🛰️⭐ "Eagle' නිහාරිකාව තුළ පිහිටි "Pillars of Creation" නම්, දූවිලි හා වායූන්ගෙන් නිර්මිත දැවැන්ත ව්‍යුහයන් තුළ සිදුවන නව තාරකාවන්ගේ උපැද්දවීම් ⭐🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    27,850
    140,273
    113
    Los Alamos
    U5b7XZk.jpg


    කන්දක නැතහොත් කුළුණක ස්වරූපයකින් දිස්වන මෙම අපූරු අනතර්තාර්කා වළාකුල තුළ සිදුවෙමින් පවතින්නේ නව තාරකාවන්ගේ උපැද්දවීමේ ක්‍රියාවලීන්‍ ය. Messier 16, M16, හා "NGC 6611" යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන "Eagle Nebula" නම් වූ දැවැන්ත විසරණ විමෝචන නිහාරිකාව (diffuse emission nebula) තුළ පිහිටා ඇති "Pillars of Creation" ලෙස හදුන්වනු ලබන වායූ හා දූවිලිවලින් යුක්ත වූ දැවැන්ත කුළුණු (The great pillars) අතරින් එක් කුළුණක් තුළ නව තාරකාවන්ගේ උපැද්දවීම් සිදුවෙමින් පවතින ආකාරය "James Webb" අභ්‍යවකාශ දුරේක්ෂය (James Webb Space Telescope - JWST) මගින් ලබාගත් මෙම ආසන්න අධෝරකත කිරණ (near-infrared) ඡායාරූපයෙන් නිරූපණය වේ.

    පහත දැක්වෙන ඡායාරූපයේදී මෙම කුළුණු ඉහළ ඝනත්වයකින් හා ගැඹුරකින් යුක්ත වූ ස්වරූපයෙන් දිස්වුවද සත්‍ය වශයෙන්ම මේවා ඉතා අඩු ඝනත්වයකින් යුක්ත වූ, කිසිදු බාධාවකින් තොරව ඒ හරහා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවක් වුවද පවතින ලෙස නිර්මාණය වූ ව්‍යුහයන් වන අතර මෙලෙස ඉහළ ඝනත්වයකින් යුතු ව්‍යුහයක ස්වරූපයකින් මෙම කුළුණු (The great pillars) දිස්වීමට ඒවා තුළ අඩංගු ඉහළ දූවිලි සං‍යුතිය හේතු වී තිබේ. මෙහි නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශයන් තුළදී බිහිවූ නව තාරකාවන්ගෙන් නිකුත් වන ආලෝකයන්, මෙම ඡායාරූපයේදී දීප්තිමත් රතු පැහැයකින් දිස්වන ආකාරය නිරීක්ශනය කළ හැකි අතර මෙහි වූ මෙම නිල්පැහැයෙන් යුක්තව දිදුළන ඉතා උණුසුම් යොවුන් තාරකාවන්ගෙන් නික්මෙන ආලෝකය එම තාරකාවන්ට ඉදිරියෙන් පවතින අනතර්තාරකා දූවිලි (interstellar dust) මගින් විසුරුවා හැරීම හේතුවෙන් අධෝරක්ත කිරණ ආලෝකයේදී මෙලෙස රතු පැහැයෙන් යුක්තව දිස්වීම සදහා හේතු වී ඇත.

    "Pillars of Creation" ලෙස හදුන්වනු ලබන වායූ හා දූවිලිවලින් යුක්ත වූ දැවැන්ත කුළුණු (The great pillars) ත්‍රිත්වයකින් සමන්විත වූ මෙම "Eagle' නිහාරිකාව (Eagle Nebula) පෘථිවියේ සිට ආලෝක වර්ෂ 7000 ක් පමණ ඈතින්, 'Serpens'(serpens cauda) නම් තාරකා රාශියට අයත්ව පිහිටා තිබේ. මේ අතර ඉදිරි වසර 100000 කාල සීමාව තුළදී, තාරකාලෝකයන්ගේ හා බලවත් විකිරණයන්ගෙන් එල්ල වන බලපෑම් හේතුකොට ගෙන මෙම දැවැන්ත කුළුණු මුළුමණින් වාෂ්පවී යනු ඇති බවට තාරකා විද්‍යාඥයන් විසින් විශ්වාසය පළ කරයි.


    Image Credit: NASA, ESA, CSA, STScI, Processing & Copyright: Mehmet Hakan Özsaraç

    M16Pillar_WebbOzsarac_1668.jpg





    "The Eagle Nebula" හා "Pillars of Creation" පිළිබදව මීට පෙර මා විසින් පළකළ ලිපි

    🛰️💖 "James Webb' අභ්‍යවකාශ දුරේක්ෂය මගින් දුටු "Pillars of Creation" හි අසිරිය 💖🛰️

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අගෝස්තු 12 - 'Eagle' නිහාරිකාවේ (The Eagle Nebula) අසිරිය 🌌🔭🌎

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 සැප්තැම්බර් 25 - සුරගනක වෙස්ගත් "Eagle' නිහාරිකාවෙහි (Eagle Nebula) වූ දැවැන්ත දූවිලි කුළුණ 🌌🔭🌎

    🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 04 - තාරකාවන්ගෙන් තොරව නිරූපණය කළ, නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශයක් වන "Eagle' නිහාරිකාව 🌌🔭🌎














     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    27,850
    140,273
    113
    Los Alamos
    TNTCr38.jpg



    දිනය: 2023 මැයි 15

    Eagle Nebula (M16) දැක්වෙන තවත් අපූරු පුළුල් ක්ෂේත්‍ර ඡායාරූපයක්.


    Image Credit & Copyright: Gianni Lacroce

    EagleDeep_Lacroce_2047.jpg
     
    • Like
    Reactions: Reincarnator

    Similar threads