Online Bookshop එකක් දාන්න අදහසක් ආවා. කොහොමද කරන්නේ?

geeko

Well-known member
  • Mar 18, 2013
    6,625
    3,548
    113
    Online Bookshop එකක් දාන්න අදහසක් ආවා. මට තියෙන ප්‍රශ්නේ කියවන පොත් (අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය නෙමේ. නවකතා, පරිවර්තන, මනෝ විද්‍යා පොත් වගේ ඒවා) අඩුවට ගන්නෙ කොහෙන්ද? ඒවා පොතේ ගහලා තියෙන මිලට වඩා වැඩි මිලකට විකුනන්න බෑනේ. එතකොට සාමන්‍ය කඩේකින් අරගෙන විකුනන්න බෑනේ. ඒ නිසා තොග මිළට අඩුවට ගන්නේ කොහෙන්ද. පොත් කඩ කරන අය කොහොමද කරන්නේ
     
    • Like
    Reactions: emoji diaries

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,625
    3,548
    113
    පොත් ප්‍රකාශකයොන්ගෙන් ලොකු ප්‍රමාණයක් අරන් කරන්ඩ ඕනි ඇත්තෙ නේ..ඩෙලිවරි ගානත් එක්ක ලාබයක් තියේද මන්ද.
    මන් හිතන්නේ නෑ වෙන විදිහක් ඇති. සුළු පරිමාණයෙන් කරන අය ඉන්නවනේ එක පොතකින් ගොඩක් අරගෙන කරන්න බෑ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,342
    32,359
    113
    Homagama
    Online Bookshop එකක් දාන්න අදහසක් ආවා. මට තියෙන ප්‍රශ්නේ කියවන පොත් (අභ්‍යාස පොත්, ලිපි ද්‍රව්‍ය නෙමේ. නවකතා, පරිවර්තන, මනෝ විද්‍යා පොත් වගේ ඒවා) අඩුවට ගන්නෙ කොහෙන්ද? ඒවා පොතේ ගහලා තියෙන මිලට වඩා වැඩි මිලකට විකුනන්න බෑනේ. එතකොට සාමන්‍ය කඩේකින් අරගෙන විකුනන්න බෑනේ. ඒ නිසා තොග මිළට අඩුවට ගන්නේ කොහෙන්ද. පොත් කඩ කරන අය කොහොමද කරන්නේ
    මචං දැන්ඒ මාකට් එක හොදටම පිරිලා බං. ග්‍රන්ථ ⁣kbooks සරසවි ඇරුනාම බුකියේ නානාප්‍රකාර onlinebookshops පිරිලා. හැම ප්‍රසිද්ධ ප්‍රකාශකයෙක්ම සයිට් අලුත් කරනව. උබට තරගේ වැඩියි.

    රාමුවෙන් පිට වැඩක් හිතපං. Ebooks විකුන්න හරි, යුස්ඩ් සෙකනඩ්හැන්ඩ් විකුන්න වගේ.
     
    • Like
    Reactions: geeko

    geeko

    Well-known member
  • Mar 18, 2013
    6,625
    3,548
    113
    මචං දැන්ඒ මාකට් එක හොදටම පිරිලා බං. ග්‍රන්ථ ⁣kbooks සරසවි ඇරුනාම බුකියේ නානාප්‍රකාර onlinebookshops පිරිලා. හැම ප්‍රසිද්ධ ප්‍රකාශකයෙක්ම සයිට් අලුත් කරනව. උබට තරගේ වැඩියි.

    රාමුවෙන් පිට වැඩක් හිතපං. Ebooks විකුන්න හරි, යුස්ඩ් සෙකනඩ්හැන්ඩ් විකුන්න වගේ.
    ඔව් එකත් ඇත්ත තමයි. හැබැයි මචන් මාත් දවසක් ඔය වගේ ෆෙස්බුක් එකේ තිබ්බ online bookshop එකකට 10000 ක විතර පොත් ගන්න මැසේජ් කලා. මැසේජ් වලට රිප්ලයි එකක් එවන්න සෑහෙන්න කාලයක් ගියා.කලෙකට පස්සේ රිප්ලයි එකක් දාලා කියනවා මන් ඔර්ඩර් කරපු සමහර පොත් නෑලූ. ඊට පස්සෙ මන් ඇහුවා තියෙන පොත් ටික දවස් දෙක තුනකින් එවන්න පුලුවන්ද කියලා ඒකටත් සතියකට පස්සේ රිප්ලයි කරලා කියනවා ඔයාට හදිස්සි නම් වෙන තැනකින් ගන්නලු.

