IT රැකියා පෙන්නා පරිගණක අපරාධවලට යොමු කරන්න හැදූ තරුණයෝ පිරිසක් ලාඕසයෙන් මෙරටට

bonty89

Well-known member
  • Feb 20, 2009
    2,329
    5,173
    113

    IT රැකියා පෙන්නා පරිගණක අපරාධවලට යොමු කරන්න හැදූ තරුණයෝ පිරිසක් ලාඕසයෙන් මෙරටට​


    වංචනික වැඩට අකැමැති වීම නිසා විශේෂ කලාපයක කොටු කර ඉඳලා

    1_2.jpg


    ලාඕසයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා දෙන බව පවසමින් පරිගණක අපරාධ සිදු කිරීමට යොදාගැනීමට එරටට රැගෙන ගිය ශ්‍රී ලාංකික තරුණයෝ 24 දෙනෙක් බේරාගෙන, කටුනායක ගුවන්තොටුපොළ වෙත ඊයේ (24) රැගෙන එනු ලැබූහ.

    තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂ කලාපයක කොටු වී සිටියදී ඔවුන් බේරා ගෙන පැමිණ තිබිණි. මොවුන් හම්බන්තොට, ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන, පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයෝ පිරිසකි.‍

    ඔවුන් මීට මාස 4කට පමණ පෙර ලාඕසයේ ‘බොකියෝ‘ නගරයේ, චීනය විසින් පාලනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ, විශේෂ ආර්ථික කලාපයේ පරිගණක ක්ෂේත්‍රයේ රැකියා සඳහා ව්‍යාපාරික වීසා යටතේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබේ.

    එහිදී මේ කලාපයට ඇතුළු වත්ම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර, ජංගම දුරකතන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් තම භාරයට ගෙන ඇත.


    ඉන් පසු මේ විශේෂිත කලාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත, තම රැකියාවේ කාර්යභාරය ලෙස විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින්, මේ කලාපය තුළ ව්‍යාජ ලෙස විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දෙමින්, මේ පිළිබඳ උනන්දුවක් දක්වන්නන්ගෙන්, අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ. මේ කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණ පිරිසට, මෙම විශේෂ ආර්ථික කලාපයෙන් පිට වීමට, මේ සිදු වීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුම්වත් කිරීමට අවස්ථාවක් නොදී සිරගත තත්ත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

    එහෙත් පරිගණක පිළිබඳ මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණ පිරිස, මෙම බාධක මැඬලමින්, දැඩි ප්‍රයත්නයක් දරා මේ සියලු සිදු වීම් මාලාව ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබිණි.

    ලාඕස රාජ්‍යයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති නිලධාරියකු නැති අතර, ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරියකු වශයෙන් දමිත් අලුත්ගේ මහතා කටයුතු කරමින් සිටින අතර, ඔහු සහ ශ්‍රී ලංකාවේ ‘මගෙන් රටට‘ සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එක්ව දැඩි ප්‍රයත්නයක් දරා, මේ තරුණ පිරිස මෙම කලාපයේ, එම සමාගමෙන් බේරා ගෙන, යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබිණි.

    ඒ අනුව මේ තරුණ පිරිස ලාඕසයේ සිට තායිලන්තයේ බැංකොක් වෙත ගෙනැවිත්, එතැන් සිට ඊයේ (24) උදෑසන 10.20ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.


    source
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    32,659
    174,631
    113
    Colombo, Sri Lanka
    මුන්ට විරුද්දව නඩු දාන්න බැරිද. යකෝ කොලොනියල් නිතිනේ තිබිලා තියෙන්නේ
     
    • Like
    Reactions: Mr Bones

    JokerFan

    Well-known member
  • May 29, 2016
    13,909
    8,415
    113
    Arkham City
    මුන්ට විරුද්දව නඩු දාන්න බැරිද. යකෝ කොලොනියල් නිතිනේ තිබිලා තියෙන්නේ
    Chinese un Lauos, thai, Cambodian policeunta allas deela owa karan yanne.

