Job එකක් කරන්න colombo වලට තනියෙන් relocate වෙනවනම් කෑමටයි නවාතැන් වලටයි මාසෙට කීයක් විතර යනව ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    18,706
    33,238
    113
    Guys පොඩි help එකක් ඕනේ. මං දැනට WFH වැඩ කරන්නේ. ඒත් මේ අවුරුද්දේ ඉඳන් on-site job එකක් සෙට් වෙන්න පුළුවන් සමහරවිට. ඒ හින්දා මට පොඩි estimation එකක් ඕනේ අම්මලා එක්ක නැතුව තනියෙන් කොට්ටාව හරියට වගේ rent එකට ඇවිල්ලා කොළඹ job එකක් කරනවානම් මාසෙට කොච්චර වියදමක් යනව ද කියලා. මං පොඩි calculation එකක් කරලා බැලුවා. Keells එකේ Rice & Curry with Chicken කියලා meal එකක් තියෙනවා ඒක දැන් LKR 465/= ක් වගේ වෙන්නේ.

    https://keellsmenu.keellssuper.com/

    එතකොට උදාහරණයක් විදිහට දවස් 30 ට වේල් 3 ටම ඒ වගේ ගානක් යනවනම් මාසෙට කෑමට යන්නේ 45,000/= ක් වගේ. තව මං Ikman එකේ බැලුවා Rent එකට දාලා තියෙන Single Bed Room Annex වල ගණන්. ඒවා සාමාන්‍යෙන් 35,000/= වගේ Range එකේ යන්නේ. එතකොට මගේ calculation එකට අනුව මාසෙට කෑමටයි නවාතැන් වලටයි යන්නේ 80,000/= ක් වගේ. තව ඔය Snacks වලටයි Traveling වලටයි තව ඔය එක එක දේවල් වලටයි 20 ක් වගේ අයින් කරොත් මගේ calculation එකට අනුව තනියෙන් Colombo වලට relocate වෙනවනම් මාසෙට LKR 100,000/= ක් විතර යනවා. හැබැයි මං යාලුවොන්ගෙන් අහලා බලපු විදිහට නම් කෑමට එහෙම එච්චර ගණන් යන්නේ නෑ. ඒ හින්දා දැනට කොළඹ තනියෙන් job කරන කට්ටියගෙන් මට පහත විස්තර ටික දැනගන්න පුලුවන් ද? ලොකු උදව්වක්.

    1. ඔයගොල්ලොන්ට ඇත්තටම මාසෙට කොච්චර වියදමක් යනව ද?
    2. මට මෙතන සලකලා බලන්න අමතක වෙලා තියෙන තව මොකක්හරි variable එකක් තියෙනව ද?
    3. ඔයගොල්ලොන්ට අමතර වියදම් විදිහට යන වියදම් වල list එකක් දෙන්න පුළුවන් ද?
    4. ඔයගොල්ලො පාවිච්චි කරන හොඳ meal subscription services තියෙනවද මොනවහරි? එහෙමනම් එව්වගේ ගනන් කොහොම ද?
    5. Breakfast එක Oatmeal වලින් වගේ ශේප් කරගන්න පුළුවන් වුනොත් මාසෙට කොච්චර විතර වියදමක් යනවද Oatmeal වලටයි ingredients වලටයි?
    6. Laundry Services වගේ තියෙනවද කොළඹ? එහෙමනම් එව්වගේ ගණන් කොහොම ද?
    7. කොට්ටාවෙ ඉදන් වගේ හැමදාම උදේ හවස බස් එකේ කොල්ලුපිටිය හරියට වගේ එනවනම් මාසෙට බස් වියදම් කොච්චර යනවද?
    8. සතියෙ දවසක කොට්ටාවෙන් උදේ 7.30 ට බස් එකෙන් පිටත් උනොත් කොල්ලුපිටියට එද්දි කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    9. හවස 6 ට කොල්ලුපිටියෙන් පිටත් උනොත් කොට්ටාවට එද්දී කීය විතර වෙනවද? ගොඩක් සෙනග ද ඒ වෙලාවට? හිටගෙනද යන්න වෙන්නේ?
    10. Traveling වලට staff transport service එකක් වගේ use කරන එක අමාරු වෙයිද?
    11. මේක මට නිකමට වගේ හිතුන දෙයක්. මෙහෙම වියදම් කරනවා වෙනුවට කවදාහරි Down Payment එකක් එකතු කරගන්න පුළුවන් උනොත් අවුරුදු 25 ක විතර loan එකක් දාලා කොළඹින් සල්ලි දීලා ගෙයක් අරගෙන අම්මලාටත් transfer එකක් හදාගෙන ඒ ගෙදරටම එන්න කියන එක ගොඩක් හොඳ option එකක් කියලා හිතෙන්නේ නැද්ද? එහෙම කරනවනම් මාලඹේ පැත්තෙන් වගේ සාමාන්‍යෙන් හොඳ ගෙයක් ගන්නවනම් Down Payment එක කොච්චරක් විතර ගෙවන්න වෙනවද? මාසෙකට loan එකේ installment එක විදිහට කොච්චරක් ගෙවන්න වෙනවද?
    12. ඔයගොල්ලො හිතන විදිහට තනියෙන් කොළඹට relocate වෙනවනම් expected salary එක කොච්චරක් විතර ඕනෙ වෙනවද?
    Eliyen kanawanam dawasata 1500k yanne nane ban. 100ta aduwen shape wenna puluwan. Uyan kanawanam ita wada adui. Rent eka nam itin eka eka pathi wala hatiyata wenas wenawa.

