MTFE - ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මූල්‍ය වංචාව..! වටිනාකම රුපියල් බිලියන 325 ක්..! පසුපස සාටක පුත්‍ර සමාගම..?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,039
    55,073
    113
    ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව පසුගියදා සිදුව ඇති අතර ඉන් මිලියන හතරක ජනතාවක් විනාශයට ඇද වැටි ඇත. MTFE ලෙස හඳුන්වන ලද මෙකී මහා පිරමිඩ වංචාව සිදුකර ඇත්තේ ඇප් එකක් මගිනි. MTFE හි සියලු මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් ඩොලර් බිලියනයක් ඉක්මවූ සැනින් එනම් රුපියල් බිලියන 325 ක පමණ මුදලක් ඉක්මවූ සැනින් එම මුදල අතුරුදහන් කරමින් එම MTFE ඇප් එකේ ආයෝජකයන්ගේ මුදල් 2023 අගෝස්තු 18 දින උදේ වනවිට ඍණ බවට පත් කොට ඇත. මෙම පිරමීඩ වංචාවේ සුවිශේෂත්වය වන්නේ එම මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 325 ක් පමණ අතිශය විශාල මුදලක් වීමත්, වංචාවට ලක්ව ඇත්තේ ලංකාවේ ආයෝජකයින් මෙන්ම අන්ත දුගී අප්‍රිකානු රටවල් වල මෙන්ම ලංකාවෙන් පිටව ගොස් විදේශ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් පවා වංචා කිරීමට ඉහත කී MTFE චෞරයන් සමත්වීමයි.

    චෞරයන් ක්‍රියා කර ඇති ආකාරය සූක්ෂම ය. ඕනෑම අයකුට MTFE ඇප් එක බාගත කිරීමෙන් පසු ඩොලර් 30 සිට ඉහලට ක්‍රිප්ටෝ මුදල් ඒකක මගින් පමණක් ගෙවා සම්බන්ධ විය හැකිය. ඩොලර් 500 ආයෝජනයක් කරන අයෙකුට සතියේ දින 5 තුල පමණක් දිනකට ඩොලර් 22 ත් 27 ත් අතර මුදලක් ගිණුමට ලබා දෙමින් ජනතාව ආකර්ෂණය කර ගෙන තිබුණි. දැන් ඒ සියල්ල අහවරය. මෙතෙක් මුදල් පෙන්වූ ඇප් එක දැන් ඍණ ය.

    MTFE චෞරයන් කව්ද?​

    මෙකී MTFE චෞරයන් කව්දැයි සෙවූ විට ඒ පසුපස සිටින්නේ ද සාටක පුත්‍ර සමාගම බව සැක කෙරේ. ඒ මෙසේය. 2017 දී Lin Asia Holdings නමින් IT ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. (නාමල්ගේ බිරිඳගේ නම ලිමිනි ය. ලිමිනි සහ නාමල් යන නම් දෙක එක් කරමින් එම ව්‍යාපාරයට නම තැබුවාදැයි නොදනී) Lin Asia Holdings සහ House of Indi එකතුවෙන් WH (Wear House) නමින් කොළඹ 7 ධර්මපාල පෙදෙසේ බ්‍රෑන්ඩඩ් ෆැෂන් ඇන්ඩ් බියුටි ආයතනයන් ආරම්භ කරන අතර එහි ප්‍රවර්ධන කටයුතු වල දී ලිමිනි ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත. (එහි සේයාරුවක් මෙහි දැක්වේ) අනතුරුව Dunamiscoins Resources නමින් ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරයක් 2019 දී උගන්ඩාවේ ආරම්භ කරන ලද අතර එහි පසුපස සිටියේ සාටක පුත්‍ර සමාගම ය. එහි උගන්ඩා ජාතික අධ්‍යක්ෂවරුන් පසුව ක්‍රිප්ටෝ මුදල් වංචාවකට එරට දී අත් අඩංගුවට පත්වෙති. පසුව සාටක පුත්‍ර සමාගම කූඨ උගන්ඩා ජාතිකයෙකු වූ එම්මානුඑල් කේශීඩා නමැත්තෙකු සමග එක්ව MTFE පිරමිඩ ව්‍යාපාරය ආරම්භ කර ඇතැයි අයීටී ක්ෂේත්‍රයේ අය පවසති. කිසි දිනක කිසිවකු මුනනොගැසෙන මොවුන් කල් තියාම ඉක්මනින් පොහොසත් වී ප්‍රසිද්ධ වීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට මෙම ව්‍යාපාරයේ ප්‍රවර්ධකයින් ලෙස අන්තර්ජාල මාධ්‍යයෙන් සම්බන්ධ කොට ගෙන ඇත. ඒ අනුව සෑම නගරයකම MTFE ප්‍රවර්ධකයා MTFE විධායක නිලධාරියා ලෙස පෙනී සිටීමට ඉඩ ලබා දී ඇත. මේ හේතුවෙන් කිසි විටෙක සාටක පුත්‍ර සමාගම හසු නොවන අතර ඉක්මනින් පොහොසත් වීමට කැමැති මෝඩයින් පමණක් විධායක නිලධාරීන් ලෙස නීතියේ රැහැනට හසුවනු ඇත.

