15 හැවිරිදි දැරිය අපයෝජනය කර වෙනත් පුද්ගලයන්ට විකුණු සැකකරු සොයා පරීක්ෂණ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    37,073
    32,214
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන්දලම ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක කුරුණෑගල ප්‍රදේශයට රැගෙන ගොස් අඹුසැමියන් ලෙස ජීවත්වූ තරුණයෙකු එම දැරියව තවත් පුද්ගලයන්ට මුදලට අලවි කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව මුන්දලම පොලීසිය පවසයි. මෙම සිද්ධියෙන් අගතියට පත් දැරියවද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමටත් වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමට නියමිත බවද පොලීසිය පවසයි.


    මෙම දැරිය සීයා සහ ආච්චි සමග ජීවත්ව ඇති බවත් අවස්ථා ගණනාවකදී නිකවැරටිය, හලාවත, මහව යන ප්‍රදේශවලදී තරුණයන් සමග සම්බන්ධකම් ඇතිකරගෙන ඇති අතර එම අවස්ථාවලදී සීයා විසින් පොලීසියට සිදු කළ පැමිණිලිවලට අනුව ළමා නිවාසවලට රැකවරණය සදහා භාර දී ඇතත් එම ළමා නිවාසවලින් පැනගාස් ඇති බව පොලිස් විමර්ශනවලට අනුව තහවුරුව ඇත.

    අවසානයේ මීගහකොටුව ළමා නිවාසයේ රැකවරණය ලබා දෙමව්පියන්ගේ ඉල්ලීම මත පසුගිය සැප්තැම්බර් (07දා) භාරකරුවන්ට මෙම දැරිය භාරදී ඇති අතර දරියගේ සීයා

    මුන්දලම, අගුණවිල, අක්කර 15 ප්‍රදේශයේ වත්තක මුරකරුවකු වශයෙන් සේවය කරමින් ඇය රැකබලාගෙන ඇත.

    අනතුරව මෙම දැරිය පසුගිය ඔක්තෝබර් (20දා) නැවත භාරකරුවන්ගෙත් මිදී විල්පත ප්‍රදේශයේ තරුණයෙකු සමග සම්බන්ධකමක් ඇති කරගෙන කුරුණෑගල ප්‍රදේශයට පදිංචියට ගොස් එම තරුණයා සමග අඹුසැමියන් ලෙස ජීවත්වූ බව දැරිය පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.

    සැකකාර තරුණයා මත්කුඩුවලට අබ්බැහි වී ඇති අතර එම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් අවශ්‍යතාව ඇතිවීම හේතුවෙත් ඇය පිට පුද්ගලයන්ට මුදලට අලවි කිරීම හේතුවෙන් එම තත්ත්වය දරා ගැනීමට නොහැකි වූ මෙම දැරිය එම ස්ථානයෙන් පැන ඇවිත් මුන්දලම පොලීසියට සිද්ධිය පිළිබද පැමිණිලි කර ඇත.

    මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලදී දැරියව රැවටූ පුද්ගලයන් පිළිබඳව සෙවීමට එම ප්‍රදේශවල පොලීසිවලට භාර දී ඇති අතර

    කුරුණෑගල ප්‍රදේශයේදී ඇය මුදලට අලවි කළ පුද්ගලයා සෙවීමට කුරුණෑගල පොලීසියට භාර දී ඇති බව පොළීසිය පවසයි.අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

    මුන්දලම් පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

    ආරච්චිකට්ටුව - ලලිත් නවරත්න.