    Umba okata tawa andum ganna ewa wage ewath daapan.

    Colombo walin geyak ganna aduma 30mil wath yanawa mata hitena widiyata. ganan hadala balapan loan eka kochara danna weida kiyala.

    Okkoma randa pawathinne umbey joba hatiyata tama. Mokakda karana field eka? IT nam itin goda yaamak tiyei. wena ewanam itin loweth goda emak ne monahari wena marga beluwe nathan.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,662
    93
    ah ehnn thawa kal tynw ne. awlk na. boardimak set nadda 20kt wtr hoda ekak set krganna puluwn, 35k gewnwa kynne wadi, ub wtrk gedr innwa nan. bus nan epa wenw bn 177 190 route eke. api issara htya hawasa ehm pack wenwa sasara kala kirenna. uber, public transport, utility bills arunama office eke set wena outing ehem wage unexpected viyadam ehmath set wenna ida tynw. mata nan viyadan gana idea ekak attema na dan corona wlt passe gedarama htpu hinda. ubt hodama wade office ekt lagama boardimak set karan oya lifestyle eka masa 6k wtr idala, viyadam gana idea ekak ganna eka. e gaman hoyala blhn chatar nathi pattak move wenna. kaama ehm dawalta wtri ne hodata kanna one.. anith dekata podiyta kawahama ati ne office eketh kanna ati.

    passe kattiya set unot apartment ekak rent krgnin ape nangi ehm htya kollupiti suncity 120K/mon full apartment
    Thanks a lot aiya 😁❤️

    ඔය දෙකටම හොඳම විසඳුම තමයි කැම්පස් එකක් කිට්ටුවෙන් බෝඩිමක් හොයාගන්න එක. සාමාන්‍යඑන් කැම්පස් කිට්ටුව හොඳ තනි කාමර තියනවා සාපේකශව ගනන් අඩුවට අනෙක තමයි කැම්පස් කිට්ටුව කියන්නෙ කෑම කඩ තියනවා ඕන තරං. අඩුවට කනවා නං එහෙමයි හොඳට කනවා නං එහෙමයි ඕනම විදියක කෑම කඩ තියනවා

    කොරෝනා වලට කලින් ස්ලිට් එක ලඟ තැනක නතර වෙලා හිටියෙ. කොල්ලුපිටියෙ මාත් වැඩ කරේ. 177 යන්න එන්න පුලුවන් බස් ඕන තරං තියනවා
    කෑම කඩත් ඕන තරං.