    ප්‍රථම ඉලක්කය මෝඩ ගැමියන්..​

    ලංකාවේ ගම් නියම් ගම්වල මෝඩ ගැමියන් ඔවුන් ප්‍රථමයෙන් ඉලක්ක කොට ඇත. ගමේ ගැමියා ගමේ MTFE නියෝජිතයාට රුපියල් වලින් ගෙවූ විට ඔහු ලෝක ප්‍රකට බයිනෑන්ස් සමාගමේ ඔහුගේ ගිණුමෙන් ගැමියාට ගැමියාගේ MTFE ගිණුමට ඩොලර් තැන්පත් කෙරේ. සෑම ගිණුමකටම ගිණුම් අංකයක් ඇති අතර නව ගනුදෙනු කරුවෙකු තමන්ගේ ගිණුම් අංකයෙන් හඳුන්වා දුන් විට ඒ ගිණුමෙන් හඳුන්වා දෙන පුද්ගලයාට දිනපතා ආදායමෙන් කොමිස් මුදලක් ලැබේ. (සාමාන්‍ය පිරමීඩ ජාවාරම වගේමය) එම නිසාම ගමේ ප්‍රධාන ආරම්භක නියෝජිතයාට නිකම්ම විශාල මුදල් ප්‍රමාණයක් මාසිකව හිමි වේ. මෙය මේ වනවිට ලංකාවේ සියලු ප්‍රදේශවල වයිරසයක් සේ පැතිරී ඇති අතර බිරින්දෑවරු ගෙදර සිට මුදල් සෙවීමේ ව්‍යාපාරයක් ලෙස ඉතිරි කරගත් මුදල්, කණකර උගස් කෙරූ මුදල්, ඉඩම් වාහන විකුණූ මුදල් MTFE වෙත පුදා ඇත. 2017 සිට මෙමගින් ඩොලර් මිලියන ගණනක විශාල මුදල් ප්‍රමාණයක් සාටක පුත්‍ර සමාගම උපාය ගැනීමට සමත් වී ඇති අතර රාජපක්ෂලා ජයග්‍රහණය කළ අන්තිම මැතිවරණයට ද මෙම මුදල් විශාල පරිමාණයෙන් ආයෝජනය කර ඇත.

    පසුව ගෝඨාභය රාජපක්ෂ එලවූ සැනින් රනිල් වික්‍රමසිංහ නාමමාත්‍රික ජනාධිපති වුව ද මහ සාටකයා සහ පුත්‍ර සමාගම රට පාලනය කිරීමේ දී කාංචන විජේසේකර සමග ලංකාවට ඉන්ධන ගෙන ඒමට මෙම මුදල් විශාල වශයෙන් භාවිතා කර තිබේ. ඉන්ධන බලාගාර සඳහාද ඔවුන් මේ මුදල් ආයෝජනය කොට ඇත. එමගින් මුදල් දෙගුණ තෙගුණ කර ගැනීමට සාටක පුත්‍ර සමාගම සමත් වී ඇති අතර මොවුන්ගේ ව්‍යාපාරික අරමුණු වලට කාංචන විජේසේකර විදුලි බිල පවා වැඩි කර දී ජනතාව දැඩිව පීඩනයකට ලක් කළේ ය.

