“Presidential Election Campaign” එක ගැනයි. මේ ගැන දැන ගන්න ඉන්න හොඳම පුද්ගලයන් දෙදෙනා තමයි ජගන ක්‍රිෂ්ණකුමාර් හා මෙවන් ලියනගේ කියලා කියන්නේ. මේ දෙදෙනා තමයි මුළු Campaign Team එකම සාර්ථකත්වය කරා රැගෙන යාමට මුල් වෙලා කටයුතු කළේ. දැන් අපි මේ දෙදෙනාගෙන්ම මේ අභියෝගාත්මක කර්තව්‍යය ඉටු කරපු ආකාරය ගැන දැන ගනිමු.
2019 නොවැම්බර් 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූවා. එතුමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහනේ තේමාව වූයේ “සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්” යන තේමාවයි. ඉතින් මේ කතාව ඒ තේමාව මුල් කර ගෙන ක්‍රියාත්මක වුණු ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය, ඒ කියන්නේ
මුලින්ම මේ ගැන අපි එක්ක කතා කරන්නේ ජගන. ජගන, මුලින්ම අපිට කියන්න මේ වගකීම ඔබටත් ඔබේ කණ්ඩායමටත් පැවරුනේ කොහොමද කියලා.
ජගන - ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා. ඒ වගේම පොදු ජන පෙරමුණ කියන්නේ කෙටිම කාලයකදී ශ්‍රී ලංකාවේ ඉහළම ජනප්‍රියත්වයක් ලබපු දේශපාලන පක්ෂය. 2015 ජනාධිපතිවරණ හා මහ මැතිවරණ පරාජයන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව, පොදු ජන පෙරමුණ පිහිටුවා ගන්නවා. ඉතින් මේ අලුත් දේශපාලන පෙරමුණට අවශ්‍ය වුණා අපේ ජනතාවට අලුත් විදිහට ආමන්ත්‍රණය කරන්න පුළුවන් පිරිසකට ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය භාර දෙන්න. ඉතින් ඒ අවශ්‍යතාව අනුව තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේත්, පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේත්, අපත් සමඟ ඉතා සමීපව කටයුතු කරපු රෝහිත රාජපක්ෂ මහතාගේත් සහ තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගේ විශ්වාසයත් සහයෝගයත් එක්ක අපිට මේ campaign එක ලැබෙන්නේ. ඊට පස්සේ පොදු ජන පෙරමුණෙන් මුලින්ම අපට භාරදීපු වගකීම තමයි 2018 ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රචාරක ව්‍යාපාරය. මේ campaign එකේදී ඇත්තටම අපිට අභියෝගයක් වුණේ මේ අලුත් පක්ෂය මහජනයා අතරට ගෙන යාමයි. මොකද ඒ වන විට පොදු ජන පෙරමුණ පිහිටුවලත් කෙටි කාලයයි ගත වෙලා තිබුණේ. ඒත් “යළිත් අපි රට හදමු” (To Rebuild Sri Lanka) කියන තේමා පාඨය යටතේ අපි ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ජනයා අතරට අරන් ගියා. එහි ප්‍රතිඵලය තමයි පොදු ජන පෙරමුණ පෙරමුණ ආසන 236ක් දිනා ගනිමින් පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීම. එය වාර්තාගත ජයග්‍රහණයක්. එයට හේතුව තමයි, ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ආණ්ඩු බලය අහිමි විපක්ෂ දේශපාලන පක්ෂයක් එවන් මැතිවරණ ජයග්‍රහණයක් මෙතෙක් ලබා නොතිබීම. ඒ සාර්ථක ප්‍රතිඵලයත් එක්ක 2019 ජනාධිපතිවරණ ප්‍රචාරක වැඩසටහන අපට භාර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වුණා. ඒ නිසා අපි 2019 ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට අවශ්‍ය මූලෝපායන් සැලසුම් කරන්න පටත් ගත්තා. මේ සම්බන්ධයෙන් අදාල නිර්මාණ සහ සැලැස්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මුලින්ම අපි පෙන්නුවේ 2019 මාර්තු මාසයේදී.
