2026 ඉඳන් සාමාන්‍ය පෙළ වෙනස් වෙයි; විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, IT හා ඉතිහාසය පමණයි

monson

Well-known member
  • May 7, 2007
    20,714
    18,658
    113
    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විෂය ධාරාවන් සංඛ්‍යාව හතකට සීමා වන අතර A,B,C යනුවෙන් කුසලතා සාමාර්ථයන් ලබාදීම සම්පූර්ණයෙන්ම අහෝසි වන අතර, සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු සිසුවෙකු අසමත් නොවන ක්‍රමයකට එනම් GPA හෙවත් Grade Point Average නම් කාර්ය සාධක ලකුණක් ලබාදීමට කටයුතු කරන බවට වාර්තා වෙනවා.

    මේ අනුව 2026 වසරේ සිට සාමාන්‍ය පෙළ විභාගය, විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වන්නේ විද්‍යාව, ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි, ආගම හා සාරධර්ම අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය හා ඉතිහාසය යන විෂයන් සඳහා පමණි.

    මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහායි.

    2025 වසරේ සිට මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතර 2026 වසරේදි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා මෙම නව වෙනස්කම් ඇතුළත් වන අතර විභාග දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට A,B,C යනුවෙන් සම්මාන කුසලතා සාමාර්ථ ලබා නොදෙන අතර GPA හෙවත් යම් කාර්ය සාධක පරිමාවකට යටත්ව උසස් පෙළ විෂයන් තෝරා ගැනීමට අවස්ථාව උදා වනු ඇති බවයි සඳහන් වන්නේ.

    මෙම ක්‍රමවේදයට අනුව කිසිදු සිසුවෙකු සාමාන්‍ය පෙළ විභාගය අසමත් නොවන අතර සෑම සිසුවෙකුම යම් ලකුණු පරාසයකට ඇතුළත්ව සමත් වනු ඇති.

    ඒ අනුව 2027 වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් දැනට පවත්නා කලා, විද්‍යා, ගණිත, වාණිජ, තාක්ෂණ යන විෂය ධාරා 6ට අමතරව අධ්‍යාපන නමින් නවතම විෂය ධාරාවක් එකතු කෙරේ.

    එහිදී අඩු කාර්ය සාධන පරිමාවකට ඇතුළත් වන සියලු සිසුන් සඳහා වෘත්තීය පාඨමාලා ද අලුතින් එක් කිරීමට නියමිතයි.

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර පැවැසුවේ මෙමඟින් වර්ෂයකට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු සිසුන්ට උසස් පෙළ හැදෑරීමට හැකි වන බවයි.

    - https://www.hirunews.lk/364953/2026-ඉඳන්-සාමාන්‍ය-පෙළ-වෙනස්-වෙයි
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,070
    2,712
    113
    Good subjects like eng literature, art music, geography have been taken off while the bullshit subjects like religion, civics, history, sinhala remain - none of this will ever be used after OLs. We will remain stuck in stone age while rest of the world takes off
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,714
    18,658
    113
    Good subjects like eng literature, art music, geography has been taken off while the bullshit subjects like Religion, civics, history, sinhala remain - none of this will ever be used after OLs.
    civics නැහැ

    මීට අමතරව තමන් කැමැති තවත් විෂයන් තුනක් සඳහා සිසුන්ට පෙනී සිටීමට අවස්ථාව ඇති අතර, එය පවත්වන්නේ 350ක් වූ පාසල් ඇගැයීම් හා අධ්‍යාපන මණ්ඩල හරහායි.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,070
    2,712
    113
    සාරධර්ම අධ්‍යාපනය means civics. Total bull subject that contributes nothing. If you have read the civics book you will understand it's just a word salad written by some mentally deranged idiot
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    7,299
    14,743
    113
    Malfoy Manor, Wiltshire, England.
    Religion ona nee ban eka awashya aya follow karanam athi ekai mage adahasath
    true. ekai mama kiwwe select karana subject list ekata danna one kiyala. ethakota ekata kamathi aya witharak e subject eka select karagani.
    kohomath religion kiyanne hamotama compulsory & identical deyak nemene. eka pudgalaya anuwa wenas wena deyak ne.
    maths, science, finance wage ewa mona religion, nationality unath same, ewa thama compulsory subject wenna one.

    ekanisa ewage deyak technically enna one selective list ekaka option ekak widiyata.
     

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    මට නම් හිතෙන්නෙ ඔය ඉතිහාසය සිංහල ආගම පුරවැසි අධ්‍යනය වගේ ගොබ්බ විශයන් ඔක්කොම අරන එක විශයක් හදන්න ඕනේ ඊට අමතරව අර ප්‍රාතාකු කියල තිබ්බ එක දියුණු කරල ලමයින්ට එදිනෙදා ගෙදර ඩොරේ වැඩ උයන විදිය හරියට වතුර බටයක් හදා ගන්නව වගේ තනිව කර ගන්න පුළුවන් සරල වැඩ කර ගන්න හැකිවෙන විදියට ප්‍රායෝගික ඉගැන්වීමක් කරල ඒකෙන් ඇගයීම් ක්‍රමයකට ලකුණු දෙන්න ඕනෙ මේකෙන් ගිරව දාන ගොබ්බ සාප අයින් කරලම දාන්න පුළුවන් තව coding කියන දේ ලමයින්ට උගන්වන්න ඕනෙ ඒක තෝරාගැනිමක් විදියට තිබ්බ නම් හරි මොකද හැමෝගෙම මොල එක වගේම නැති නිසා ඒත් හැම එකාටම උගන්නන්න ඕනෙ Hack නොවී කාටවත් අහු නොවී අන්තර්ජාලය පාවිච්චි කරන විදිය. විශයන් ඉංග්‍රීසි මාධ්‍යයේ වෙනව නම් හොදයි ගණිතය විද්‍යාව IT වගේ ඒව