    බස්වල ගියත් කෝච්චි වල ගියත් ඔෆිස් ටයිම් වල යන්න ගියාම උබට එපාවෙයි සංසාරෙත් එක්ක. හොදම දේ ට්‍රාන්ස්පෝට් දෙන කම්පැනියකට සෙට් වෙයන්, නැත්තං උබ නවතින තැන ඉදන් කම්පැනියටම යන්න පුලුවන් ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකකට සෙට්වෙයන්. ඒ දෙකම බැයිනං අඩුම කම්පැනියට ලගින් බෝඩ් වෙයන් ඔෆිස් ටයිම් පික්මී ත්‍රීවිල් දැම්මම උපරිම රුපියල් 200-300 අතර ගානක් පෙන්නන තැනක. පික්මී බයික් දැම්මම ඊටත් වඩා අඩු ගානක්නෙ පෙන්නන්නෙ? පික්මී වීල් එක 275ක් පෙන්නනවනං බයික් එක උපරිම 160/170ක් පෙන්නයි. ඊටපස්සෙ හැමදාම වහින්නෙ නැත්තං පික්මී බයික් එකක් දාගෙන වැඩට යමන්. වහින දවසට වීල් එකක් දාගෙන වරෙන් 😎 අඩුම ගානෙන් උපරිම සැප පහසුව. ලොවෙත් මාසෙට 7500කට අඩුවෙන් ට්‍රාන්ස්පෝට් කොස්ට් එක තියාගන්න පුලුවන් අර වැඩේ කරොත්. අනික බයික් තමා හොදටම සෙට් වෙන්නෙ ට්‍රැෆික් වෙලාවට අස්සෙන් අස්සෙන් දාලා යන හින්දා. හැබැයි අනිවා පික්මී බයික් යනවනං උන් දෙන හෙල්මට් එක දාන්න කලින් ice cap එකක් දාගෙන ඒක දාගනිං. එතකොට කිසිම අවුලක් නෑ 😎 ඔෆිස් බෑග් එකේ පොඩි අයිස් කැප් දෙකක් වගේ දාගෙන තියාගනිං

    උබ කඩෙන් කනවනම් ඇයි annex එකක් ගන්නේ.. room එකක් විතරක් ගනින්.. සාමන්‍යෙන් single bedroom එකක් 10000ට වගේ ගන්න පුලුවන්... මේව ikman වල නැහැ උබ නවතින්න ඉන්න ඒරියා එකේ නිවාඩු දවසක පයින් ඇවිදලා කඩවල් වලින් අහල එහෙම හොයාගන්න ඕනෙ.. ඒක තමා ක්‍රමේ....

    කෑම ඔය ලොකු කඩවලින් ඩේලි කන්න යන්න එපා.. එහෙම කන්නත් බැහැ.. නවතින් තැන්වල සර්ච් පාරක් දාල බලපන් office වැඩ කරන අයට අඩුවට කෑම පැකට් දෙන කට්ටිය ඉන්නවා.. එකක් සෙට් කරන් කෑම ගන්න වේල් තුනටම 900ක් වගේ සෙට්වෙයි තුන්වේලෙම පිලිහුඩු කෑවත්.. සතියකට සැරයක් දෙකක් වෙනසකට පිටින් රයිස් එකක් කොත්තුවක් කන්නත් පුලුවන්..

    විශේශම දේ කොළඹ බෝඩිම් ගන්නවනම් පුලුවන් තරම් ඔෆිස් එකට ලගම තැනකින් ගන්න එක බස් එකක or train එකේ යන්න... ඒකෙන් සෑහෙන traveling cost එකක් සහ time එකක් ඉතුරු වෙනවා..
    .
    .
    .
    උයන්න පුලුවන්නම් මම නම් recommend කරන්නේ single bedroom annex එකක් අරන් උයාගෙන කාපන් කියලා.. or කෙල්ලෙක් ඉන්නවනම් ගෙදරින් අවුලක් නැත්තම් living together හිටපන්.. දෙන්නටම ඉන්න පුලුවන් මාසෙට 60ක් විතර යයී... (කෙල්ලට shopping කරන ඒව නැතුව:P අනිත් වියදම් ඔක්කොම දාල ඇවිදලා කරල ඉන්න)

