"Artemis 1' මෙහෙයුම යටතේ අභ්‍යවකාශ ගත කළ "Orion' අභ්‍යවකාශ යානය (Orion spacecraft), එය පෘථිවියේ සිට ගමන් කිරීමට සැලසුම් කර තිබූ කිලෝමීටර 430 000 ට ළගාවීම පසුගිය නොවැම්බර් 28 වනදා සිදු කරන ලදී. පෘථිවියේ සිට චන්ද්‍රයාට පවතින දුරටත් වඩා තවත් කිලෝමීටර 70 000 ක් ඔබ්බෙන් වූ දුරකට (චන්ද්‍රයා වටා ගමන් කිරීමෙන් පසුව) මේ අයුරින් ගමන් කළ "Orion' අභ්‍යවකාශ යානයට මෙම දුර ප්‍රමාණය ගමන් කිරීම සදහා දින 13 ක් ගත වී තිබේ.
මෙම කඩයිම පසුකළ අවස්ථාවේ කළ"Orion' අභ්‍යවකාශ යානයෙහි සවිකර ඇති බාහිර වීඩියෝ කැමරාව මගින් ලබාගත් චන්ද්‍රයා හා ඊට ඔබ්බෙන් වූ පෘථිවිය ද දැක්වෙන අපූරු දසුන ඇතුළත් පහත දැක්වෙන රූපරාමුව, අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. අද දිනයේදී, එනම් දෙසැම්බර් මස 01 වනදා නැවත පෘථිවිය කරා පැමිණිම සදහා ප්‍රතිගාමී කක්ෂයකට (retrograde orbit) අවතීර්ණ වීම "Orion'අභ්‍යවකාශ යානය විසින් සිදු කරන අතර එළඹෙන දෙසැම්බර් 11 වන දා එය ෆැසිෆික් සාගරයට ගොඩබැස්වීමට සැලසුම් කොට තිබේ.
Image Credit: NASA, Artemis 1