"ස්ටීවන් ස්පීල්බර්ග්" විසින් අධ්‍යක්ෂණය කරලා 1993 වසරෙදි තිරගත කරපු "Jurassic Park" චිත්‍රපටයෙ පෙන්නපු "වෙලෝසිරැප්ටර්' (Velociraptor) ඩයිනසෝරයන්ගෙ ස්වරූපෙ, මෑතකාලයෙදි සිදුකරපු අධ්‍යයනවලදි සොයාගත්තු පාෂාණ ධාතු (Paleontological evidence) සහ ජීව විද්‍යාත්මක දත්තවලට අනුව හදුනාගෙන තියෙන බාහිර ස්වරූපයට වඩා හුගක් හාත්පසින්ම වෙනස් ස්වරූපයක් ගන්න බව සමහර විට ඕගොල්ලො දන්නවා ඇති. මේ වීඩියෝවල තියෙන්නෙ "Jurassic Park" චිත්‍රපටයෙ පෙන්නපු "වෙලෝසිරැප්ටර්' (Velociraptor) ඩයිනසෝරයන්ගෙ ස්වරූපෙ දැන් සොයාගෙන තියෙන තොරතුරුවලට අනුව නිර්මාණය කරා නම් කොයි විදිහෙ ආකාරයක් ගනී ද කියන එකයි. කොහොම වුණත් "වෙලෝසිරැප්ටර්' (Velociraptor) ඩයිනසෝරයන්ගෙ සැබෑ විශාලත්වය චිත්‍රපටියෙදි පෙන්නන "වෙලෝසිරැප්ටර්ස්ලට' වඩා අඩු අගයක් ගන්න බව තමයි මේ වෙනකොට සොයාගෙන තියෙන්නෙ. ඒ නිසා බාහිර ස්වරූපෙ විද්‍යානුකූල විදිහට ප්‍රතිනිර්මාණෙ කරලා තිබුණත් විශාලත්වය අතින් ගත්තොත් චිත්‍රපටියෙ හිටපු "වෙලෝසිරැප්ටර්ස්ලගෙ' විශාලත්වයට සමාන වෙන විදිහටයි මේ වීඩියෝවලදිත් "වෙලෝසිරැප්ටර්ස්ල' animate කරලා තියෙන්නෙ. 'Blender' කියන 'free animation software' එක තමයි මේ වීඩියෝ එකේ ඇතුළත් වෙච්ච "වෙලෝසිරැප්ටර්' (Velociraptor) ඩයිනසෝරයන් model, animate සහ 'rendering' කරන්න භාවිතා කරලා තියෙන්නෙ.
"Jurassic Park" සිනමාපටය ඔස්සේ ඉදිරිපත් කළ "වෙලෝසිරැප්ටර්' (Velociraptor) ඩයිනසෝරයන්ගේ ස්වරූපය
"වෙලෝසිරැප්ටර්' (Velociraptor) ඩයිනසෝරයෙක්ගේ සැබෑ ස්වරූපය (වර්තමානයේ ලැබී ඇති පාෂාණ ධාතු සහ ජීව විද්‍යාත්මක දත්තයන්ට අනුව)