    එහෙම බැරිනම් උඩ කියපු විදීහට room එකක් අරන් කඩෙන් කාල හිටහන්... මට එහෙම තනියම ඉන්න මාසෙට 50ක් ගියා ඔක්කොම වියදම් ඇවිදපුවත් එක්ක.. 3 meals (2 veg + 1 non veg)
    Thank you ❤️💪
    ------ Post added on Jan 20, 2024 at 9:10 PM
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,007
    710
    113
    කොහොමත් ඔෆිස් ලොකේෂන් එක එක්ක තමයි ඉන්න තැන තීරණය වෙන්නේ.
    වෙන මොනවා හරි හේතු නිසා බස් දෙක තුනක යන්න වෙන තැනක් හොයා ගත්තා කියමු, ඕක ටිකක් දවස් යනකොට එපා වෙනවා බස් වලින් මාරු වේවි යනකොට.
    තැනක් හොයාගන්නකොට අවට වැඩිය සද්ද බද්ද නැති, සාපේක්ෂව රස්නේ අඩු අවට පරිසරයයි, යන්න එන්න පහසුවයි එක්ක තැනක් බලන්න.

    මේක ඇත්ත .... නවතින තැන office එකට ලඟ වෙනවා නම් තමයි හොඳ ... නැත්තම් එතනටත් ගෙවල ... බස් එකටත් වියදම්
    ..මහන්සිය ...




    මගේ අත්දැකීම අනුව පන්නිපිටිය කලල්ගොඩ හෝකන්දර අරංගල පොතුඅරාව සාපේක්ෂව හොද පැති.
    තව හොද ඒරියා ඇති.


    කොල්ලුපිටියට දුර වැඩියි ... මෙහෙ ඉඳල ..... පට්ට traffic .... දුරත් වැඩියි .....
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,802
    6,851
    113
    උයාගන කාපන්..ඒක පට්ටම ලාබයි..උදේට පිටින් ගනින්...
    මැගි අනම් මනම් නම් කන්න එපා..
    උඹට සලකන්න වෙන්නේ බෝඩිම් ගාස්තුව/ කැම වේල් එහෙම
     
    • Like
    Reactions: Lupine Solus

    marindi

    Well-known member
  • Jun 14, 2023
    957
    1,252
    93
    කෝච්චිය උදේට ෆුල් පැක් නෙ බන්.

    මුට තියෙන්නෙ කොම්පැනි එකෙන් ම ට්‍රාන්ස්පෝර්ට් දෙන ත්නක් සෙට් කරගන්න
    ඔව් එක ඇත්ත ටික දවසක් යනකොට හරි යාවි තව තව බෙනිෆිට් නැතුවම නෙමේ ඉතින් :cool: :lol:. ඔය කැම්පස් කිට්ටුව නම් අඩුවට බෝඩින් හොයාගන්න පුළුවන් දවසක් ඇවිදලා බලන්න ඕනේ. හෙන පජාත ඒවත් තියෙනවා වතුර කෙස් ඒවා එහෙම. හොද තැනක් සෙට් වේවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,144
    38,716
    113
    සේදවත්ත
    හැමෝටම සෙට් වෙන්නෙ නෑ බං උයන එක. මම දෙතුන් පාරක් ට්‍රයි කරා උයන්න සෙට් වෙන්නෙම නෑ වැඩේ මම හත්පොලේ ගාගන්නවා 🥲
    ඒකට තමා පුහුනුව ලබන්න ඕනේ . කෑම සපයාගැනිම සකසා ගැනීම මුලික මිනිස් හැකියාවක් වියයුතුයි.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    758
    1,065
    93
    ඒක තීරණය වෙන්නෙ උබේ lifestyle එකත් එක්ක ! Normal confy life එකක් ගෙවන් AC room එක්ක ඉන්න 1lahk වගේ යයි
     
    • Like
    Reactions: Lupine Solus

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    2,728
    2,684
    113
    kandy
    owa boru wada
    oyajob ekeng ayn wela dubai walata relocate wenna
    visit visa walin gamaa gahanna puluwan thawa free lance visa thiyenawa
    aparade ubee life eka
    Dan visit gihin oka kranna ba bn

    Airport eken nuth hoyanawa wadi