🛑🛑🛑🛑🛑🛑 "වාහන මිල වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්.. සංචිත වැඩි කරලා අඩු මිලට වාහන දෙන්නම්…" - හඳුන්නෙත්තිගෙන් කුම්භකර්ණට පණිවිඩයක්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    11,056
    13,695
    113
    Gampaha
    වාහන ආනයනය නතර කිරීමත් සමග දේශීය වහාන එකලස් කිරීමේ කර්මාන්තය දියුණු වූ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

    “2019 සිට වාහන ගෙන්වීම නතර කර තිබුණා. රට ණය උගුලක හිරකරලා ඩොලර් සංචිත විනාශ වෙලා. ඒවා කරපු කට්ටිය දැන් කියනවා වාහන මිල වැඩියි කියලා.

    දැන් සංචිත යම් ප්‍රමාණයකට වැඩි වී තියෙනවා. අපනයනය වර්ධනය වී තියෙනවා. ඒ නිසා යම් පාලනයක් ඇතිව වාහන ගෙන්විය හැකියි.

    නමුත් වාහන තහනමේ එක හොඳක් සිදුවී තියෙනවා. වාහන එකලස් කිරීම දියුණු වී තියෙනවා. දේශීයව සියයට 60ක් පමණ කොටස් එකතු කර වාහන හදනවා. එය අලුත් ක්ෂේත්‍රයක්. දේශීය වාහන නිෂ්පාදනයට සමාගම් 17ක් පමණ ඇවිත් තියෙනවා. වාහන ආනයනය කරන විට දේශීයව නිෂ්පාදනය කරන අයවත් ආරක්ෂා කළ යුතුයි.

    අද අපි අපනයන ශක්තිමත් කරගෙන දේශීය නිෂ්පාදනය ආරක්ෂා කරගෙන යනවා. ඩොලර් සංචිතය මීට වඩා වැඩිකරගෙන අඩු මිලකට වාහනයක් ගේන්න දෙන්වා නම් හොඳයි. අපේ ඒ බලාපොරොත්තුව තියෙනවා.”

    විදේශ විනිමය පනත යටතේ නියෝගයක් හා ආනයනය අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් පිළිබඳව පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.

    -LCN-

    මටත් හිතෙනවා දැන් මාලිමාවට රට කරන්න අපි තව කාලයක් දෙන්න ඔනේ කියලා..:yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    27,291
    52,090
    113
    නමුත් වාහන තහනමේ එක හොඳක් සිදුවී තියෙනවා. වාහන එකලස් කිරීම දියුණු වී තියෙනවා. දේශීයව සියයට 60ක් පමණ කොටස් එකතු කර වාහන හදනවා. එය අලුත් ක්ෂේත්‍රයක්. දේශීය වාහන නිෂ්පාදනයට සමාගම් 17ක් පමණ ඇවිත් තියෙනවා. වාහන ආනයනය කරන විට දේශීයව නිෂ්පාදනය කරන අයවත් ආරක්ෂා කළ යුතුයි.
    ලොන්තයන්ට සුපිරි වාහන ටිකක් දෙන්න වගේ හදන්නෙ 🤭 🤭
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    11,056
    13,695
    113
    Gampaha
    ලොන්තයන්ට සුපිරි වාහන ටිකක් දෙන්න වගේ හදන්නෙ 🤭 🤭
    මටනම් ඒත් කමක් නෑ.. කොහොම හරි චීනය මැලේසියාව ඉන්දියාව පරදවන ජපානයට පමනක් දෙවෙනි වාහන හැදුවත් පාඩු නෑ.. ලංකාවේ දේවල් හදන්නේ නැතිව රට දියුණු කරන්න බෑ.. :yes: :yes: :yes:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,031
    1,464
    113
    මටනම් ඒත් කමක් නෑ.. කොහොම හරි චීනය මැලේසියාව ඉන්දියාව පරදවන ජපානයට පමනක් දෙවෙනි වාහන හැදුවත් පාඩු නෑ.. ලංකාවේ දේවල් හදන්නේ නැතිව රට දියුණු කරන්න බෑ.. :yes: :yes: :yes:
    ජප්පෝ මේ ටිකේ හොදම එකෙන් කොර වෙලා ඉන්නේ චීන්නු එක්ක
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    2,552
    2,041
    113
    මෙහෙ ඇසෙම්බල් කරන එක හොදයි ඒත් ඒවා ඉම්පෝට් කරන එවට වැඩිය ගනන් නේ, උන් හම්බ කරා හොදට එකෙන්
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    12,054
    21,793
    113
    වාහන වල ගනන් වැඩි වුනේ කලින් ආන්ඩුවල වරදින්. ලීසිං කොම්පැනි කඩන් වැටෙන නිසා බදු වැඩි කරලා දුන්නේ නෑ. මාලිමා ආන්ඩුවෙන් බදු වැඩි කරලා ලීසිං කොම්පැනි කඩන් වැටෙන එක නතරක කලා. තොපි කොහොම හරි ගෙවා ගෙන අපේ කළුකඩ ලීසිං කොම්පැනි ටික ආරක්ශා කරලා දියල්ලා. මේක ජනතා ආන්ඩුවක් නෙමෙයි. හාල් මෝල්, ලීසිං කොම්පැනි ආන්ඩුවක් කියලා හොඳට මතකතබාගත යුතුයි.

    ~
    හඳුන්නෙත්ති~

    🙃 🙃 🙃 🙃 🙃 🙃 🙃 🙃 🙃
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,630
    12,994
    113
    Ursa Major
    ඔන්න හිග මුදල් ගෙව්වා තම්බියට. දැන් හරි
    You are absolutely correct on that, bro. I thought that you were bullying that poor fucker. Nah, Bugger is rotten to the core, and he is fucking Jeppa. Thank you for the warning.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    11,056
    13,695
    113
    Gampaha
    මෙහෙ ඇසෙම්බල් කරන එක හොදයි ඒත් ඒවා ඉම්පෝට් කරන එවට වැඩිය ගනන් නේ, උන් හම්බ කරා හොදට එකෙන්
    ඔව්.. ඒක හරි.. මොකද සල්ලිකාරයෝ පෝසත්කරන්න නෙමේ අපි මාලිමාව පත්කරගත්තේ.. අපි බලන් ඉන්නවා මාලිමාව මොකාටද එන්නේ කියලා.. @shenat
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    3,570
    3,645
    113
    ulan bator
    අන්න බයිසිකල් පාර්ට් හදන උන් ෆොම් වෙලා! ආනයන සීමා අයින් කරපු නිසා උන්ට කෙස්ලු!
     
    • Haha
    Reactions: Cypress