ජගන ඉතින් ඔබ ඒ විදිහට පටන් ගත්ත මෙහෙයුම එතැන් පටන් ක්‍රියාත්මක කරපු ආකාරය අපිට පැහැදිලි කරන්න පුළුවන්ද?
ජගන - මුලින්ම අපි මේ කටයුත්ත කරන්න සුදුසු කණ්ඩායම තෝරා ගත්තා. මමත් මෙවන් ලියනගේත් මේ මෙහෙයුම ඉදිරියට ගෙන යන අතරේ සනිඳු ෆොන්සේකා, පසන් ලියනගේ සහ වත්සල රුබේරු යන පිරිස අපේ කණ්ඩායමට එකතු කර ගත්තා. ඒ වගේම රෝහිත රාජපක්ෂ මුල සිටම අපව දිරිමත් කරමින් අපට මඟ පෙන්වමින් අපේ කණ්ඩායමත් පක්ෂයේ ක්‍රියාකාරීනුත් අතර මනා සම්බන්ධතාවක් පවත්වා ගෙන යාමට උපකාර කරනු ලැබුවා. මේ විදිහට වැඩ කරන්න පටන් ගත්ත අපි අපේ සම්පූර්ණ මෙහෙයුම කොටස් හතරකට බෙදුවා. ඒ කොටස් හතර තමයි මූලෝපායිකරණයන් (Strategy), සංකල්පීකරණයන් (Conceptualization), නිර්මාණකරණයන් (Creatives) හා නිෂ්පාදනයන් (Productions) කියන කොටස් හතර. මූලෝපායන් හා සංකල්පීකරණය යන කාර්යයන්ට අදාළව අපි මුලින්ම සිදු කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජා විද්‍යාත්මක දත්ත පිළිබඳව පුළුල් විශ්ලේෂණයක නිරතවීම. එම විශ්ලේෂණයට ශ්‍රී ලංකාවේ ආදායම, විරැකියාවල වැඩවර්ජන හේතුවෙන් අපතේ ගිය මිනිස් දින ප්‍රමාණය හා නව ඡන්දදායකයින් ගේ ප්‍රමාණය ආදී විවිධ නිර්නායක පදනම් කර ගත්තා. ඒ විශ්ලේෂණයට අනුව 2015 දී පත්වූ ආණ්ඩුව පිළිබඳව ජනයාගේ කළකිරීමට ප්‍රධාන හේතුව වන්නේ රට තුළ ඵලදායී කිසිදු වැඩක් සිදු නොවීම බව අප හඳුනා ගත්තා. නමුත් ඒ ඒ ජන කොටස් වැඩ කිරීම කියන දෙයින් විවිධාකාරයේ අපේක්ෂා ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වන බවත් අපි තේරුම් ගත්තා. ඉතින් මේ දත්ත අනුව අපි තීරණය කළා මේ campaign එකෙන් “වැඩ කරන රටක් ගොඩනැගීම” කියන සංකල්පයට මූලිකත්වය දෙන්න. ඒ වගේ වැඩපිළිවෙළක් ජනගත කරන කොට ඒ සඳහා අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තීමය දැක්මක් බව අපි තේරුම් ගත්තා. මඩ ප්‍රචාර හා වෛරී ප්‍රකාශවලින් දූෂණය වී ඇති සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණ උපක්‍රම ඒ උදෙසා කිසිසේත්ම නොගැළපෙන බව අපි තේරුම් ගත්තා. ඒ නිසා ශ්‍රී ලංකාවේ මුල් බැස ගත් සාම්ප්‍රදායික මැතිවරණ ප්‍රචාරණ උපක්‍රමවලින් එහාට අපි සිතන්නට පටන් ගත්තා. එතකොට රට හදන දැක්මක් සහ ඒ දැක්ම බලගන්වන්න වැඩපිළිවෙළක් අවශ්‍ය බව මම තේරුම් ගත්තා. ඒ අනුව මම මේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට තේමාව ලෙස ගොඩනැඟුවේ “සාර්ථක දැක්මක් - වැඩ කරන රටක්” යන තේමාවයි. ඉංග්‍රීසි භාෂාවෙන් ඒ තේමාව අපි ඉදිරිපත් කළේ “Vision in Action” යන ලෙසින්. ඒ විදිහට තමයි නිල මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ, නිල තේමාව නිර්මාණය කරලා අපි මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ.