    MTFE සහ සාටක පුත්‍ර සමාගම සම්බන්ධය කරළියට..​

    MTFE සහ සාටක පුත්‍ර සමාගම අතර සම්බන්ධය කරළියට එන්නේ ලංකාවේ LPL තරඟාවලියේ දී ය. 2018 දී සාටක පුත්‍ර සමාගම LPL තරඟාවලිය ආරම්භ කරන්නේද මෙම MTFE හි පිරමිඩ මුදල් ආයෝජනයෙන් යැයි සැක කෙරෙන අතර පසුගිය කාලයේ ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැති බවත් ක්‍රීඩා පනතට අනුව ශ්‍රී ලංකාවේ පවත්වන ඕනෑම ක්‍රීඩා තරඟාවලියක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවත් තමන් දැනට මසකට පමණ පෙර ලිපි දෙකක් මගින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අවසර ගන්නා ලෙස දැනුම් දී ඇති නමුත් එම කටයුත්ත සිදුවී නැති බවයි. පසුගිය ජූලි 31 දා පැවැති පුවත් හමුවේදී ඔහු ඒ බව ප්‍රකාශ කෙළේ ය.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ 2023 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අනුග්‍රාහකයකු ලෙස MTFE පිරමිඩ ජාවාරම ප්‍රසිද්ධියේම ප්‍රචලිත කිරීමට සාටක පුත්‍ර සමාගම බිය නැති වීමයි. අපට ලැබී ඇති තොරතුරු අනුව මුදල් ආමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන සාටක පුත්‍ර සමාගම උදෙසා සහයෝගය දක්වා ඇත. නමුත් සමාජ මාධ්‍යයේ එල්ල වූ දැඩි බලපෑම මත සහ ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ දැඩි බලපෑමෙන් මහා බැංකු අධිපතිවරයා පිරමිඩ වංචා හා විමර්ශන ආරම්භ කර තිබේ. නමුත් සුපුරුදු ලෙස මේ වන විට දේශීය බළලුන් පවා රටින් පැන ගොස් ඇති අතර 2023 අගෝස්තු 18 උදෑසන වනවිට සියලු ගිණුම් හිමියන්ගේ ගිණුම් ඍණ බවට පත්කොට සාටක පුත්‍ර සමාගම නොදන්නවා සේ සුවසේ සුපුරුදු ලෙස ජීවත් වේ.

    MTFE ක්‍රියාත්මක වූ අන්දමට සාටක පුත්‍ර සමාගම නිර්දෝෂී වනු ඇති අතර කිසිවෙකුට මෙය නීතිය ඉදිරියේ ඔවුන්ගේ දේශපාලන බලය තුල ඔප්පු කළ හැකි කරුණක් නොවනු ඇත. නමුත් එල්පීඑල් සඳහා MTFE නමින් අනුග්‍රහය දැක්වූයේ කව්ද? ඒ පසුපස සිටියේ කව්ද? ආදිය සොයා බැලීමෙන් මේ මහා වංචාවේ මොළකරුවන් අල්ලා ගනු හැකිවනු ඇත.

    ලංකාවේ ගිණුම් ලක්ෂ තිස් හතරක්..​

    මෙපමණ දුරකට හෝ මහබැංකුව ක්‍රියාත්මක වුයේ සාටක පුත්‍ර සමාගමේ එළැඹෙන ජනාධිපතිවරණයේදී සාටක පුත්‍රයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී මෙම විශාල මුදල් කන්ද ඔහු වෙනුවෙන් භාවිතා කොට රනිල් වික්‍රමසිංහට තර්ජනයක් වනු ඇති බැවින් සාගල රත්නායකගේ මෙහෙයුමකින් කළ බලපෑමක් මතය. නමුත් ඔවුන් MTFE ආයෝජකයින්ගේ ගිණුම් ඍණ කරන විට ඔවුන් සතුව ලංකාවේ ගිණුම් ලක්ෂ තිස් හතරක් සහ විදේශීය ගිණුම් ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් තිබු අතර එම මුදලේ වටිනාකම ඩොලර් බිලියනයක් වේ. ලංකාවේ මුදලින් අද දින වටිනාකම රුපියල් බිලියන 325 කි. රුපියල් බිලියන 325 න් 80% ක් ම ලංකාවේ මුදල් වන අතර එහි වටිනාකම රුපියල් බිලියන 260 ක් පමණ ය. අහිංසක මිනිසුන් ගොවිතැනෙන් හම්බ කළ මුදල්, දරුවන් වෙනුවෙන් හෝ තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කළ මුදල්, රුපියල් බිලියන 260 ක් මෙසේ විනාශ වී ඇත. මෙහි විපාක ලෙස නුදුරේදීම සියදිවි නසාගැනීම් මෙන්ම සමාජ ප්‍රශ්නයක් ලෙස මිනිසුන් වීදි බැසීමට පවා හේතු වේ. මේ වන විටත් ඔබ නොදැනුවත්ම ඔබේ පවුලේ අයෙකු හෝ මිතුරෙකු හෝ අනිවාර්යයෙන් මෙහි ගොදුරක් වී ඇත. සමහරුන් පවසන්නේ තමන් මුලින්ම මීට සම්බන්ධ වූ බැවින් දැමූ මුදල් ගත් බවයි. එවැනි ලංකාවේ මෝඩයින්ට නොතේරෙන්නේ කැටයකට දැම්මත් දැමු මුදල් ගත හැකි නොවේද යන්නයි. MTFE මගින් මුදල් විනාශ වූ ඔබ අදම ඔබේ ගමේ සාටක පුත්‍ර සමාගමට එරෙහිව සංවිධානය වන්න. අනතුරුව ජාතික මට්ටමෙන් සංවිධානය වන්න. ඒ හැර ඔබට වෙනත් විසඳුමක් නැත.

