Customized_operating_System-Part_II

roshancs05

Member
Dec 13, 2008
5,354
747
0
Mars
Lesson 2 - Part 1 - "Restorator"

දැන් බලමු කොහොමද Expand කරගත්ත file ටික edit කරන්නේ කියලා.

මේ සඳහා මුලින්ම Restorator කියන Software එක Download කරගන්න.
(http://torrents.thepiratebay.org/4431309/Restorator_2007_v3.7_1709.4431309.TPB.torrent)
(Setup.exe මගින් Restorator install කරගන්න..ඉන්පසු Crack folder එකේ ඇති crack එක
දමාගන්න.දැන් Restorator run කර "Serial" text document එකේ ඇති serial එක මගින්
Restorator active කරගන්න)


දැන් i386 folder එකට ගොස් එහි ඇති අපි කලින් expand කරගත් file සියල්ල
කට් කරලා වෙනම folder එකකට paste කරගන්න.
(copy කරගත්තත් කමක් නෑ,හැබැයි මතක ඇතිව i386 folder එකෙන් ඒ ටික copy කරගත්තට
පස්සේ delete කරලා දාන්න )



හරි,දැන් අපි File edit කරමු.ආහ් ඊට කලින් Restorator ගැන ටිකක් ඉගෙන ගමු

01.මුලින්ම අපි අර කොපි කරගත්ත file ටික තියෙන folder එකට යන්න
02.දැන් මුලින්ම තියෙන file එක (browselc.dll) මත right click කරලා "Open with
Restorator" Click කරන්න



දැන් මම Restorator හි interface එක ගැන ටිකක් විස්තර කරලා දෙන්නම්..



ඔය 1 කියලා නම් කරලා තියෙන්නේ Resource tree එක.අපි ඔපන් කරගෙන තියෙන DLL,EXE,CPLහෝ ඕනෑම
වර්ගයක Resource එකක් පෙන්නන්නේ මේ Resource tree එකේ.

2 කියලා නම් කරලා තියෙන්නේ "Resource viewer" එක.මෙයින් Resource එකට අදාල වත්කම් සියල්ල මෙම ස්ථානයේ
පෙන්වනවා.

3 කියලා දක්වලා තියෙන සථානයෙන් පුළුවන් "Resource edit mode" එක
තෝරගන්න..(Shortcut key - F6)

Restorator ගැන වැඩි දුරටත්........

+ අපි මෙහිදි Edit කරන්නේ resource එකට අදාල වත්කම් වලින් Dialog,AVI,Bitmap,Icon යන්න පමණයි.මන්දයත් අනෙකුත් වත්කම් Edit කිරීම ඉතා සංකීර්ණයි වගේම ඒවා වෙනස් කිරීම ටිකක්
අවදානම්.(මින් browselc.dll හි ඇත්තේ Dialog වත්කම පමණයි.)
(කැමති කෙනෙක් ඉන්නවනම් ඒ ගැනත් මම කියලා දෙන්න සූදානම්.)

01.හරි,දැන් මුලින්ම Resource tree එකේ ඇති එක browselc.dll ඉදිරියේ ඇති + ලකුණ click කරන්න
02.දැන් ඒ resource එකට අදාල වත්කම් පහලට දිග හැරේවි
03.ඉන් dialog යන වත්කම ඉදිරියේ ඇති + ලකූණ click කර dialog යන්නට අදාල වත්කම් සියල්ල දැක ගත හැකියි.



04.දැන් අර මුලින් මම restorator හි interface එක පිලිබඳ කියලා දෙද්දි resource edit mode එකට යන button එක ‍පෙන්නුවා මතක ඇතිනේ?ඒක click කරන්න
05.දැන් ඉතින් dialog වත්කම යටතේ තියෙන 256,257,258,13656,13657 යන උප වත්කම්
එකින් එක edit කරමු..

ඔන්න දැන් ඉතින් මේ උප වත්කම් එකින් එක click කරද්දි ඔයාලට පේනවා ඇති අළුත් panel එකක් restorator window එකට එකතු වෙලා තියෙන හැටි.



ඒ panel එක බාවිතා කරලා තමා අපි සියළු වත්කම් edit කරගන්නේ..දැන් බලමු ඒක කරන හැටි.

