27 හැවිරිදි ජපුර උපාධිධාරිනී ගැබිණි මව මියගියේ වෛද්‍යවරුන්ගේ වරදින්ලු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,820
    50,702
    113
    The-pregnant-mother-a-27-year-old-Japura-graduate-died-because-of-the-doctors-mistakes


    මන්නාරම දිස්ත්‍රික් රෝහලේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා 27 හැවිරිදි තරුණ මවක් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය තරුණ කාන්තාවගේ මව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.

    දරු ප්‍රසූතියෙන් පසු සිදුවන අධික රුධිර වහනය නොසලකා හැර සිහි සුන්ව මැරෙන්නට අත්හල බව කියන මේ තරුණ මව මන්නාරමේ තම්පනායීකුලම් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ උපාධි ධාරණියකි.

    දරු ප්‍රසූතියක් සඳහා මන්නාරම මූලික රෝහලට ඇතුළත් කරන තරුණ මව දරු ප්‍රසූතියෙන් පසු සිදුවෙමින් තිබූ රුධිර වහනය නොසලකා ඇයව රෝහලෙන් නිවසට එවා තිබේ.



    පසුදින සිටම ඇයට බරපතල ලෙස රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර ඇය මුරුන්කන් රෝහලට ඇතුළත් වීමෙන් පසුව තත්ත්වය අසාධ්‍ය බැවින් ගිලන් රථයක් මගින් මන්නාරම දිස්ත්රික් රෝහල වෙත මාරු කොට යවා ඇත.

    එම අවස්ථාවේදීත් වෛද්‍යවරු රුධිරය වහනය වීම සාමාන්ය තත්ත්වයක් ලෙස සලකා සිය දියණියට ප්‍රතිකාර ලබා දීමක් සිදු නොකළ බව මියගිය තරුණ කාන්තාවගේ මව වන කන්යාරා මල්කා මාධ්‍යයට ප්‍රකාශ කළාය.



    අවසානයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා සිය දියණිය සිහිසුන් වූ බවත් වෛද්‍යවරු ප්‍රතිකාර සදහා ඇය පරීක්ෂා කර ප්‍රතිකාර ක්‍රමවේදයන් ඇරඹුවේ ඉන් පසුව බවත් කියන තරුණ කාන්තාවගේ මව ස්වල්ප වේලාවකින් අනතුරුව සිය දියණිය මිය ගිය බව හඬා වැටෙමින් කීවාය.

    මන්නාරම දිස්ත්රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසාද් එම් හනීෆාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු විමසූ විට ඔහු පැවසුවේ මියගිය කාන්තාව සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා හා කම්පනය නිසා මේ මරණය සිදු වූ බවට මූලිකව නිගමනය වී ඇති බවයි.

    වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා ඇගේ දේහයේ අවයව කීපයක් කොළඹට යවා ඇති අතර එම පරීක්ෂණවලින් පසුව මේ තරුණ මව මියයාමට හේතුව නිශ්චිතව නිගමනය කළ හැකි බවද හෙතෙම පැවසීය.

    එම පරීක්ෂණවලදී වෛද්යවරුන්ගේ නොසැලකිල්ල මත මේ මරණය සිදුව ඇත්නම් එම වෛද්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සඳහන් කළ වෛද්‍ය අසාද් එම් හනීපා දැනටමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද පැවසීය.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    33,531
    42,538
    113
    Colombo

    ජපුර උපාධිධාරිනී ගැබිණි මව​

    පේර වලින් ගත්ත නම් මැරෙන එකක් නැද්ද ?
     
    • Haha
    Reactions: dananjaya696

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    8,688
    10,735
    113
    Gampaha
    රනිල්ට / සජිත්ට දීලා බලපල්ලකෝ හොග් ගලා.. ඉස්සරහට තව මේවා දරුණු වෙයි... මොකද රනිල්සජිත් ආවට පස්සේ ඉතුරු වෙලා ඉන්න ඩොක්කුත් රට පනිනවා.. එතකොට තොපිලාට සිංහල වෙද්දුන්ගේම පිහිටයි.. 🤗
     
    • Wow
    Reactions: lilman

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,295
    34,959
    113
    කොහෙත් ඔය වගේ කාලකන්නි ඉන්නවා. උන්ගෙ පවුලේ කෙනෙකුට ලෙඩක් දුකක් හැදුනම විතරයි ඉක්මනින් ප්‍රතිකාර කරන්නෙ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,446
    26,987
    113
    යකෝ ලමයව හම්බෙන්න ඩිලිවරි එකට ගෑනිව, සික්කගෙ ඉදන් ඇටෙන්ඩන් වෙනකං එක එකාගෙ ලයින් බල බල, කටු කකා, බැනුම් අහ අහ, අපාය වගේ ටොයිලට් තියන ජරා ගවර්මන්ට් හොස්පිට්ල් වලට ගිහිං අතාරින ඒකිගෙ මිනිහා කියන පොන්නයාව උල තියන්න එපෑ මුලින්? හරි හමන් එකෙක් නම් උකලා ලමයි හදන්න කලින් අඩුම ගෑනිට හොද සැපට ඩිලිවරි එක කරන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකක නවත්තන්න හරි සල්ලි හොයාගෙන ඉන්න එපෑ?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,376
    113
    Banned
    යකෝ ලමයව හම්බෙන්න ඩිලිවරි එකට ගෑනිව, සික්කගෙ ඉදන් ඇටෙන්ඩන් වෙනකං එක එකාගෙ ලයින් බල බල, කටු කකා, බැනුම් අහ අහ, අපාය වගේ ටොයිලට් තියන ජරා ගවර්මන්ට් හොස්පිට්ල් වලට ගිහිං අතාරින ඒකිගෙ මිනිහා කියන පොන්නයාව උල තියන්න එපෑ මුලින්? හරි හමන් එකෙක් නම් උකලා ලමයි හදන්න කලින් අඩුම ගෑනිට හොද සැපට ඩිලිවරි එක කරන්න ප්‍රයිවට් හොස්පිට්ල් එකක නවත්තන්න හරි සල්ලි හොයාගෙන ඉන්න එපෑ?
    මන්නාරමේ කොහෙද යකෝ private hospital.

    අපි නම් government hospital ගියපු කාලයක් මතක නෑ හිගන්නොන්ගෙ ලයින් බලන්න.ගූ ම හෙල්ත් සෙක්ටර් එකක් ලංකාවේ තියෙන්නේ.මැරෙන්න බලන්න යනවනම් යන්න ඕන ගවර්මන්ට් හොස්පිටල් එකකට.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,720
    39,476
    113
    ගවර්මන්ට් හොස්පිට්ල්ස් ගියොත් ජීවිතය ඉවරයි
    ප්‍රයිවට් හොස්පිට්ල්ස් ගියොත් දේපල ඉවරයි
    අනාථ සිංහලු 😕