    මහා දේශමාමක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටී නම් ජනතාව වෙනුවෙන් හැකිනම් සාටක පුත්‍ර සමාගමේ මෙකී MTFE පිරමීඩ ජාවාරම ගැන ඔබේ හ‍ඬ අවදිකොට පෙන්වන්න.

    -ජනමිත්‍ර​

     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,754
    78,276
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් රෙකෝඩ් අලුත් කරලා.

    කලින් ඉතිහාසයෙ මහබැංකුවෙ කරපු ලොකුම වංචාව කරෙත් රනිලනෙ. රාජපක්ස්ලා මූවම පත් කරගන්නෙ මූට රට කරන්න පුලුවන් කියලා හිතන හරකුත් ඉන්නව 😂😂😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    23,106
    1
    40,273
    113
    ප*යාගල
    sorry.com

    අයීටී ක්ෂේත්‍රයේ අය පවසති
    ගු ගියා සින්හලු

    රනිල් රෙකෝඩ් අලුත් කරලා.

    කලින් ඉතිහාසයෙ මහබැංකුවෙ කරපු ලොකුම වංචාව කරෙත් රනිලනෙ. රාජපක්ස්ලා මූවම පත් කරගන්නෙ මූට රට කරන්න පුලුවන් කියලා හිතන හරකුත් ඉන්නව 😂😂😂
    MTFE පටන් ගත්ත දවස් වලමයි මහ බැන්කුවෙ පොන්සියොන්ට Complain කරේ. අරින කන් බලන් ඉදල ඇරියට පස්සෙ කියෝනව උනුත් . මහ පොන්සියගෙ ගේමක් වෙන්නත් බැරි නෑ
    ------ Post added on Aug 23, 2023 at 5:38 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,754
    78,276
    113
    ආශ්චර්යමත් රටක
    ගු ගියා සින්හලු


    MTFE පටන් ගත්ත දවස් වලමයි මහ බැන්කුවෙ පොන්සියොන්ට Complain කරේ. අරින කන් බලන් ඉදල ඇරියට පස්සෙ කියෝනව උනුත් . මහ පොන්සියගෙ ගේමක් වෙන්නත් බැරි නෑ
    ------ Post added on Aug 23, 2023 at 5:38 AM

    බැරි නෑ නෙවෙයි බන් පොනිල් + රාජපක්කුන්ගෙ ගේමක් ඔය.
    බංකොළොත් වෙච්ච රටෙන් මහදවල් රුපියල් කෝටි 33000 ක සල්ලි අදිනව දන්නෙ නෑ. 😂😂😂😂

    මහබැංකුවෙ උන්ට කරන්න දෙයක් නැතුව බල්ලො වගේ ඉන්නව ඇති. නීතියක් නැති, මහබැංකුව ස්වාධීන නැති රටක උන්ට කට පුක වහන් ඉන්න වෙන්නෙ. ලොක්කො කීප දෙනෙක්ට කුට්ටි ටිකක් ලැබෙන්නත් ඇති.

    ඔය පිරමිඩ වලට අහුවෙන බයියන්ට කිව්වම නං උඩින්ම විශ්වාස කරයි මහබැංකුව දන්නෙ නෑ, පොනිල් අහිංසකයි, මයින්ද මාත්තයට මේව අහල කලන්තෙ වගේ කිව්වත්. පොනිලා අර්ජුන් මහේන්ද්‍රන් ලව්වා සිංගප්පූරුවට සල්ලි පැටෙව්වා. පස්සෙ සාටක බල්ලන්ගෙන් ගාණ අරගෙන උන්ට සල්ලි අදින්න දුන්නා.

