2022 වසරේ පෙබරවාරි 21 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා යන ලදි.
ඒ අනුව අද දිනය තුළ ඒකක 70.61 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 12,033.10 ක් ලෙසින් සටහන් විය.
මේ අතර S&P SL20 දර්ශකය ඒකක 33.81 කින් ඉහළ ගොස් ඒකක 3,580.64 ක් ලෙසින් දිනය අවසානයේ දී සටහන් විය.
රු. බිලියන 2.96 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වර්තා වුණි.
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව, HNB බැංකුව, LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී, සම්පත් බැංකුව සහ මෙල්ස්ටාකෝප් යන සමාගම් ඉහළ ධනාත්මක දායකත්වයක් ලබාදීමට සමත්විය.
- https://biz.adaderana.lk/සියලු-කොටස්-මිල-දර්ශකය-ඒක-4/