    Lankawe wage thama unge policieth.

    Ape gonnu danaganna one owata ahu nowee inna.

    Yanna kalin balanna one monawada me ratawal, scam monawada etc.

    Oka henama famous scam ekak. Elakiri eke thread nuth giya

    Ee ratawala unuth ahu wela thibba owa wala. Eka paraka man dakka Thai kollekwa marala dala thibba oya chinese un.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,161
    1
    15,171
    113
    Nedakin mun mekata ahu welada

    Kochchara Youtube videos thibbada.

    Topjobs walath ad dala thibba oka gana wenama Thread giya elakiri eke.




    ජෙනරල් නොලේජ් එකවත් නැති උන් කොහොමද බන් IT ජොබ් කරන්නේ. මෙහෙම ගියොත් ලංකාවේ IT industry එකත් ඉන්දියාවේ වගේම කොලිටි එකක් නැති වෙනවා වැඩිකල් නොගිහින්.
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    4,198
    3,784
    113
    @ගෙදර
    මොවුන් හම්බන්තොට, ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන, පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයෝ පිරිසකි.‍
    අඩෝ වයි බං මුං මෙහෙම කරන්නේ 🥲
     
    Last edited:

    JokerFan

    Well-known member
  • May 29, 2016
    13,909
    8,415
    113
    Arkham City
    ජෙනරල් නොලේජ් එකවත් නැති උන් කොහොමද බන් IT ජොබ් කරන්නේ. මෙහෙම ගියොත් ලංකාවේ IT industry එකත් ඉන්දියාවේ වගේම කොලිටි එකක් නැති වෙනවා වැඩිකල් නොගිහින්.
    Screenshot_20230325-073226_Opera.jpg

    🥱🥱🥱 ahu wela thawa pora talkuth deela 😅

    Tinder, Bumble සීන් එක නේද 🤡
    Ow eka thama, oka henama famous ekak. Elakiri eka thread 2, 3kma giya oka gana
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    32,659
    174,631
    113
    Colombo, Sri Lanka
    Chinese un Lauos, thai, Cambodian policeunta allas deela owa karan yanne.

    Lankawe wage thama unge policieth.

    Ape gonnu danaganna one owata ahu nowee inna.

    Yanna kalin balanna one monawada me ratawal, scam monawada etc.

    Oka henama famous scam ekak. Elakiri eke thread nuth giya

    Ee ratawala unuth ahu wela thibba owa wala. Eka paraka man dakka Thai kollekwa marala dala thibba oya chinese un.
    ඔව් මචන් මමත් මේ ගැන ගොඩක් විස්තර දැක්කා. මට පුදුමේ මෙච්චර හොරකමක් කරද්දීත් Internationally මේකට crime action එකක් ගන්නේ නැති එක
     
    • Like
    Reactions: LZP1992

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    7,161
    1
    15,171
    113
    ඔව් මචන් මමත් මේ ගැන ගොඩක් විස්තර දැක්කා. මට පුදුමේ මෙච්චර හොරකමක් කරද්දීත් Internationally මේකට crime action එකක් ගන්නේ නැති එක
    China kiyanne ithin agaharu loke wage thamai
     
    • Sad
    Reactions: NRTG

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    473
    398
    63
    Matath oka awa, slbfe ekek set kale. Mama mechchara deyak danagena idiye na. USD walin salary gewanawa kiwwa,beer eke idala denawa kiwwa. 4 laks wage ganna puluwan kiwwa mulin. Yanna 12k ona kiwwa. Danata dennekta witharai chance thiyenne kiwwa. Mage laga echchara salli na kiwwama ehe agent ekka katha karala 4ta adu kala mu Kohomahari. Kohomahari ochchara ganak ganne agent kiwwa, gihin gewanna ba kiwwa, godak un giyama agentwa maga arinawalu salli nodi. mage mokak hari pinakatada koheda 4laks hambuneth na oya wadeta.