    වැඩේ කියන්නෙ උබට, මට ඔය බයියන්ට කෙළොගන්න ඇරපන් කියල ඉන්න විදියක් නැති එකනෙ. බලු වේස බයියන්ට කන්නවත් නැත් උනාම අස්වැසුම පයියක් හදල දීල ඒක ගෙවන්නයි, බදු සහන දෙන්නයි සල්ලි ගෙවන්න වෙන්නෙ ඔය පිරමිඩ වලට අහු උනේ නැති, බයි බල්ලන්ට ඕවට අහුවෙන්න එපා කියල කියන උබටයි, අපිටයිනෙ.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,247
    8,836
    113
    danata 3,4 Suicide karagena neda ? :(:no:

    dan tika tika suicide start wenawaa MTFE nisa. lanakwe danata wadiyam ma minissu ahu wecha scam eka meka thama

    369678877_197337616682999_8802360892352942169_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,754
    78,276
    113
    ආශ්චර්යමත් රටක
    danata 3,4 Suicide karagena neda ? :(:no:

    dan tika tika suicide start wenawaa MTFE nisa. lanakwe danata wadiyam ma minissu ahu wecha scam eka meka thama

    View attachment 212899

    මොළේ නැති බයියො ඔන්න ඔහොම අඩුවෙන එක හොඳයි. 👌👌හු@@ගෙ පුතාලා දුවලා කවදාවත් හැදෙන්නෙත් නෑ. අඩු ගානෙ තමන්ට විතරක් ඉල්ලන් කාගෙන අනිත් උන්ට වදයක් නොවී ඉන්නත් බෑනෙ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,247
    8,836
    113
    මොළේ නැති බයියො ඔන්න ඔහොම අඩුවෙන එක හොඳයි. 👌👌හු@@ගෙ පුතාලා දුවලා කවදාවත් හැදෙන්නෙත් නෑ. අඩු ගානෙ තමන්ට විතරක් ඉල්ලන් කාගෙන අනිත් උන්ට වදයක් නොවී ඉන්නත් බෑනෙ
    Godak baiyoo thama mewala invest karala thiyanne

    Mun ara group wala aluth pyramid hoya hoya yanne bung. CBSL eka kochara dewal karath mun mewa nawathanne naa. hoyagena yanawaa
     
    • Like
    Reactions: SLK_sri and NRTG

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,955
    113
    ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව පසුගියදා සිදුව ඇති අතර ඉන් මිලියන හතරක ජනතාවක් විනාශයට ඇද වැටි ඇත. MTFE ලෙස හඳුන්වන ලද මෙකී මහා පිරමිඩ වංචාව සිදුකර ඇත්තේ ඇප් එකක් මගිනි. MTFE හි සියලු මුදල් තැන්පත්කරුවන්ගේ මුදල් ඩොලර් බිලියනයක් ඉක්මවූ සැනින් එනම් රුපියල් බිලියන 325 ක පමණ මුදලක් ඉක්මවූ සැනින් එම මුදල අතුරුදහන් කරමින් එම MTFE ඇප් එකේ ආයෝජකයන්ගේ මුදල් 2023 අගෝස්තු 18 දින උදේ වනවිට ඍණ බවට පත් කොට ඇත. මෙම පිරමීඩ වංචාවේ සුවිශේෂත්වය වන්නේ එම මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 325 ක් පමණ අතිශය විශාල මුදලක් වීමත්, වංචාවට ලක්ව ඇත්තේ ලංකාවේ ආයෝජකයින් මෙන්ම අන්ත දුගී අප්‍රිකානු රටවල් වල මෙන්ම ලංකාවෙන් පිටව ගොස් විදේශ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් පවා වංචා කිරීමට ඉහත කී MTFE චෞරයන් සමත්වීමයි.

    චෞරයන් ක්‍රියා කර ඇති ආකාරය සූක්ෂම ය. ඕනෑම අයකුට MTFE ඇප් එක බාගත කිරීමෙන් පසු ඩොලර් 30 සිට ඉහලට ක්‍රිප්ටෝ මුදල් ඒකක මගින් පමණක් ගෙවා සම්බන්ධ විය හැකිය. ඩොලර් 500 ආයෝජනයක් කරන අයෙකුට සතියේ දින 5 තුල පමණක් දිනකට ඩොලර් 22 ත් 27 ත් අතර මුදලක් ගිණුමට ලබා දෙමින් ජනතාව ආකර්ෂණය කර ගෙන තිබුණි. දැන් ඒ සියල්ල අහවරය. මෙතෙක් මුදල් පෙන්වූ ඇප් එක දැන් ඍණ ය.

