Blue Mountain හොරු යළි වෙස්මුහුණු බඳිති; අලුත් සමාගම් 5 කින් කුප්‍රකට වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චිගේ සහෝදරයා ගේමට බහී; ජනතාවට අනතුරු ඇඟවීමයි..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,127
    55,131
    113
    මහා පරිමාණ දේපල සංවර්ධන හා අධි සුඛෝපභෝගී මන්දිර ඉදිකිරීමේ මුවාවෙන්, රටේ රාජ්‍ය බැංකු, මුල්‍ය ආයතන සහ ජනතාවගෙන් බිලියන ගණනක් මුදල් වංචා කරමින්, පසුගිය කාලයේදී අතුරුදහන් වූ බ්ලූ මවුන්ටන් සමාගමේ හිමිකරු, කුප්‍රකට වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි හෙවත් "හිරාන්" තමන්ගේ මගඩි ක්‍රියාකාරකම් තම සහෝදරයා වන 'චාගා හෙට්ටිආරච්චි' හරහා වෙනත් මට්ටමකින් ආරම්භ කර ඇති බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    බ්ලූ මවුන්ටන් නමැති මහා පරිමාණ වංචා සමාගමේ සභාපතිවරයා වූ හිරණ්‍ය හෙට්ටිආරච්චි Blue Mountain සමාගම හරහා තමන්ගේ බැංකු වංචාව මෙහෙයවනු ලැබුවේ තමන් සතුව බිලියන 14 ක වත්කම් ඇති බව පවසමින් හතර අතේ බැංකු වලට එකම ඔප්පුවක් උකස් තබමිනි.


    එකල බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගමට ජාත්‍යන්තරව නමක් ඇති බව පෙන්වීමට යහපාලන සමයේ මරිමෝඩ ජනාධිපතිවරයා වූ මෛත්‍රීපාල සිරිසේනට හිතවත්ව සිට ඒ හරහා ජනතාවට සහ බැංකුවලට පොලු පිට පොලු තැබූ බ්ලු මවුන්ටන් ඉඩම් වෙන්දේසි සමාගම 'සම්මානයකට' ද හිමිකම් කියා තිබුණි.


    2017 ජනවාරි 19 වන දින, බ්ලූ මවුන්ටන් සමාගමේ සභාපතිවරයා විසින් බම්බලපිටියේදී “Achileion” නමින් නව සුපිරි නිවාස සංකිර්ණයක් ඉදිකිරීම ආරම්භ කර තරු හතක් සහිතව තට්ටු 50 සුපිරි නිවාස 616 කින් සමන්විත දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස එය හඳුන්වා දී, හෙළිකොප්ටර් ගොඩ බෑමට හැකි අංගනයක් ද සහිත ව්‍යාපෘතියක් ලෙස මවා පෑ එම ව්‍යාපෘතිය මගින් බැංකු 04 කින් පමණ ණය ලබා ගැනීමට ද ගනුදෙනුකරුවන් විශාල පිරිසකගෙන් අති විශාල මුදලක්ද එකතු කරමින් සියල්ල ගසා කන ලදී. එකල Blue Mountain සමාගම විසින් වංචනිකව එකතු කළ මුදල, දළ වශයෙන් රුපියල් බිලියන 02 කට ආසන්නව වී තිබිණ. එමෙන්ම විවිධ වංචනික ක්‍රියාවන් හරහා ගත් ණය, බිලියන 9 (මිලියන 9000 ක්) ඉක්මවා ගොස් ඇති බව වාර්තා විය. මේ කූඨ කටයුතු කර ගැනීම සඳහා හිරණ්‍ය හෙට්ටිආරච්චිට කුප්‍රකට දේශපාලකයන් බොහෝ දෙනෙක් උදව් උපකාර කර තිබූ අතර දැනට හිරණ්‍ය හෙට්ටිආරච් සමාජයෙන් සැඟවී සිටී.

    Blue Mountain අයියගේ වැඩේ මල්ලි, චාගා හෙට්ටිආරච්චි අලුත් ගේමක් ගසමින් බොහෝ පිරිසක් අන්ත අසරණ කරමින් සිටී...​

    අයියගේ හොර වැඩවලට සෑම උපකාරයක්ම කර ඇති සහ හොරකමේ සහජ පළපුරුද්දක් ඇති Blue Mountain හිරාන් ගේ මල්ලි වන චාගා හෙට්ටිආරච්චි විසින් 2021 වසරේ ''Park Properties'' නමින් නව ව්‍යාපාරයක් ආරම්භ කර, නැවත ''First aid'' නමින් ද ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපාර ජාලය මගින් මේ වනවිට පානදුර, හොරණ, ගැලනිගම, මග්ගොන මෙන්ම බණ්ඩාරගම ප්‍රදේශ වල විශාල ඉඩම් කට්ටි කර විකුණන බව පෙන්වමින් ඉඩම් හිමියන්ද, එම ඉඩම් මිලදී ගැනීමට කටයුතු කරන පිරිස ද අසරණ කර ඇත්තේ අයියාගේ හොර උපක්‍රම භාවිතා කරමිනි.


    ඉහත කී ප්‍රදේශ වල ඉඩම් කිහිපයක් ඉඩම් හිමියන්ගෙන් ''Park Properties'' සහ ''First aid'' ආයතනවලට මිලට ගැනීමට ගිවිසුම් ගත වී ඇත. එම ඉඩම් වලට සියලුම මිල මුදල් ගෙවා නිමකළ පසු එම ඉඩම් වල අයිතිය ලබා ගැනීමට චාගා හෙට්ටිආරච්චිගේ තක්කඩි කොම්පැනි වැඩිදුරටත් ගිවිසුම් ගත වී ඇත.

