුහරි බලෙන් ඇතුල් වෙලා තියෙන බවටත් සළකුණුත් තියෙනවලු (Rumour එකක් මේක නම්).

     
    Last edited: