🪐 මැරෙන දවස කලින් කිවහැකි ද?

Lovtus

Well-known member
  • Apr 26, 2015
    8,858
    16,828
    113
    උඹ මැරෙන දවස කලින් දැනගන්න පුළුවන් නම් උඹ ඇත්තටම කැමතිද? ජෝතිෂ්‍ය සිද්ධාන්ත මැනවින් ප්‍රගුණ කරගත්තොත් මැරෙන දවස හරියටම දැනගන්න පුළුවන්!
    මම පුද්ගලිකව ජෝතිෂ්‍ය මේ තරම් තදින් විශාවාස කරන්නේ මගේ පුද්ගලික ජීවිත අත්දැකීම් වලින් කියලා මම කලින් කියලා තියෙනවා.
    ඒ නිසා අදාළ කාරණයට කෙලින්ම යොමුවෙන්න කලින් මේ සම්බන්දව මගේ අත්දැකීමක් කියන්න ඕන කියලා හිතුවා. මේක පුද්ගලික අත්දැකීමක් නිසා ඒක ඇත්ත ද බොරුද කියලා තර්ක කරන එකේ තේරුමක් නෑ. කැමති කෙනෙකුට පිළිගන්නත් අකමැති කෙනෙකුට නොපිළිගෙන බොරුවක් කියලා කියන්නත් පුර්ණ නිදහස තියෙනවා. මගේ පැත්තෙන් මට කියන්න තියෙන්නේ මේකේ ඉන්න අයට බොරු කියලා මට ලැබෙන ලබ්බක් නැත කියලා විතරයි. සිද්ධිය මෙහෙමයි,
    මට A/L ඉවර වෙන කාලේ වෙනකොට ත් ජෝතිෂ්‍යය ගැන තරමක දැනුමක් තිබුනා. ඒ කාලේ හවස් යාමේ වෙද්දී ගමේ විවිධ වයස්වල කොල්ලෝ set එකක් අපේ ගෙදර එනවා කැරම් ගහන්න. හැන්දෑවේ 7. 8 වගේ වෙද්දී තමයි උන් ගෙවල් වලට යන්නේ. මේ අය අතර මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් අයියා කෙනෙකුත් හිටියා. මගේ මෙසේ උඩ පංචාංග ලිතක් තියෙනවා දැකලා මිනිහා මට නොන්ඩි දාන්න පටන් ගත්තා. ජෝතිෂ්‍යය අමු බොරුවක්, උඹ මෝඩයෙක් වගේ කතන්දර කියාගෙන එද්දී මට මළපැන්නා. මම ඌට කිවුවා මේක බොරුවක් ද බලන්න මම උඹ උඹව මැරෙන දවස කියන්නද කියලා. වටේ හිටිය උනුත් හෙන up එකක් දුන්නා මගේ challenge එකට. මිනිහත් එක පයින් වැඩේට කැමතිවෙලා එයාගේ උපන් දිනෙයි වෙලාවයි ස්ථානය යි කිවුවා. මම ලිත අරගෙන ඒ වෙලාවේම මිනිහගේ කේන්දරේ හදලා විස්තර බලලා මැරෙන දවස මේකයි කියලා කිවුවා. අවුරුද්දක් වගේ බොහොම කෙටි කාලයක් ඇතුලත තමයි දිනය මැරෙන දවස තිබුනේ. ඔහොම කාලය ගතවුණා. අපිටත් ඕවා අමතක වෙලා ගියා. ඔහොම අවුරුද්දකට විතර පස්සේ ඒ අයියට එයාලගේ ගෙදරම ඇතිකරපු බලු පැටියෙක් හපලා තිබ්බා. ලොකු තුවාලයක් නැති නිසා ගණන් අරගෙන නෑ. දවස් තුන හතරක් යද්දී අර බලු පැටියා එක පාරටම සෙම වමනේ දාලා මැරිලා තියෙනවා. එදා හැන්දෑවේ වෙද්දී ඒ අයියට ත් තදින් උන ගැනිලා කටෙන් සෙම එන්න අරගත්තාම ගෙදර කට්ටිය බයවෙලා බලු පැටියගේ මළ කුනත් අරගෙන hospital ගිහින් තියෙනවා. අයියව hospital එකේ admit කරගත්තා. කොහොම හරි මිනිහා hospital එකේදිම මැරුණා. මැරෙනකොට වයස අවුරුදු 24යි. අපි හැමෝම shock වුණා මේ සිද්ධියට. මට අර පරණ සීන් එක මතක් වෙලා පරණ පොත්පත් ඇදලා එදා එයාට හැදුව කේන්දරේ අරගෙන බලද්දී මැරෙන දවස වෙනම ලියලා තියෙනවා දැක්කා. 2003 මැයි 15. අවුල් වුණු පාර කොලේ ඉරලා පුච්චලා දැම්මා. හරියටම ඒ දිනේ දී තමයි එයා නැතිවුනේ. පස්සේ මේ සිද්ධිය අපේ තාත්තා දැනගෙන මට නොසෑහෙන්න දොස් කිවුවා. ඊට පස්සේ ගමේ කීප දෙනෙක්ම කේන්දර බලාගන්න කියලා අපේ ගෙදර ආවත් තාත්තා ඒකට ඉඩ දුන්නේ නෑ. ආපු අයව හරවලා යැවුවා. ඊට අවුරුද්දකට විතර පස්සේ degree එකක් කරන්න මාවත් England යැවුවා.
    මෙන්න මේ සිද්ධිය නිසා මට ලොකු මානසික පීඩාවක් දැනෙන්න ගත්තා. මහා ලොකු වැරදිකාර හැඟීමක්... අදට ත් මේ සිද්ධිය ගැන මට පසුතැවීමක් තියෙනවා. මම මගේ මෝඩ කමට අනවශ්‍ය දේකට මැදිහත් වුනාද කියලා අදටත් හිතෙනවා. හැබැයි අදටත් ගමේ හුඟක් අය මාව දැක්කාම ඔලුව පාත්කරලා යන පොඩි බය ගතියක් තියෙනවා. :lol:
    ජෝතිෂ්‍යය සත්‍යයැයි විශ්වාස කරන්න බලපාපු එක සිද්ධියක් මේක. තව කීපයක් ම තියෙනවා. ඒ අත්දැකීම් පස්සේ වෙලාවක බෙදාගන්න බලාපොරොත්තු වෙනවා.
    --
    මතක විදියට ඒ නැතිවුණ කෙනාගේ ලග්න සටහන මෙහෙමයි
    ken.JPG


    කෙනෙකුගේ කේන්දරයේ 8 කියන්නේ මාරක ස්ථානය. මාරකස්ථානයට අධිපති ග්‍රහයාගේ තත්වය, 8 වැන්නේ ඉන්න අනෙක් ග්‍රහයන්ගේ බලාබල, 8 ට වැටෙන ග්‍රහ දෘෂ්ටි, ගෙවෙන දශාව, යෙදිලා තියෙන වෙනත් අව යෝග, 11 වැන්න සහ 2 වැන්න, ඒ ස්ථාන වල විස්තර හරියට ගලපලා ගණනය කරලා බැලුවොත් ඕනෑම කෙනෙක් මැරෙන දවස නිවැරදිව කියන්න පුළුවන්. මේ නැතිවුණ කෙනාගේ මරණයට හේතුව මම කියලා තිබ්බේ නෑ. මෙයා නැතිවෙනකොට ශනිගේ මහදසාවේ බුධ අතුරු දසාව ගෙවෙමින් තිබ්බේ. බුධ මේ කේන්දරේ 8 අධිපති. බුධ බාල වයස්කාරයන් නියෝජනය කරනවා. බලු පැටියෙක් විදියට තමයි මෙයාගේ මාරයා ආවේ. එක පාරක් මට්ටු වෙලා ඉන්න නිසා මින් මතු කිසිම කෙනෙකුගේ මරණය ගැන අනාවැකි නම් කියන්නේ නෑ කියලා අදිෂ්ටාන කරගෙන ඉන්නේ.
     

