MOKAKDA BAN ME SEEN EKA, UBALATA THERENAWADA???
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (21) දින සිදු වූ විභාගයකදී, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ දහතුනකට අධික මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි යුවළක් ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කර තිබේ.
සුමිත් සම්පත් කුලරත්න සහ නිලුෂි අනුරාධා යන යුවළ වෙත එල්ල වී ඇති චෝදනාවට අදාළ රුපියල් ලක්ෂ 13ක මුදල නැවත ගෙවීමට ඔවුන් එකඟ වීමත් සමඟ, රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අධිකරණය තීරණය කර ඇත.
කොළඹ දූෂණ වංචා විමර්ශන ඒකකයේ සැරයන් කපුගේ (5525) විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී අනාවරණය කළේ, සැකකරුගේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් 38,000ක් පමණක් තිබියදී, 2024 අප්‍රේල් 19 වන දින විවිධ අවස්ථාවන්හිදී රුපියල් ලක්ෂ 13කට අධික මුදලක් වෙනත් බැංකු තුනක ගිණුම් වෙත මාර්ගගත ක්‍රමයෙන් හුවමාරු කර ඇති බවයි.
විමර්ශන වාර්තා අනුව, මෙම මුදල් හුවමාරු සිදු කර ඇති බැංකු ගිණුම් තුනෙන් දෙකක් සැකකරු සුමිත් සම්පත් කුලරත්න සතු වන අතර, අනෙක් ගිණුම සැකකාරිය වන නිලුෂි අනුරාධා සතු වේ.
පොලිස් වාර්තා වලට අනුව, සැකකරුගේ ගිණුම් වෙත අවස්ථා දෙකකදී රුපියල් 76,000ක මුදලක් බැර වී ඇති අතර, තවත් අවස්ථා 27කදී රුපියල් 10,26,000ක මුදලක් වෙනත් ගිණුමකට බැර වී ඇත. සැකකරු මෙම සියලු මුදල් එම දිනයේදීම ආපසු ලබාගෙන ඇති බව විමර්ශන වාර්තා වලින් තහවුරු වී තිබේ.
සැකකාරිය වන නිලුෂි අනුරාධාගේ ගිණුමට අවස්ථා හතකදී රුපියල් 2,66,000ක මුදලක් බැර වී ඇති අතර, ඇය එම මුදලින් රුපියල් 2,35,040ක් එදිනම ආපසු ලබාගෙන ඇත. සැකකාරිය පවසා ඇත්තේ තමා සැකකරු සමඟ වසර පහක පමණ කාලයක සිට හඳුනන බවත්, ඔහුගෙන් ලබාගත් රුපියල් 54,000ක ණය මුදලට හිලව් ලෙස මෙම රුපියල් 2,66,000ක මුදල බැර කර ඇති බවත්ය. කෙසේ වෙතත්, මෙම ණය ගනුදෙනුව සනාථ කිරීම සඳහා කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඇය අසමත් වී තිබේ.
නඩු විභාගයේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයින් නඩුවට පාදක වූ සියලු මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත ආපසු ගෙවීමට එකඟ වන බව ප්‍රකාශ කර සිටියහ. මෙම පොරොන්දුව සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරිය සැකකාර යුවළ ඇප මත මුදා හැරීමට තීරණය කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දූෂණ වංචා විමර්ශන ඒකකය විසින් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, බැංකුවේ මාර්ගගත මුදල් හුවමාරු පද්ධතියේ ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය මෙම සිද්ධිය මගින් පෙන්නුම් කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (21) දින සිදු වූ විභාගයකදී, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ දහතුනකට අධික මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට ලක්ව සිටි යුවළක් ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කර තිබේ.
සුමිත් සම්පත් කුලරත්න සහ නිලුෂි අනුරාධා යන යුවළ වෙත එල්ල වී ඇති චෝදනාවට අදාළ රුපියල් ලක්ෂ 13ක මුදල නැවත ගෙවීමට ඔවුන් එකඟ වීමත් සමඟ, රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමට අධිකරණය තීරණය කර ඇත.
කොළඹ දූෂණ වංචා විමර්ශන ඒකකයේ සැරයන් කපුගේ (5525) විසින් අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී අනාවරණය කළේ, සැකකරුගේ බැංකු ගිණුමේ ශේෂය රුපියල් 38,000ක් පමණක් තිබියදී, 2024 අප්‍රේල් 19 වන දින විවිධ අවස්ථාවන්හිදී රුපියල් ලක්ෂ 13කට අධික මුදලක් වෙනත් බැංකු තුනක ගිණුම් වෙත මාර්ගගත ක්‍රමයෙන් හුවමාරු කර ඇති බවයි.
විමර්ශන වාර්තා අනුව, මෙම මුදල් හුවමාරු සිදු කර ඇති බැංකු ගිණුම් තුනෙන් දෙකක් සැකකරු සුමිත් සම්පත් කුලරත්න සතු වන අතර, අනෙක් ගිණුම සැකකාරිය වන නිලුෂි අනුරාධා සතු වේ.
විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් වන්නේ මෙම මුදල් හුවමාරු සිදු වී ඇත්තේ බැංකුවේ මාර්ගගත මුදල් හුවමාරු පද්ධතිය අක්‍රීයව පැවති අවස්ථාවක වීමයි.පොලිස් වාර්තා වලට අනුව, සැකකරුගේ ගිණුම් වෙත අවස්ථා දෙකකදී රුපියල් 76,000ක මුදලක් බැර වී ඇති අතර, තවත් අවස්ථා 27කදී රුපියල් 10,26,000ක මුදලක් වෙනත් ගිණුමකට බැර වී ඇත. සැකකරු මෙම සියලු මුදල් එම දිනයේදීම ආපසු ලබාගෙන ඇති බව විමර්ශන වාර්තා වලින් තහවුරු වී තිබේ.