අවුලක් නැ මචං ගොඩක් දේවල් වලට ඕනාවටත් වඩා ඇති.
මං 2021 ජූලි වගේ ඉදන් පාවිච්චි කරන්නෙ. සොෆ්ට්වෙයාර් ඩිවෙලොප්මෙන්ට් වලට. පෆෝමන්ස් නම් පොඩිවත් අවුලක් වත් නෑ. සද්දයක් වත් නැතුව ( ෆෑන් නැති නිසා) බබා වගේ ලස්සනට වැඩ.
මගෙ ගාව තියෙන්නෙ බේස් මොඩල් එක නෙමෙයි හැබැයි. රැම් 16GB හාඩ් එක SSD 512GB. මන් වයිෆ්ටත් අරන් දුන්න බේස් මොඩල් එකෙන් ( රැම් 8GB හාඩ් එක 256GB) තාම අවුලක් නෑ ඒ පැත්තෙනුත්. මම ඩිවෙලොප්මන්ට් වැඩ වලට ගන්න නිසා මන් පොඩ්ඩක් මොනිටර් කලා RAM usage සහ CPU usage. bottleneck එකක් වෙනව නම් වෙන්න පුලුවන් රැම් එක තමයි. වැඩි කරල ගන්න ඔන්නම් බේස් මොඩෙල් එකට 16GB රැම් එකක් ගහල ගනින්. වෙන නම් මුකුත් ඕනෙ නෑ.
මගෙ යාලුවෙක්ගෙ මේ ජාතියෙ එකකට වතුර ගිහින් කෙල උනා බෝඩ් එකට ( ඒව ඉතින් කොමන් ප්රශ්න) ඒ නිසා පරිස්සමින් පාවිච්චි කරපන් අරගෙන.
මාකට් එකේ මේ ගානට ගන්න තියෙන අනික් ලැප් එක්ක බලද්දි ( හොද i7 එකක් මේ ගානට ගන්න අමාරුයි. i5 හොද එකක් වගේ ගන්න පුලුවන් වෙයි. ඒවත් එක්ක, ඒවල එන ලෙඩත් එක්ක මේක දාහෙන් සම්පතක්.)