    MTFE චෞරයන් කව්ද?​

    මෙකී MTFE චෞරයන් කව්දැයි සෙවූ විට ඒ පසුපස සිටින්නේ ද සාටක පුත්‍ර සමාගම බව සැක කෙරේ. ඒ මෙසේය. 2017 දී Lin Asia Holdings නමින් IT ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. (නාමල්ගේ බිරිඳගේ නම ලිමිනි ය. ලිමිනි සහ නාමල් යන නම් දෙක එක් කරමින් එම ව්‍යාපාරයට නම තැබුවාදැයි නොදනී) Lin Asia Holdings සහ House of Indi එකතුවෙන් WH (Wear House) නමින් කොළඹ 7 ධර්මපාල පෙදෙසේ බ්‍රෑන්ඩඩ් ෆැෂන් ඇන්ඩ් බියුටි ආයතනයන් ආරම්භ කරන අතර එහි ප්‍රවර්ධන කටයුතු වල දී ලිමිනි ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත. (එහි සේයාරුවක් මෙහි දැක්වේ) අනතුරුව Dunamiscoins Resources නමින් ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාරයක් 2019 දී උගන්ඩාවේ ආරම්භ කරන ලද අතර එහි පසුපස සිටියේ සාටක පුත්‍ර සමාගම ය. එහි උගන්ඩා ජාතික අධ්‍යක්ෂවරුන් පසුව ක්‍රිප්ටෝ මුදල් වංචාවකට එරට දී අත් අඩංගුවට පත්වෙති. පසුව සාටක පුත්‍ර සමාගම කූඨ උගන්ඩා ජාතිකයෙකු වූ එම්මානුඑල් කේශීඩා නමැත්තෙකු සමග එක්ව MTFE පිරමිඩ ව්‍යාපාරය ආරම්භ කර ඇතැයි අයීටී ක්ෂේත්‍රයේ අය පවසති. කිසි දිනක කිසිවකු මුනනොගැසෙන මොවුන් කල් තියාම ඉක්මනින් පොහොසත් වී ප්‍රසිද්ධ වීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට මෙම ව්‍යාපාරයේ ප්‍රවර්ධකයින් ලෙස අන්තර්ජාල මාධ්‍යයෙන් සම්බන්ධ කොට ගෙන ඇත. ඒ අනුව සෑම නගරයකම MTFE ප්‍රවර්ධකයා MTFE විධායක නිලධාරියා ලෙස පෙනී සිටීමට ඉඩ ලබා දී ඇත. මේ හේතුවෙන් කිසි විටෙක සාටක පුත්‍ර සමාගම හසු නොවන අතර ඉක්මනින් පොහොසත් වීමට කැමැති මෝඩයින් පමණක් විධායක නිලධාරීන් ලෙස නීතියේ රැහැනට හසුවනු ඇත.

    ප්‍රථම ඉලක්කය මෝඩ ගැමියන්..​

    ලංකාවේ ගම් නියම් ගම්වල මෝඩ ගැමියන් ඔවුන් ප්‍රථමයෙන් ඉලක්ක කොට ඇත. ගමේ ගැමියා ගමේ MTFE නියෝජිතයාට රුපියල් වලින් ගෙවූ විට ඔහු ලෝක ප්‍රකට බයිනෑන්ස් සමාගමේ ඔහුගේ ගිණුමෙන් ගැමියාට ගැමියාගේ MTFE ගිණුමට ඩොලර් තැන්පත් කෙරේ. සෑම ගිණුමකටම ගිණුම් අංකයක් ඇති අතර නව ගනුදෙනු කරුවෙකු තමන්ගේ ගිණුම් අංකයෙන් හඳුන්වා දුන් විට ඒ ගිණුමෙන් හඳුන්වා දෙන පුද්ගලයාට දිනපතා ආදායමෙන් කොමිස් මුදලක් ලැබේ. (සාමාන්‍ය පිරමීඩ ජාවාරම වගේමය) එම නිසාම ගමේ ප්‍රධාන ආරම්භක නියෝජිතයාට නිකම්ම විශාල මුදල් ප්‍රමාණයක් මාසිකව හිමි වේ. මෙය මේ වනවිට ලංකාවේ සියලු ප්‍රදේශවල වයිරසයක් සේ පැතිරී ඇති අතර බිරින්දෑවරු ගෙදර සිට මුදල් සෙවීමේ ව්‍යාපාරයක් ලෙස ඉතිරි කරගත් මුදල්, කණකර උගස් කෙරූ මුදල්, ඉඩම් වාහන විකුණූ මුදල් MTFE වෙත පුදා ඇත. 2017 සිට මෙමගින් ඩොලර් මිලියන ගණනක විශාල මුදල් ප්‍රමාණයක් සාටක පුත්‍ර සමාගම උපාය ගැනීමට සමත් වී ඇති අතර රාජපක්ෂලා ජයග්‍රහණය කළ අන්තිම මැතිවරණයට ද මෙම මුදල් විශාල පරිමාණයෙන් ආයෝජනය කර ඇත.

