British national, Kayleigh Fraser's passport seized by Sri Lankan immigration officers .

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    4,813
    8,723
    113
    Milagiriya
    මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අද (29) මුණගැසීමට නියමිතව තිබූ බව 'ඩේලි මේල්' වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    එහිදී කෙලී ෆ්‍රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයෙන් සහතිකයක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළ බව ඩේලිමේල් පුවත්පත පෙන්වා දී තිබේ.

    ගාලුමුවදොර අරගල සමයේ මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණිය 'අරගලය'ට සහයෝගය දැක්වූ බවට එල්ල වූ චෝදනාව මත ඇයගේ වීසා බලපත්‍රය අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබු අතර ඇය මේවනවිට අතුරුදහන්ව ඇත.