🙏⭕ජනපති අනුර මහ මෝලුන් දණ ගස්වයි.. සියළු මෝල්වලට රජයේ නිලධාරීන්.. සහල් මිල නියෝග කරයි..🇱🇰

Hankook

Well-known member
  • Apr 4, 2022
    4,062
    6,431
    113
    නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය.


    මේ පිළිබඳ ඉදිරි දින දහය තුළ අවධානයෙන් කටයුතු කරමින්, ඊට පටහැනිව කටයුතු කරන සහල් මෝල් හිමියන් සම්බන්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පාරිභෝගික අධිකාරියට දැනුම් දුන්නේය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා සහල් ව්‍යාපාරිකයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (07) පැවැති සාකච්ඡාවේදීය.

    අපේ රටේ වැඩිම ආයෝජනයක් සිදු කරන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බවත්, ඉන්පසුව වාරිමාර්ග හා කෘෂිකර්ම ක්ෂේත්‍රයන්ට බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩිපුරම සහනාධාර ලබා දීම සිදු කරනු ලබන්නේ ද ගොවි ජනතාවට බව කියා සිටියේය.


    වී මිලදී ගැනීම සඳහා ව්‍යාපාරිකයන්ට අඩු පොලී පහසුකම් යටතේ බැංකු ණය ලබා දී ඇති බවද සිහිපත් කළ ජනාධිපතිවරයා, එබැවින් ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස සහල් ව්‍යාපාරිකයන්ට පැවසීය.

    ඒ අනුව සහල් මිල පහත පරිදි නියම කර තිබේ.

    නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225යි. සිල්ලර මිල රුපියල් 230යි.
    සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215යි . සිල්ලර මිල 220යි.
    ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220 යි
    සම්බා කිලෝවක තොග මිල රුපියල් 235යි. සිල්ලර මිල රුපියල් 240යි.
    කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 යි. සිල්ලර මිල රුපියල් 260යි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    13,481
    1
    27,034
    113
    තොග මිල සිල්ලර මිල අතර වෙනස රුපියල් පහක් තියාගෙන විකුනන්නේ කොහොමද ? ඔය මෝඩ වැඩෙන් වෙන්නේ හාල් තවත් හිඟ වෙන එක. කොහොම හරි චන්දෙට සල්ලි විසි කරපු ජාවාරම් කාරයෝ ටික නම් ගොඩ යනවා. :ROFLMAO: 🤌
     

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    911
    1,099
    93
    තොග මිල සිල්ලර මිල අතර වෙනස රුපියල් පහක් තියාගෙන විකුනන්නේ කොහොමද ? ඔය මෝඩ වැඩෙන් වෙන්නේ හාල් තවත් හිඟ වෙන එක. කොහොම හරි චන්දෙට සල්ලි විසි කරපු ජාවාරම් කාරයෝ ටික නම් ගොඩ යනවා. :ROFLMAO: 🤌
    Thoga milai sillara milai athara wenasa Rs 5 kiynna eke theruma thoga weladunge labe Rs 5 kiyna eka newe. Learn trade
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,369
    21,519
    113
    Mn kiwwa eka waradi nam oya kiyna krameta sillara welendage labe Rs 5 kiylada kiynne ?
    අපට වැඩක් නෑ.... ඇතුලේ මිල, එළියට එන්න ඕනේ ගාන දීලා තියෙනවා පැහැදිලිව
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,194
    14,601
    113
    Malfoy Manor, Wiltshire, England.
    short term import karana eka thamai karanna wenne. but long term eke nam meka solve karanna rice production eka wadi karanna wei, railway eke thiyena idam rice danna feasible nam farm karanna one.
    & government eken fertilizer subsidy gannawanam, agri loans kapanawanam unge production ekenuth 20% wage wath gov ekata denna one kiyala kiyanna one.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    6,482
    12,698
    113
    Milagiriya

    හැබැයි නන්දසේන තමයි මේ ප්‍රශ්නය නියමෙට විසඳුවේ 🤗

    අයියලා මල්ලිලා හාල් මෝල්කාරයෝ ඔක්කොම එකම ආණ්ඩුවේ ඉඳලත් උන්ට හරි විසදුමක් නැතිඋනා 🤷🏽‍♂️

    මොනවා නැතත් රනිල් හිටපු ජනාධිපතිලා සෙට් එකටම වඩා ඉදිරියෙන් හිටියා 😏
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,523
    1,968
    113
    මුන් දැන් කරන්නෙ තියෙන ස්ටොක් දීල අලුත් ඒව අඩුවෙන් ස්ටොක් කරන එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,767
    142,166
    113
    එකමත් එක රටක
    Bow Down Martial Arts GIF by Arrow Video