time එක ඩිපෙන්ඩ් වෙන්නෙ ඉන්වර්ටර් එකට වඩා ගන්න බැටරි අනුව, inverter එකක් විතරක් මදි, බැටරි චාජ් කරන්න විදියකුත් හදාගන්න ඕන, ලයිට් තියන වෙලාවට ඒකෙන් චාජ් කරගන්නවද, නැත්තං සෝලා වගේ වෙනවිදියකින් චාජ් කරගන්නවද වගේ හිතන්නත් ඕන, කොහොම කරත් චාජින් කන්ට්රෝලර් එකකුත් ඕන බැටරි යූස් කරනවා නං
ඔය බඩු ටිකට 150W වගේ නේ යන්නෙ, එතකොට inverter එක 300W/500W වගේ එකක් ශේප් වෙයි, fan එක යූස් කරන නිසා pure sine wave inverter එකක් ඕනවෙනවා ඒවා ටිකක් ගනන්, සමහර විට ඊට වඩා ලාබවෙයි බැටරියෙන්ම දුවන DC ෆෑන් එකක් ගන්න එක
පොඩි වොට් ගනන් වලට හොඳ brands වලින් ඉන්වර්ටර් හදනවා හරි අඩුයි, Suoer කියලා බ්රෑන්ඩ් එකක් තියනවා ඒකෙ ෆේක් ඒව එන නිසා බලල ගන්න ඕන, කොයික ගත්තත් චයිනීස් තමයි, මහ ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ
ඔය ටික පැය 4ක් දුවන්න 50Ah විතර බැටරියක් ඕන වෙයි,
සමහරවිට ජෙනරේටරයක් ගන්න එක ඔයාට හොඳ වෙන්නත් පුලුවන්, ටික දවසකට කලින් නම් 800W විතර චයිනීස් ජෙනරේටර් 30ට අඩුවෙන් ගන්න තිබ්බා