    මේ අතර වාරයේදී ඉහත කී ආයතන එම ඉඩම් කොටස් විකිණීම සඳහා ප්‍රචාරණ කටයුතු සිදු කර ඇත. නමුත් මේ වන විටත් එම ඉඩම් වල මුදල් ගෙවා නිසි පවරාගැනීම් කටයුතු කර මිලදී ගැනීම නිමා කිරීමට ඉහත කී ආයතන කටයුතු කර නැත. එයට හේතුව එම ඉඩම් සඳහා සම්පුර්ණ මුදල් ගෙවීමට මෙම ආයතන කටයුතු කර නොමැති වීමයි. සමහර ඉඩම් හිමියන්ට යම් මුදල් ප්‍රමාණයක් ලබා දී ඇතත් එම ඉඩම් වල සම්පුර්ණ මුදල් ගෙවීමට මෙම තක්කඩි ආයතන කටයුතු කර නැත.

    කෙසේ වෙතත් ඉහත කී එම ඉඩම් වලින් ඉඩම් කට්ටි කර විකුණන බවට පුර්ව ප්‍රචාරක කටයුතු කර පුද්ගලයන් බොහෝ පිරිසකගෙන් අතිවිශාල මුදලක් මෙම ආයතනය ලබා ගෙන ඇත. සමහර පුද්ගලයන් විසින් තමන් මිලදී ගැනීමට කැමති ඉඩම් කොටසට අදාලව 90% ක්ම මුදල් ගෙවා ඇති බව වාර්තා වේ .

    මෙය ''නංගි පෙන්වා අක්කා දීම'' වැනි ක්‍රියාවක් බවට පත් වී ඇත. ඉඩම් හිමියන්ට සුළු මුදලක් ලබා දී ගිවිසුම්ගත ක්‍රියාවලියක් බව පෙන්වා ඉඩම් කට්ටි මිලදී ගැනීමට එන පාරිභෝගිකයන් රවටා ඔවුන්ගෙන් විශාල මුදලක් වංචනිකව ලබා ගැනීමට ''චාගා හෙට්ටිආරච්චි'' ගේ ''Park Properties'' සහ ''First aid'' ආයතන කටයුතු කර ඇත. එසේ ඉඩම් කට්ටි සඳහා මුදල් ලබාදුන් කිසිවෙකුට කිසිම ඉඩමක් ලබා දීමට මෙම කුප්‍රකට සමාගම් කටයුතු කර නැත.

    මෙම ආයතන දෙකේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ප්‍රසාද් කළුආරච්චි, කේශික ධනුෂ්ක පෙරේරා, මදුක හිරාන් මලින්ත , ගීතාංජන අනුපම ඉසුරු සහ මෙම සමාගම් වල නීතිඥයා ලෙස ජයසේකර නැමැත්තෙකු කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් වාර්තා වේ.

    මේ වංචනික ක්‍රියාව මෙසේ තිබියදී ප්‍රසාද් කළුආරච්චි නමැති පුද්ගලයාගේ නමට ''Goldan state'' නමින් තවත් අටමගල් සමාගමක් හොරකම් කිරීම සඳහාම ආරම්භ කර ඇත.

    අනතුරු ඇඟවීමයි..​

    දැනටමත් ''Park Properties'' සහ ''First aid'' නමැති කුප්‍රකට ආයතන වලට විරුද්ධව නඩු හතරක් පවතී. ශ්‍රී ලාංකික පුරවැසියෙනි, ''Park Properties'' සහ ''First aid'' , ''Goldan state'' යන කිසිදු සමාගමක ආයෝජනය නොකරන මෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මේවා ඔබගේ මුදල් කඩා වඩා ගන්නා වංචනික සමාගම්ය. මෙය Blue Mountain හොරුන් ආයෙත් වෙස්මුහුණු දමා කරගෙන යන අන්ත දූෂිත වැඩපිළිවෙලකි. මේ වංචාව සම්බන්ධයෙන් නව රජයේ දැඩි අවධානය යොමු විය යුතු කරුණක් බව ලංකා ඊ නිව්ස් අපි අවධාරණය කරමු.

    -සම්පත් දිල්ලිමුණි විසිනි​

    සැ.යු.​

    මෙම ලිපිය පළවීමෙන් අනතුරුව Prestige Lands සහ Guardian Lands යන නම් වලින්ද ක්‍රියාන්විත සමාගම් ද මෙකී කූඨකයන්ගේ සෙවනැලි සමාගම් බව දැනගන්නට ලැබිණ. ජනතාවට මෙම සමාගම් 5 ම කෙරෙහි අවධානයෙන් පසුවන ලෙස අපි අනතුරු අඟවමු

    pixel.gif


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,756
    84,592
    113
    සමාගම් වල නම් කියක් කියල දැනුවත් කරන්නද? මොළ ගෙනත් හයි කරන්න තමා තියෙන්නේ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,232
    2,015
    113
    Bamba project eke danna hugak aya apartment gatta samaha innawa floors pitin gatta. hugak welawata idam oya wage ewa gannawanm podi hri loan ekak dala tama ganna ona bank ekakin
     
    • Like
    Reactions: Smartm