    Attachments

    • ken.JPG
      ken.JPG
      52.1 KB · Views: 36

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,614
    13,438
    113
    මටත් ඔය නිකන් කල්පනා කර කර ඉන්න වෙලාවක හිතිලා තියෙනවා අපි පාවිච්චි කරන හැම දේකම expire date එකක් කලින්ම සදහන් වෙලා තියන එකේ අපිටත් එහෙම එකක් කලින්ම එන්න බැරිද කියලා. :unsure:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,858
    16,828
    113
    මටත් ඔය නිකන් කල්පනා කර කර ඉන්න වෙලාවක හිතිලා තියෙනවා අපි පාවිච්චි කරන හැම දේකම expire date එකක් කලින්ම සදහන් වෙලා තියන එකේ අපිටත් එහෙම එකක් කලින්ම එන්න බැරිද කියලා. :unsure:
    ඉපදුන හැමෝම මැරෙනවා නේ. අපි හැමෝම දවසක මැරෙනවා. මරණය කියන දේට වයස් සීමාවක් නෑ. ඕනම වයසක දී ඕක වෙන්න පුළුවන්. ජෝතිෂ්‍යය පැත්තෙන් බැලුවොත් මරණය කියන්නේ මරණකරුට අපලයක් නෙමෙයි. අපල වෙන්නේ ජීවත්ව ඉන්න සමීපතමයන් ට. ඒකනේ අපල කාල වලදී ප්‍රියයන්ගේ වියෝගය අත්විඳින්න සිද්ධවෙනවා කියලා කියන්නේ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,404
    131,203
    113
    එකමත් එක රටක
    එක පාරක් මට්ටු වෙලා ඉන්න නිසා මින් මතු කිසිම කෙනෙකුගේ මරණය ගැන අනාවැකි නම් කියන්නේ නෑ කියලා අදිෂ්ටාන කරගෙන ඉන්නේ.
    🥴
    මේක නම් මම ගොඩක් තැන් වල දැකල තියන කතාවක්. මම මේක අහන්න ගිහිල්ල පස්සේ දැක්කේ උබත් දාල තියනව.
    ගොඩක් ඔය අරුම පුදුම , අත්භූත වැඩ කරා කියන උන් අන්තිමටම කියන දෙයක් තමයි "ආයිත් නම් මේක ප්‍රසිද්දියේ කරන්නේ නෑ කියලා හිතගත්ත" කියන කතාව.
    උබත් කියලා. ආයිත් කරන්නේ නැත්නම් ඉතින් ඕක ගැන කියල වැඩක් නෑ බන්.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,858
    16,828
    113
    මේක නිකන් ඇඟ බේරගන්න කියන කතාවක් වගේ උඹට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන එක සාධාරණයි. ඒත් ඔහොම දේකින් පරිප්පුවක් කාපු එකෙක් තමයී එකේ නියම රඟේ දන්නේ. ඔලුව හොල්මන් වෙන feeling එකක් ඒක. මිනිහෙක් මරපු එකෙකුටත් ඔහොම feeling එකක් වෙන්න ඇති දැනෙන්නේ.
     
    • Like
    • Haha
    Reactions: weer 11 and EdNygma

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,404
    131,203
    113
    එකමත් එක රටක
    මේක නිකන් ඇඟ බේරගන්න කියන කතාවක් වගේ උඹට හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන එක සාධාරණයි. ඒත් ඔහොම දේකින් පරිප්පුවක් කාපු එකෙක් තමයී එකේ නියම රඟේ දන්නේ. ඔලුව හොල්මන් වෙන feeling එකක් ඒක. මිනිහෙක් මරපු එකෙකුටත් ඔහොම feeling එකක් වෙන්න ඇති දැනෙන්නේ.
    කරන්න බැරි නම් කියල වැඩක් නෑ .

    මටත් ඕකම කියන්න පුලුවන්. ඔය විදියටම. මම මෙහෙම කරා . හැබැයි අයිත් නම් කරන්නේ නෑ කියිල හිතාගත්ත කියලා.
    තේරුමක් නෑ බන් ඉතින් කරන්නේ නැති වැඩවල ඇතිතේ කරපු පුදුම වැඩ ගැන කියවල.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,404
    131,203
    113
    එකමත් එක රටක
    මටත් මන්තරයක් කියලා අහසින් ඇවිදගෙන යන්න පුලුවන් බන්.
    මම ඕක කරල ඒක දැකල අපේ පැත්තේ උන් දෙන්නෙක් බය වුනා හොදටම.
    එදා මම හිතාගත්ත ආයිත් මේක කරන්නේ නෑ කියලා.