    පසුව ගෝඨාභය රාජපක්ෂ එලවූ සැනින් රනිල් වික්‍රමසිංහ නාමමාත්‍රික ජනාධිපති වුව ද මහ සාටකයා සහ පුත්‍ර සමාගම රට පාලනය කිරීමේ දී කාංචන විජේසේකර සමග ලංකාවට ඉන්ධන ගෙන ඒමට මෙම මුදල් විශාල වශයෙන් භාවිතා කර තිබේ. ඉන්ධන බලාගාර සඳහාද ඔවුන් මේ මුදල් ආයෝජනය කොට ඇත. එමගින් මුදල් දෙගුණ තෙගුණ කර ගැනීමට සාටක පුත්‍ර සමාගම සමත් වී ඇති අතර මොවුන්ගේ ව්‍යාපාරික අරමුණු වලට කාංචන විජේසේකර විදුලි බිල පවා වැඩි කර දී ජනතාව දැඩිව පීඩනයකට ලක් කළේ ය.

    MTFE සහ සාටක පුත්‍ර සමාගම සම්බන්ධය කරළියට..​

    MTFE සහ සාටක පුත්‍ර සමාගම අතර සම්බන්ධය කරළියට එන්නේ ලංකාවේ LPL තරඟාවලියේ දී ය. 2018 දී සාටක පුත්‍ර සමාගම LPL තරඟාවලිය ආරම්භ කරන්නේද මෙම MTFE හි පිරමිඩ මුදල් ආයෝජනයෙන් යැයි සැක කෙරෙන අතර පසුගිය කාලයේ ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගෙන නැති බවත් ක්‍රීඩා පනතට අනුව ශ්‍රී ලංකාවේ පවත්වන ඕනෑම ක්‍රීඩා තරඟාවලියක් සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගත යුතු බවත් තමන් දැනට මසකට පමණ පෙර ලිපි දෙකක් මගින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා අවසර ගන්නා ලෙස දැනුම් දී ඇති නමුත් එම කටයුත්ත සිදුවී නැති බවයි. පසුගිය ජූලි 31 දා පැවැති පුවත් හමුවේදී ඔහු ඒ බව ප්‍රකාශ කෙළේ ය.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ 2023 ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අනුග්‍රාහකයකු ලෙස MTFE පිරමිඩ ජාවාරම ප්‍රසිද්ධියේම ප්‍රචලිත කිරීමට සාටක පුත්‍ර සමාගම බිය නැති වීමයි. අපට ලැබී ඇති තොරතුරු අනුව මුදල් ආමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන සාටක පුත්‍ර සමාගම උදෙසා සහයෝගය දක්වා ඇත. නමුත් සමාජ මාධ්‍යයේ එල්ල වූ දැඩි බලපෑම මත සහ ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ දැඩි බලපෑමෙන් මහා බැංකු අධිපතිවරයා පිරමිඩ වංචා හා විමර්ශන ආරම්භ කර තිබේ. නමුත් සුපුරුදු ලෙස මේ වන විට දේශීය බළලුන් පවා රටින් පැන ගොස් ඇති අතර 2023 අගෝස්තු 18 උදෑසන වනවිට සියලු ගිණුම් හිමියන්ගේ ගිණුම් ඍණ බවට පත්කොට සාටක පුත්‍ර සමාගම නොදන්නවා සේ සුවසේ සුපුරුදු ලෙස ජීවත් වේ.