මෙවන් එහෙනම් අපිට කියන්න මේ තේමාවත් එක්ක කොහොමද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිර්මාණකරණ සැලසුම සැකසුනේ කියලා.
මෙවන් - අපේ මුළු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයම ගොඩනැඟුණේ ප්‍රතිපත්ති පිළිබඳ කතා කරන පසුබිමක. ඒ වගේම අපි මේ සාකච්ඡාව ගොඩනැඟුවේ තාක්ෂණික යුගයක සිටයි. ඉතින් මේ නිසා අපි මේ campaign එකේදී භාවිත කරපු සෑම නිර්මාණාංගයක්ම නිර්මාණය කෙරුවේ අනාගතය ලෝකයට ගැළපෙන නිර්මාණාංගයක් විදිහටයි.
ජගන අපිට පැහැදිලි කරන්න පුළුවන්ද, මේ විදිහට සැලසුම් කරපු මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කොතැනින් ආරම්භ වෙලා කොයි විදිහටද ඉදිරියට ගියේ කියන කාරණය?
ජගන - අපි මේ විදිහට මූලික වශයෙන් සැලසුම් කරන ලද මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳ සැලසුම, 2019 මාර්තු මාසයේදී පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට, එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හා රෝහිත රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළා. එහිදී පක්ෂය විසින්, මේ සැලැසුමට අලුතින් ඇතුළු කළ යුතු කරුණු කිහිපයක් වෙත අපේ අවධානය යොමු කළා. ඊට පස්සේ ඒ කරුණුත් එක්ක සකස් කරපු අපේ අවසන් මැතිවරණ ප්‍රචාරක සැලසුම අගෝස්තු මාසයේදී නිල වශයෙන් ඉදිරිපත් කළා. ඒ අවස්ථාවට පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා, එවකට පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, වර්තමාන ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හා ඩලස් අලහප්පෙරුම, ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු හා වෙනත් හිටපු අමාත්‍යවරු කිහිපදෙනෙක්ද සහභාගී වුණා. එයින් පසුවයි නිල වශයෙන්ම අපිට මේ භාරධූර වගකීම ලැබෙන්නේ. මුලින්ම අපට පැවරුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනගත කිරීමයි. ඒ සඳහා මෙම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අනු තේමාවක් වුණු “රටටම සුභ ආරංචියක්” කියන තේමාව යටතේ ප්‍රචාරක වැඩපිළිවෙළක් ජනගත කළා. මීළඟ අදියර වෙනුවෙන් අපි විජයග්‍රහණයේ ඇරඹුම යන අනුතේමාව තෝරා ගත්තා. ඊට පසුව අපි “වැඩ කරන රටක් - සාර්ථක දැක්මක්” යන ප්‍රධාන තේමාව යටතේ අපේ ප්‍රධාන මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දියත් කළා. ඒ වගේම කාල සීමාව තුළ පක්ෂය විසින් සංවිධානය කරන ලද මහජන සම්මේලන 25ක් හා දැවැන්ත මහජන රැලි සමූහයේදී අපි අපේ ප්‍රචාරණ ව්‍යාපාරය සාර්ථකව ගෙන ගියා.