    උබලට කැමති නම් විශ්වාස කරපං. බොරු කියල හිතුවත් අවුලක් නෑ . එහෙම හිතෙන එක සාධාරණයි :rolleyes:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,858
    16,828
    113
    කරන්න බැරි නම් කියල වැඩක් නෑ .

    මටත් ඕකම කියන්න පුලුවන්. ඔය විදියටම. මම මෙහෙම කරා . හැබැයි අයිත් නම් කරන්නේ නෑ කියිල හිතාගත්ත කියලා.
    තේරුමක් නෑ බන් ඉතින් කරන්නේ නැති වැඩවල ඇතිතේ කරපු පුදුම වැඩ ගැන කියවල.
    හැබැයි උඹේ මේ කතාවට නම් මම උඹත් එක්ක ඇරගන්න එන්නේ නෑ. උඹට එහෙම හිතන්න තියෙන අයිතියට මම ගරු කරනවා. මගේ වුණත් වෙන කාගේ වුණත් personal feeling එකක් ගැන තර්ක කරලා තේරුමකුත් නෑනේ. ඒත් හෘද සාක්ෂියත් එක්ක මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ කියන එකට උදාහණයක් තමයි මේ බෙදාගත්තේ.
     
    • Like
    Reactions: Satan_at_Hell

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    37,342
    189,213
    113
    Colombo, Sri Lanka
    අපේ සියා කියනවා ඔයවගේ කතාවක්. කොල්ලෝ කට්ටිය වෙළේ සෙල්ලන් කර කර ඉන්නකොට එතන ළඟ ගහක බැඳලා හිටිය වැස්සියෙකුට පැටියෙක් ලැබුනලු. පස්සේ මේ වෙලාව බලාගෙන ගමේ ප්‍රසිද්ද ජෝතිෂ්‍ය කාරයා ගාවට ගිහින් මේ වෙලාවට ළමයට කේන්දරයක් හදලා දෙන්න කිව්වහම එයා කිව්වලු ළමයට නම් කුර හතරක් තියෙන්න ඕනේ කියලා...:D
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    51,404
    131,203
    113
    එකමත් එක රටක
    හැබැයි උඹේ මේ කතාවට නම් මම උඹත් එක්ක ඇරගන්න එන්නේ නෑ. උඹට එහෙම හිතන්න තියෙන අයිතියට මම ගරු කරනවා. මගේ වුණත් වෙන කාගේ වුණත් personal feeling එකක් ගැන තර්ක කරලා තේරුමකුත් නෑනේ. ඒත් හෘද සාක්ෂියත් එක්ක මම ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ කියන එකට උදාහණයක් තමයි මේ බෙදාගත්තේ.
    ඉතින් බන් උබට පුලුවන් කාගෙහරි කේන්ද්‍රයක් අරගෙන මූ ජිවත් වෙනවද , මරිලාද කියලා කියන්න ඕක කියන්න පුලුවන් නම්
    එහෙම උබට ඔප්පු කරන්න පුලුවන් මැරිලා නම් කවදද මැරුණේ කියලත් හරියටම කියනන් උබට ඕක පුලුවන් නම්.

    කාගේවත් feelings වලට මුකුත් වෙන්නේ නෑ නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    8,858
    16,828
    113
    යුක්රේන් රෂියා වෝ එක කවුද දිනන්නෙ??
    ඇත්තටම මම ඔය සීන් එක ගැන බලලා තියෙනවා. 2024 අන්තිම වගේ වෙනකන් ඔය කේස් එක විසඳුමක් නැතුව ඇදෙනවා. 2025න් වගේ පස්සේ රෂියන් උන් ඕක අල්ලගන්නවා. මම මේක ඔය අනිත් නක්‍ෂත්‍ර කාරයෝ කියනවා වගේ ටක්කෙට සිද්ධවෙනවාමයි කියලා මහපොළොව බදාගෙන කියන අනාවැකියක් නම් නෙමෙයි. මම තවමත් ජෝතිෂ්‍යය ගැන පර්යේෂනාත්මකව බලනවා. ජීවිත අත්දැකීම් කීපයක් නිසා විශ්වාස කරන තැනට මට එන්න සිද්ධවෙලා තියෙනවා. ඒක මගේ අවංක විශ්වාසයක් විතරයි.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,501
    4,247
    113
    Geri Amana Motherland Fucker & Mother Fucker Mahinda Rajapaksha Kawadda Marenne?