    MTFE ක්‍රියාත්මක වූ අන්දමට සාටක පුත්‍ර සමාගම නිර්දෝෂී වනු ඇති අතර කිසිවෙකුට මෙය නීතිය ඉදිරියේ ඔවුන්ගේ දේශපාලන බලය තුල ඔප්පු කළ හැකි කරුණක් නොවනු ඇත. නමුත් එල්පීඑල් සඳහා MTFE නමින් අනුග්‍රහය දැක්වූයේ කව්ද? ඒ පසුපස සිටියේ කව්ද? ආදිය සොයා බැලීමෙන් මේ මහා වංචාවේ මොළකරුවන් අල්ලා ගනු හැකිවනු ඇත.

    ලංකාවේ ගිණුම් ලක්ෂ තිස් හතරක්..​

    මෙපමණ දුරකට හෝ මහබැංකුව ක්‍රියාත්මක වුයේ සාටක පුත්‍ර සමාගමේ එළැඹෙන ජනාධිපතිවරණයේදී සාටක පුත්‍රයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී මෙම විශාල මුදල් කන්ද ඔහු වෙනුවෙන් භාවිතා කොට රනිල් වික්‍රමසිංහට තර්ජනයක් වනු ඇති බැවින් සාගල රත්නායකගේ මෙහෙයුමකින් කළ බලපෑමක් මතය. නමුත් ඔවුන් MTFE ආයෝජකයින්ගේ ගිණුම් ඍණ කරන විට ඔවුන් සතුව ලංකාවේ ගිණුම් ලක්ෂ තිස් හතරක් සහ විදේශීය ගිණුම් ලක්ෂ හතකට අධික ප්‍රමාණයක් තිබු අතර එම මුදලේ වටිනාකම ඩොලර් බිලියනයක් වේ. ලංකාවේ මුදලින් අද දින වටිනාකම රුපියල් බිලියන 325 කි. රුපියල් බිලියන 325 න් 80% ක් ම ලංකාවේ මුදල් වන අතර එහි වටිනාකම රුපියල් බිලියන 260 ක් පමණ ය. අහිංසක මිනිසුන් ගොවිතැනෙන් හම්බ කළ මුදල්, දරුවන් වෙනුවෙන් හෝ තමන්ගේ අනාගතය වෙනුවෙන් ඉතිරි කළ මුදල්, රුපියල් බිලියන 260 ක් මෙසේ විනාශ වී ඇත. මෙහි විපාක ලෙස නුදුරේදීම සියදිවි නසාගැනීම් මෙන්ම සමාජ ප්‍රශ්නයක් ලෙස මිනිසුන් වීදි බැසීමට පවා හේතු වේ. මේ වන විටත් ඔබ නොදැනුවත්ම ඔබේ පවුලේ අයෙකු හෝ මිතුරෙකු හෝ අනිවාර්යයෙන් මෙහි ගොදුරක් වී ඇත. සමහරුන් පවසන්නේ තමන් මුලින්ම මීට සම්බන්ධ වූ බැවින් දැමූ මුදල් ගත් බවයි. එවැනි ලංකාවේ මෝඩයින්ට නොතේරෙන්නේ කැටයකට දැම්මත් දැමු මුදල් ගත හැකි නොවේද යන්නයි. MTFE මගින් මුදල් විනාශ වූ ඔබ අදම ඔබේ ගමේ සාටක පුත්‍ර සමාගමට එරෙහිව සංවිධානය වන්න. අනතුරුව ජාතික මට්ටමෙන් සංවිධානය වන්න. ඒ හැර ඔබට වෙනත් විසඳුමක් නැත.

    මහා දේශමාමක මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සිටී නම් ජනතාව වෙනුවෙන් හැකිනම් සාටක පුත්‍ර සමාගමේ මෙකී MTFE පිරමීඩ ජාවාරම ගැන ඔබේ හ‍ඬ අවදිකොට පෙන්වන්න.

    -ජනමිත්‍ර​

    අර local cricket league එකෙ national anthem එක විතරක් local media වලින් highlight කරලා ඔය scam sponsor ගැන කිසිම දෙයක් නොකියා ඉද්දි අපි නම් දැන ගත්තා ඕක අයිති politician කෙනෙක්ටම තමයි කියලා.
     

    saman.kumara333

    Well-known member
  • May 2, 2018
    914
    605
    93
    Owa promote karapu YouTube karayontat action ganna ona ara ruma vlog wage. YouTube karayo thama dawasaka meka nathima karanne salli walata hama reddakma market karanna gihin. Pawu munwa wishwasa karana ahinsaka minissu. Ape untat hoda wade nikan indan salli hoyanna yanawata