    ලංකාවේ ව‍යාපාර කරන අය කොච්චර හිටියත් ඒ ඉන්න තරමටම තරඟයක් නෑ.මොකද ඔය වගේ තමයි ගොඩක් උන් බිස්නස් කරන්නේ.බිස්නස් කලාට මනුස්සයෙක්ට කතා කරන හැටි වත් දන්නේ නෑ.කස්ටමර් කෙයා බින්දුවයි. ලංකාව වගේ රටක තරඟකාරීත්වය තීරණය කරන්න අමාරුයි තියෙන කඩ ප්‍රමාණය අනුව.කඩ කීයක් තිබ්බත් හරියට කරන එකාට තරඟයක් නෑ ගොඩක් උන් හරියට කරන්නේ නැති නිසා. හැබැයි උඹ කියන කතාව ඇත්ත මොකද සරසවි වගේ ලොකු Bookshop හරියට වැඩේ කරනවා
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,726
    19,859
    113
    උබ ඕක කරනව නම් පොත් වල කන්ටෙන්ට් පේජ් එකයි, තව ඉන්සයිඩ් පේජස් කීපයකුයි බලන්න පුලුවන් විදියට හදපන් . ලන්කාවෙ එක සයිට් කකවත් නැහැ එහෙම. උන් හිතන්නෙ අපි අන්ජනම් කාරයෝ කියලා . නිකන් කවර් පින්තූරෙයි මිලයි දාලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Aki992

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,342
    32,359
    113
    Homagama
    ඔව් එකත් ඇත්ත තමයි. හැබැයි මචන් මාත් දවසක් ඔය වගේ ෆෙස්බුක් එකේ තිබ්බ online bookshop එකකට 10000 ක විතර පොත් ගන්න මැසේජ් කලා. මැසේජ් වලට රිප්ලයි එකක් එවන්න සෑහෙන්න කාලයක් ගියා.කලෙකට පස්සේ රිප්ලයි එකක් දාලා කියනවා මන් ඔර්ඩර් කරපු සමහර පොත් නෑලූ. ඊට පස්සෙ මන් ඇහුවා තියෙන පොත් ටික දවස් දෙක තුනකින් එවන්න පුලුවන්ද කියලා ඒකටත් සතියකට පස්සේ රිප්ලයි කරලා කියනවා ඔයාට හදිස්සි නම් වෙන තැනකින් ගන්නලු.

    ලංකාවේ ව‍යාපාර කරන අය කොච්චර හිටියත් ඒ ඉන්න තරමටම තරඟයක් නෑ.මොකද ඔය වගේ තමයි ගොඩක් උන් බිස්නස් කරන්නේ.බිස්නස් කලාට මනුස්සයෙක්ට කතා කරන හැටි වත් දන්නේ නෑ.කස්ටමර් කෙයා බින්දුවයි. ලංකාව වගේ රටක තරඟකාරීත්වය තීරණය කරන්න අමාරුයි තියෙන කඩ ප්‍රමාණය අනුව.කඩ කීයක් තිබ්බත් හරියට කරන එකාට තරඟයක් නෑ ගොඩක් උන් හරියට කරන්නේ නැති නිසා. හැබැයි උඹ කියන කතාව ඇත්ත මොකද සරසවි වගේ ලොකු Bookshop හරියට වැඩේ කරනවා

    පොත් කියන්නෙ රික්ස් එක අඩුම රිටන් අඩුම බිස්නස් එකක්. මොකද බං පොත පොතම නිසා.
    නමුත් ඔය ⁣ තොග නැති කතාව නම් ඇත්ත බං. මාරම අමාරුයි ⁣දුවන්නැති පොතක තොග හොයන්න. රිප්‍රින්ට් කරන්නත් බැ අඩු කොන්ටිටි එකක්. අනික මුලින්ම පටන් ගන්න නිසා උබට ඩිස්කවුන්ට් අඩුයි. පබ්ලිෂර් කෙනෙක් විදිහට ඩිස්කවන්ට් එකත් නැ. කුරියර් ඩිස්කවුටුත් අඩුයි. ලොට් එද්දි නම් ඒවා හැදෙනවා.

    ඉතා වැදගත්ම දේ තමා පොත්වල ගාන. ඉතා වැඩි වෙනවා ඉතා ඉක්මනින්. 1000ට අඩුවෙන් පොත් නැති තරම් වෙනවා. බලපං මේ පකේ පබ්ලිෂර්ස්ලා (මියු## ලා තමා මේක ජරාවටම කරන්නේ) මේ නවකතා පවා 1500ට යවනවා. මාකට් එක අනවශය ලෙස අප් කරනවා. මේකත් හොදටම කන්සිඩර් කරපං.

    ඇදගෙන යන්න පුලුවන් නම් කට්ට කන්න පුලුවන්නම් හා යට කරන්න සල්ලිත් තියනවානම් කරපං. දන්න හැමදේම කියලා බොක්කෙන්ම සප දෙන්නම්.

    මම උබට කියන්නේ මේ ෆිල්ඩ් එකෙම අලුත් දෙයකට පලයං කියලා. උබට පුලුවන්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,609
    4,577
    113
    ලංකාවේ තරගකරන්න දාහක් හිරියට වැඩක් හරියට කරන්න දහයක් වත් හොයාගන්න බෑ ඕවට මුලින් ඇවිල්ල හොදට කලාට පස්සේ පස්සේ අර පරණ ගොඩටම සෙට් වෙනවා .හරියට හොදට කරනවානම් තරග කරන්න දාහක් හිටියට වැඩේ ගොඩ දාගන්න මහ ලොකු දෙයක් නෙවෙයි
     
    • Like
    Reactions: Aki992