හරි මුලින්ම බලමු මේ panel එකේ තියෙන්නේ මොනවද කියලා



අංක 01න් දැක්වෙන්නේ Component selection box එක..එතනින් පුළුවන් අපිට අපි තෝරාගත් උප වත්කමට අදාල
Form එකේ ඇති Components වෙන වෙනම තෝරාගන්න..එනම් Text box,Buttons,Combo box වශයෙන්.


අංක 02න් දැක්වෙන ස්ථානයෙන් අපිට පුළුවන් Form එකේ Caption එක වෙනස් කරන්න.
බලන්න මේ පහත රූපය.එහි form එකේ caption එක ලෙස ඇත්තේ Rename යන්නයි.අපිට
එය වෙනුවට මෙසේ ලබාදිය හැකියි - Rename ~Created by roshancs05~
එවිට මෙහෙයුම් පද්ධතිය තුලදි මෙම Rename dialog box එකේ caption එක ඉහත
ආකාරයට පෙන්වනවා.

අංක 03න් පෙන්වන කොටසින් අපිට පුළුවන් form එකේ Width / Height වෙනස් කිරීමට.

අංක 04න් පෙන්වන කොටසින් form එක භාවිත කරන font සහ font size එක වෙනස්
කල හැකියි.

අංක 05න් පෙන්වන ස්ථානයෙන් form එකේ window style එක වෙනස් කල හැකියි.
එය වෙනස් කිරීම අවශ්‍ය නොවේ.නමුත් එය භාවිතා කර අපට පුළුවන් win 7 වල වගේ xp වලත්
Copy/Move dialog box එකට Minimize button එකක් add කරන්න.
---------------------------------------------------------------
©roshancs05
ElaKiri.Com.2011.07.03


සොරි වෙන්න ඕනේ හැමෝම.මෙතනින් එහාට මම ත්‍රෙඩ් එක update කරන්නෙයි ඉහත lesson එකට අදාල video tutorial එක ලබා දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙයි ලැබෙන comments වල විදිහට තමයි.ත්‍රෙඩ් එක 757ක් බලල,ඒත් replies 60 යි..මට පේන්නේ මේ ත්‍රෙඩ් එක මම මේ තරම් මහන්සි වෙලා දැම්මාට කාටවත් ඒකෙන් ප්‍රෙයා්ජනයක් නෑ වගෙයි.මේ තරම් අමාරුවෙන් මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම පුංචි දිරි ගැන්වීමක් වශයෙන් comment එකක් වත් දාලා යන්න බැරිනම් මම මේ තරම් මහන්සි වෙලා මේ ත්‍රෙඩ් එක update කරන එකෙන් වැඩක් නෑනේ.
 
Last edited:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    පදිරි :)
    එලම තම මචන් රෙප් නම් බෑලු වෙන වෙලාවක දෙන්නම්
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    දිගටම කරගෙන යන්න මම හිතන්නේ Lesson 2 - Part 1 - "Restorator" එක අලුත්ම ත්‍රේඩ් එකකින් පටන් ගත්තනම් හොදයි කියලයි
     
    සොරි වෙන්න ඕනේ හැමෝම.මෙතනින් එහාට මම ත්‍රෙඩ් එක update කරන්නෙයි ඉහත lesson එකට අදාල video tutorial එක ලබා දෙනවද නැද්ද කියලා තීරණය කරන්නෙයි ලැබෙන comments වල විදිහට තමයි.ත්‍රෙඩ් එක 757ක් බලල,ඒත් replies 60 යි..මට පේන්නේ මේ ත්‍රෙඩ් එක මම මේ තරම් මහන්සි වෙලා දැම්මාට කාටවත් ඒකෙන් ප්‍රෙයා්ජනයක් නෑ වගෙයි.මේ තරම් අමාරුවෙන් මේ වගේ වැදගත් ත්‍රෙඩ් එකක් දැම්මම පුංචි දිරි ගැන්වීමක් වශයෙන් comment එකක් වත් දාලා යන්න බැරිනම් මම මේ තරම් මහන්සි වෙලා මේ ත්‍රෙඩ් එක update කරන එකෙන් වැඩක් නෑනේ.


    :(:(:(